Saturday, December 20, 2025
Epaper
Home ජ්‍යෙතිෂයදෙසැ.15 සිට දෙසැ. 2 1 දක්වා

දෙසැ.15 සිට දෙසැ. 2 1 දක්වා

by Shanaka Lakehouse

මේෂ

අතමිට මුදල් ලබන අතර සිකුරුගේ බලපෑමෙන් අධික වියදම් මතු වේ. ව්‍යාපාරවල මුදල් හිරවීමක් මතු කරයි. රැකියාවේ පීඩාකාරී ගති හා වැඩ අධිකය. මුදල් ගනුදෙනු කිරීමේදී ඉතා පරිස්සම් වන්න. ගෘහ ජීවිතයේ මිශ්‍ර ප්‍රතිඵල ලබන අතර තරමක් හිතුවක්කාර ගති ඉස්මතු වේ.

වෘෂභ

මුදල් අපහසුතා නිසා ණයවීම් හා ණයදීම්වලදී ඉතා සැලකිලිමත් වන්න. මුදල් විනාශ වන යෝග අැත. ව්‍යාපාරවල මුදල් හිරවීමක් හෝ බාධාවක් මතු වේ. මිලදී ගැනීම්, විකිණීම්වලින් පාඩු මතු වේ. රැකියාවේ සුදුසු තැන ලැබීමට බාධා ඇතිවේ. ගෘහයේ සුබඵල ඇති වේ. විවාහය පිළිබඳ බුද්ධිමත්ව තීරණ ගත යුතුය.

මිථුන

රැකියාවේ අන් අය සමඟ සමගියෙන් වැඩ කළ යුතු වේ. ව්‍යාපාරවලදී බුද්ධිමත් තීරණගත යුතු වේ. දේපළ පිළිබඳ කටයුතුවලදී පරිස්සම්වන්න. තම කාර්ය බහුලත්වය නිසා ගෙදර ප්‍රශ්න මතු වේ. පිටරට සිටින අයට පවුල මඟහැරෙන යෝග ඇත. ඉවසීමෙන් කාලය ගත කරන්න.

කටක

අතට මුදලක් ලැබෙන කාලයකි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් ලැබිය යුතු සතියකි. රැකියාවේ කලකිරිම් මතු වේ. නමුත් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. මුදල් ගනුදෙනුවලදී නීති ප්‍රශ්න ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. හදිසි විවාහ මංගල යෝග එයි. තරගවිභාගවලදී වඩාත් පරෙස්සම් වන්න. බාධා මතු වේ.

සිංහ

ධනය ලැබීම් ඇත. වියදම පරෙස්සමෙන් කළ යුතුය. විනෝද ගමන් බිමන් හා ප්‍රීතිමත් උත්සවයන්ට වැඩි වියදම් යෙදේ. තමා අත ඇති මුදල් වියදම් කිරීමේදී පරෙස්සම් වන්න. බ්‍රෝකර් වැඩ කරන අයට සුබ වේ. ගෙදර තත්ත්වය නිසා මානසික පීඩා හා කරදර එයි. විවාහ කටයුතුවලට සුබ වේ.

කන්‍යා

රැකියාවේ උසස්වීමක් ලැබේ. ව්‍යාපාරවල දියුණුව මතු වේ. ආර්ථික ප්‍රශ්න සහ වියදම සම්බන්ධයෙන් සිතන්න. තමා සතු යමක් විකිණීමට සුබ කාලයකි. ගෘහයේ කාර්යබහුල වීම නිසා මානසික පීඩා ඇති වේ. ඉන් ඉවසීම අඩු වී නුරුස්සන ගතිය ඇති වේ. ඉවසීමෙන් වැඩ කරන්න.

තුලා

හදිසි මුදල් වියදම් ඇති වේ. රැකියාවේ වැඩ අධික වීම නිසා උසස්වීම්වලට බාධා මතු වේ. හදිසි රැකියා ව්‍යාපාරවල වෙනස්කම් මතු වේ. ව්‍යාපාරවල මුදල් හිරවීම්වලට ද යෝග ඇත. තම වගකීම්, යුතුකම් නිසි ලෙස ඉටුකරගත හැකි සතියකි. විවාහ යෝග ඉතා කල්පනාකාරීව කළයුතුයි. මතක ශක්තිය වර්ධනයට බොහෝ උත්සාහවන්ත විය යුතුයි. අධ්‍යාපනයට බාධා ඇත.

වෘශ්චික

වියදම තරමක් අඩු කරගත යුතු වේ. රැකියාවේ දියුණුව ඇත. නමුත් තරමක් කාර්යබහුලය. මුදල් සම්බන්ධ ගනුදෙනු ඉතා කල්පනාවෙන් කළ යුතු වේ. දේපළ හා වාහන අලුත්වැඩියාව හා මිලදී ගැනීම් ඇති වේ. ගෙදර අය සමඟ සාමය, ආදරය වර්ධනය වේ. පෙර තිබූ මානසික ගැටලු සමනය වන යෝග ඇත.

ධනු

ව්‍යාපාර දියුණු කර ගැනීමට නව අදහස් මතුවන කාලයකි. පිනට දහමට ළැදි වේ. ගෙදර දොර අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන කාලයකි. සෙම් රෝග හා උෂ්ණ රෝග මතුවීමට ඉඩ ඇත. සිතේ හිතුවක්කාර ගති මතුවේ. රාත්‍රී ගමන් බිමන්වලින් පරෙස්සම් වන්න.

මකර

සිතේ සතුට අහිමි වන කාලයකි. ගෙදර දොර කලකිරීම් මතුකරයි. රැකියා ව්‍යාපාරවල ලාභ ප්‍රයෝජන දියුණුව ඇතිවිය හැකියි. උසස් අධ්‍යාපන කටයුතු ආරම්භයට සුබ වේ. ශරීර අපහසුතා, සෙම් ගති මතු වේ. නව ව්‍යාපාර ආරම්භයට සුදුසු කාලයකි.

කුම්භ

මුදල් ලැබීම මෙන්ම වැයවීමට ද යෝග ඇත. පවුල් ජීවිතය සමගිව ගතකළ හැකියි. ලෙඩ රෝග හා හදිසි අනතුරු, තුවාල ඇතිවිය හැකියි. උසස් අධ්‍යාපනයට රටින් පිට ගමන් ඇති වේ. අන් අය ආශ්‍රයේ දී පරෙස්සම් වන්න.

මීන

ව්‍යාපාර දියුණුව අඩු වේ. වැයපස වැඩිකරයි. සේවක ප්‍රශ්න මතුවන කාලයකි. මනසට වධ පීඩා මෙන්ම හිතේ සැනසිම නැතිකරන කාලයකි. හිසේ කැක්කුම්, උෂ්ණ රෝ්ග, සෙම් රෝග ඇති වේ. අධ්‍යාපනයට තරමක් සුබයි.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?