ශරීර සෞඛ්‍යයට හිතකර තෙල් වර්ගවලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන. ස්වාභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට, මොළයට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ.
1. ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කරයි
වයසට යාමත් සමඟ කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා මෝර තෙල් ඉතාමත්ම ගුණදායකයි. විටමින් Dවලින් ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කරයි. ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග සඳහා පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් මෝර තෙල් උපකාරී වේ. ක්‍රීඩා කරන පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය යෝග්‍යයි.
2. දියවැඩියාව ඇති වීම පාලනය කරයි
මෝර තෙල්වල ඇති විටමින් A මඟින් දියවැඩියාව බොහෝ සෙයින් පාලනය වේ. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කරන්න omega 3 සංඝටකය ඉතා වැදගත්. මෝර තෙල් මඟින් පළමු වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කරයි.
3. හෘදයාබාධ වැලඳීමේ අවදානම අවම කරයි
හෘදයාබාධ ඇති වීම අවම කිරීම සඳහා මෝර තෙල්වල අඩංගු ඔමේගා 3 මේද අම්ලය උපකාරී වේ. ඒ වගේම, කොලෙස්ටරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමට ද රුධිර පීඩනය අඩු කිරීමටද හැකියාව පවතී. එම නිසා, අනෙකුත් තෙල්වලට වඩා මෝර තෙල් ශරීර සෞඛ්‍යයට ගුණදායකය.
අපි දිනපතා භාවිතා කරන ආහාර අතරින් මෝර තෙල් කියන්නේ ශරීර සෞඛ්‍යයට අත්‍යවශ්‍ය ගුණ ගැටලුවක් නැති, ස්වාභාවික වටිනාකමක් ඇති තෙල් වර්ගයකි. හදවතේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමෙන් පටන් ගෙන, අස්ථි ශක්තිමත් කිරීම, දියවැඩියාව පාලනය, සම නීරෝගිව තබා ගැනීම, පියයුරු පිළිකා අවදානම අඩු කිරීම වැනි ගුණ රැසක් මෝර තෙල්වලින් ලැබේ. නවීන ජීවන රටාවක් අතරේ තමන්ගේ සෞඛ්‍යය රැකගන්න ඕනෑම කෙනෙක්ට මෝර තෙල් දෛනිකව භාවිත කරන්න පුළුවන් නම් එය හොඳ පුරුද්දකි.
4. නීරෝගි පෙනුමක් ලබා දෙයි
මෝර තෙල් සමට ධනාත්මක බලපෑමක් ඇති කරයි. මෝර තෙල්වල අඩංගු ඔමේගා 3 ඔබේ සම වියපත් වීමෙන් ඈත් කරනවා විතරක් නොව ඔබව සෞඛ්‍ය සම්පන්න, නීරෝගි පුද්ගලයකු බවටත් පත් කරයි. සමේ විනාශ වුණු සෛලවලට සම ඇතුළතින්ම ප්‍රතිකාර කරන අතර සමේ වියළි භාවය අඩු කරයි. සුළු තුවාල මෙන්ම පිලිස්සුම් තුවාල සුව කරයි. වයසත් සමඟ අපිට ඇතිවෙන ලෙඩ රෝග රැසකට පිළියමක් ලෙස මෝර තෙල් භාවිතයට ගත හැකියි.
5. පියයුරු පිළිකා මර්දනය කරයි
මෝර තෙල්වල පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් ඇත. කාන්තාවන්ට අතිශයින්ම වැදගත් තෙල් වර්ගයක් ලෙස මෝර තෙල් නම් කළ හැකියි. තවද පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායකයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස ද මෝර තෙල් යෝග්‍ය වේ.
6. අසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි
වර්තමානයේ දරුවන්ට බහුලව ඇතිවන රෝග තත්ත්වයන් තමයි අසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ. අසාත්මිකතාවය අඩුකර රෝග රැසක් සුව කිරීමේ හැකියාව මෝර ගුලිවල ආතරයිටීස්, සන්ධි සහ මස්පිඬු වේදනා, Frozen shoulder හෙවත් අවබාහුකවලින් EPA and DHA අසාත්මිකතා අඩු කරනු ලැබේ. ඔමේගා 3වලට අමතරව A, D සහ E යන විටමින්වලින් පිරිපුන් ස්වාභාවික මෝර අසාත්මිකතා, ඉදිමුම් වගේම ප්‍රදාහයන් වැනි තත්ත්වයන් මැඬපැවැත්වීමට උපකාර වේ. ඔමේගා 3 මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, එහි අඩංගු විටමින් මඟින් සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට මනා දායකත්වයක් ලබා දේ.
මෝර තෙල් භාවිතයට ගැනීම තුළින් දිගු කාලීන කැස්ස, හුස්ම ගැනීමේ අමාරුව, ඇදුම වැනි ස්වසන රෝග සුව කරනු ලැබේ. එලෙසම ආහාර ජීර්ණ පද්ධතියේ කෑම අරුචිය අඩුකර, උදරයේ අපහසුව අඩු කරයි. මෝර තෙල්, Fish oil, seven seas යනු එකම වර්ගයේ තෙල් වර්ග බව ඇතැමුන්ගේ අදහසයි. නමුත් මේ තුන එකිනෙකට වෙනස් තෙල් වර්ග වේ. මෝර ගුළි භාවිත කිරීමට සුදුසුම ආකාරය වන්නේ ආහාර ගැනීමෙන් පසුවය. මෝර ගුළි මාස කිහිපයක් එක දිගට භාවිත කිරීම සුදුසු නැත. නමුත් වෛද්‍ය උපදෙස් මත දීර්ඝකාලීනව මෙය ලබා ගත හැකිය.
TEXT – සඳුනි මුණසිංහ
