ආදරය කියන කාරණාව බහුලවම මේ වෙද්දී තරුණ සමාජයම පරාජය වෙන කාරණාවක්.ඇත්තටම බැරිද අපිට අපි කැමති කෙනෙක්ව ආකර්ෂණය කරගන්න.
( සිනාසෙමින් ) පුතා ඇත්තටම හොඳ ප්‍රශ්නයක් යැයි කියමින් ඔහුගේ ජංගම දුරකතනයෙන් කවුරුන් හෝ කෙනෙකුට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය. තත්ත්පර කිහිපයකින් දුරකතන ඇමතුමේන් මිහිරි කාන්තා හඩක් ඇසෙන්නට විය.
ඇගේ කතාව ඔබත් ඇසීමටම වටී. ඈට අප ගැන පවසා ඇගේ අන්‍යතාව හෙළි නොකර ඇගේ කතාව පවසන්නට කීවේය.
මිහිරි කටහඬ හිමි තැනැත්තිය කතාව ඇරඹුණි. ඇගේ සැමියා, ඈ සහ ඇගේ පුංචි දරුවා අතැර වෙන කාන්තාවක් හා නික්මී ඇත. ඔහු ඈ අතැර දමා යන විට ඈ සතුව තිබී ඇත්තේ අඩක් නිමා කළ නිවසක් සහ වටිනාකමින් අඩු මුදල් නෝට්ටු කිහිපයක් පමණී. නමුත් ඈ පැවසූ පරිදී ඈ සිය ස්වාමිපුරුෂයා අමතා ඔහුට ඒ කාන්තාව සමඟ ආදරෙන් සිටීමට සුබ පතා යම් දිනෙක ඔහුට ඇගේ හා දරුවාගේ සෙනෙහස අවැසි දිනෙක නැවත පැමිණෙන්නටත් ඔහු එන විට නිවස සම්පූර්ණයෙන්ම සාදා නිම කරන බවටත් ඈ පවසා තිබුණි. විශ්මයට කරුණකී, ඈ වසර පහකට පසු සිය සැමියා පැමිණෙන විට නිවස සාදා නිම කර තිබුණි. ඉඩමක් ඇගේ නමින් මිලට ගෙන තිබුණී.ඇගේ සිහින වාහනය ඇගේ ම වාහනය කරගෙන තිබුණි. මේ වන විට ඇගේ මාසික ආදායම මිලියන තුනකට වඩා වැඩි වී තිබිණි. ඈ සිය සැමියා සමඟ ආගමික දේවස්ථානයට යෑමට සැරසෙන බව කියූ ඇය පැවසූ ඔබටත් මටත් වැදගත් ම කාරණාව නම් “සර් මං සර් කිව්වා වගේ ම මට ආදරය කරන්න ගත්තා. දැන් මට ඕනි හැමදේම මං ළඟටම එනවා.”
පුතා දැන් ඔබට පිළිතුර ලැබුණා ද… තවත් කෙනෙක් ආකර්ෂණය කරගන්නට පෙර ඔබ ඔබට ආදරය කළ යුතුමයි. ඔබ ඔබේ වටිනාකම වැඩි කරගත යුතුමයි. ඔබේ ජීවිතේ නරක ම කාර්තුවේදී ජීවිතේ හොඳම දෙයක් පටන් ගන්න. ඔබට අවධානය දෙන්න, ඔබ කරුණාවන්ත සිතක්, මෛත්‍රී සහගත සිතක් නිර්මාණය කරගන්නාසේම ඔහුට ද මෙත් වැඩිය යුතුමයි. ඔබ දිනන්න. ඔහුගේ හෝ ඇයගේ වටිනාකම ඔබගෙ වටිනාකමට සෑහේ නම් ඔවුන් ඔබ හා ජීවත් වීමට තරම් වාසනාවන්ත නම් ඔවුන් ම ඔබව සොයා ගෙන ඒවී.
ඔබ බය නැතිව දේවල්, පුද්ගලයින් අත් හරින්න, ඔබ ඔබේ ගමන යන්න.කිසිම මොහොතක කිසිවෙක් ගැන සුබ සිතුවිලි, කාරුණික සිතක් නිර්මාණය ඉතිරි කරගන්නවා විනා වෛරී සහගත සිතක්, මතකයක් ඔබ තුළ ඉතිරි කර නොගන්න. මක් නිසාද යත් සංසාර ගමන හරි ම දීර්ඝයි.ඇලෙන්න යනතරමට භවය තවත් දිගු වෙනවා.සැබැවින් ම බදාගෙන අල්ලගෙන සිටිනවාට වඩා නිදහස දී අත් හැරීම බොහෝ ප්‍රබල ආකර්ෂණ ක්‍රමයක්.
නිරෝගීකම උතුම්ම ලාභයයි. නිරෝගීමත් භාවය මේ හරහා උදාකරගන්නේ කෙසේ ද..?
