වසර 50ක් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අඛණ්ඩ සේවයක් සිදුකළ ලාල් පෙරේරාගේ චරිතාපදානය ‘ඇසූ පිරූ තැන් පිරි ලාල්’ දොරට වැඩුම සහ උපහාර උලෙළෙ ශාන්ත පීතර විදුහලේ අධ්‍යක්ෂ ගරු රෝහිත රොද්‍රිගෝ පියතුමාගේ ප්‍රධානත්වයෙන් සහ යූ. ඩී. සර්විසස් සංවිධානයෙන් 2025 දෙසැම්බර් මස 18 වැනි දින ප.ව. 3.00ට ශාන්ත පීතර විදුහල් ශාලාවේදී පැවැත්වේ.
ලාල් පෙරේරාගේ 50 වසරක සේවය පිළිබඳ ඇගයීමක් මෙහිදී පැවැත්වෙන අතර ගරු රෝහිත රොද්‍රිගෝ පියතුමා, ශාන්ත පීතර විදුහලේ විශ්‍රාමික ගුරු සංගමයේ උප සභාපති ඇන්තනි පීරිස් ගුරුතුමා, ශාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ජයසිංහ මහතා උත්සව සභාව අමතනු ලබයි.
