අවශ්‍ය ද්‍රව්‍ය
පීනට් මේස හැඳි 1ක්
කජු මේස හැඳි 1ක්
ඩෙසිකේටඩ්
කොකනට් මේස හැඳි 1ක්
ආමන්ඩ් මේස හැඳි 1ක්
වියළි චෙරි මේස හැඳි 1ක්
පිස්ටාචියෝ
මේස හැඳි 1ක්
ඇට ඉවත් කළ
රටඉඳි 3-4ක්
කිරි කෝප්ප 1 1/2ක්
කරදමුංගු කුඩු
තේ හැඳි 1/4ක්
මීපැණි මේස හැඳි 1ක්
කුඩු කර ගත් ආමන්ඩ්, කජු වැනි නට්ස් ස්වල්පයක්
අයිස් කැට 05-06ක්
පිළියෙල කරගන්නා ආකාරය
පළමුවෙන්ම භාජනයක් ගෙන එයට පීනට්, රටකජු, ආමන්ඩ්, පිස්ටාචියෝ,රේසින්, වියළි චෙරි, රටඉඳි, ඩෙසිකේටඩ් කොකනට් හා කිරි කෝප්ප භාගයක් දමා කලවම් කොට පැය දෙකක් පොඟවා ගන්න. මෙයට කරදමුංගු කුඩු, මී පැණි හා ඉතිරි කිරිටික දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු වීදුරුවක් ගෙන එයට අයිස් කැට දමා පිළියෙල කරගත් මිල්ක්ෂේක් එක මතට කුඩු කර ගත් නට්ස් ඉසින්න.