අසනීපයක් ගැන සිතීමෙන් ඊට අදාළ වුණ රසායන අප තුළ නිර්මාණය වීම ආරම්භ වෙනවා.එවිට ඒ හරහා ඍණාත්මක ශක්තීන් වැඩි වශයෙන් නිර්මාණය වෙනවා. නාඩි හැත්තෑ දෙදහක් තිෙයනවා. ඒවාගේ ප්‍රධාන සංධිස්ථාන තමා වක්‍ර හත කියන්නේ. හොඳ නින්දක දී විශ්ව ශක්තිය අපි හොඳින් ලබා ගන්නවා. නමුත් අසනීපවෙලා අපි ඒ ගැනම කනස්සල්ලෙන් සිටියදී ඒ සියල්ල අවහිර වෙනවා. නොදැනීම ධනාත්මක ශක්තීන් හීන වී යනවා. අසනීපයක් සුවකිරීමට හොඳම අයවලුන් තමා වෛද්‍යවරුන්.අපට අසනීපයක් වු විට නිවැරැදි වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන් ම පිළිපැදිය යුතුවෙනවා. ඒ අතර ම අප නිතරම ඒ ඖෂධවලින් තමන් සුවපත් වෙන බවට තදින් ම විශ්වාස කළ යුතු වෙනවා. ඔබත් අත්විඳලා ඇති බොහො දෙනා දක්ෂයි ලෙසට අනුමත කරන වෛද්‍යවරයෙකුගෙන් ඖෂධයක් ලෙසට පානීය ජලය ලැබූවද සුවපත් භාවයට රෝගියා පත්වෙනවා. ඉතින් ඒ තමා තමන්ගේ ධනාත්මක මනස, තමාගේ විශ්වාසයේ ශක්තිය. මක් නිසා ද යත් ඒ හරහා තමන් සුවපත් වෙන බව ඔහු තදින් ම විශ්වාස කළ නිසයි.
මගේ පිළිතුර නම් අසනීප වූ විට අසනීපය ගැන කනස්සල්ලෙන් නොසිට සුවපත් භාවය ඔබ වෙතට නිතැතින් ම ළඟා වෙන බවට විශ්වාස කරමින් අවශ්‍ය වෛද්‍ය උපදෙස් පිළිපදින්න. නිදසුනක් විදිහට ඔබට රුපියක් කෝටියක් අවශ්‍යයි ලියා සිතින් මවා ගනිමින් සිටියා කියා ඔබට එය කිසිදාක ලැබෙන්නෙ නැත. ඔබ එළියට විත් ඒ උදෙසා වැඩ කළ යුතුමයි. ප්රාතිහාර්ය සිදු වෙනවා. නමුත් ඒ ප්රාතිහාර්ය ළගා වෙන්නේ අපි ඒ වෙනුවෙන් උනන්දු නම් පමණමයි. මේකට හරි ලස්සන කියමනක් තියනවා
” ඔබ ඔබට අයිති දේ හරියටම කරන්න. එවිට විශ්වය, දෙවියන් ඔහුට අයිති දේ අනිවාර්යයෙන් ම කරාවී.”
රහසේ සරලම ගැඹුරු ම තැන කෙටියෙන් පහදාදෙන්න.
ඔබ දෙන තරමට ඔබට ලැබේවී.දැන් හිතන්න ඔබ ළඟ රුපියල් පන්දහසේ නෝට්ටු කොළයක් සතුයි. ඔබ දකිනවා ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙන පුද්ගලයෙක්. ඔහුට ඔහුගේ ගැටලුව නිරාකරණයට ඔබේ පන්දහස ලබා දුන්නත් ප්‍රමාණවත් නොවන. ඔබ ඒ පන්දහස ඔහුට ලබා දෙනවා. එවිට එතැන ක්‍රියාත්මක වෙනවා රික්තක නීතිය. ඔබ දෙන්නේ ඔබට දෙන්නට තියන නිසා, ඔබට මුදල් ලැබෙන බවට තියන විශ්වාසය නිසා.නමුත් ඔබ තුළ හිඟ කමක් වේ නම් ඔබ හිතන්නෙ ඒ මුදල ඔහුට දීලා මට මදි වේයි යන සිතුවිල්ල. ඒ තැනදී හිගකම පිළිබඳ හැගීම ඔබ තුළ නිර්මාණය වෙනවා. නුවණින් විමසා බලන්න.
දන් දෙන තරමට ඔබට ලැබෙන්නේ. දන් දුන්නා කියලා විනාශ වෙලා අගතියට ඔඅත් වුන කෙනෙක් නෑ. ඔබ දැකලා ඇති කෝටි ගණනින් දන් දෙන අය. ඔවුන් එසේ දන් දුන්නා කියා ඔවුන්ට ඒ දේ නැති වෙනවද නැත්නම් තව තවත් එවැනි දන් පිං වඩන්න අවශ්‍ය පසුබිම හැදෙනවාද. ඔබ ම සිතා බලන්න. අපේ සිතුවිල්ලෙන්මයි අපි අපිව නිර්මාණය කරගන්නේ.
TEXT – ගවේශා ලොකුසූරිය
