ප්රිය වචන කතා කරන්න. හැමෝම ප්රිය වෙයි. සිනහ වන්නට බැරි කෙනෙකු වෙළෙඳසලක්් අරින්න එපා. සතුන් පවා ප්රිය වචනයට කැමැතියි.
* ලෝකයා මන්මත් වන ජාති තුනකි. ස්ත්රිය, මත්පැන්, ධනය. මේවායින් මත්වීමෙන් තමාම පිරිහේවි.
* පංච මාතා යනු, රජුගේ භාර්යාව, ගුරුතුමාගේ භාර්යාව, සහෝදරයාගේ භාර්යාව, බිරියගේ මව, තමාගේ මව.
* නොපැරදවිය හැකි සතර, නින්ද, මත්පැන් බීම, ගින්න, කාම සේවනය.
* ධනයට වඩා රාගය බලවත් වස්තුවක් ජීවිතයත් මිනිසාට අගනේය මහල්ලාට තරුණ බිරිය අගනේය.
* නිසරු කරුණු තුන. මුහුදට වහින වැස්සත්, බඩ පිරුණු අයට දෙන ආහාරයත්, දවාලේ පහනත් නිසරු වන්නේය.
දරුවාට මුළු බලයම එකවර නොදෙන්න. නැණවතා තමාගේ බලය කිසිම විටෙක මුලින්ම දරුවාට නොදෙයි.
* මව සමඟමත්, සහෝදරියක් සමඟවත්, දුව සමඟවත් තනිව වාසය අයහපත්ය. දූ දරුවන්ගේ ශක්තිය බලවත් නිසා උගතා වුවද නොමඟට යයි.
* මිනිසාගේ වයස මුහුකුරා ගිය තැන නුවණ වැඩේ. සඳුන් ගස මෝරන තරමටම අරටුව වැඩේ. අගය ද වැඩි වේ.
* හැමතැනම මැණික් නැත. හැම දළකම ගජමුතු නැත. එසේම ලොව හැමතැනම සත්පුරුෂයින් ද නැත.
* අකීකරු සේවකයාත්, කපටි මිත්රයාත්, වුවමනාවට පිහිට නොවන ස්වාමියාත්, අකීකරු බිරියත් නිතර ඇනෙන කටු වැනිය.
* නොබෙදූ ඉඩමක් කෙනකුට උගස් තබා කලට වේලාවට බේරා ගැනීමට අපහසු වී නම්, අනාගතයේ ඔහුට ඉඩම නැතිවෙයි.
