Saturday, December 20, 2025
Epaper
Home Recipeවරකා මිල්ක්ෂේක් (Jackfruit milkshake)

වරකා මිල්ක්ෂේක් (Jackfruit milkshake)

by Shanaka Lakehouse

අවශ්‍ය ද්‍රව්‍ය

ඇට ඉවත් කළ වරකා මදුළු කෝප්ප 01ක්

ශීතකළ කිරි කෝප්ප 1 1/2ක්

සීනී හෝ මීපැණි මේස හැඳි 1-2ක්

අ‍යිස් කැට 3-4ක්

වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් – 1ක්

කුඩු කර ගත් එනසාල් ස්වල්පයක්

පිළියෙල කරගන්නා ආකාරය

ඉදුණු කොස් මඳුළුවලින් ඇට ඉවත් කර කුඩා කැබලිවලට කපා ගන්න. ඉන්පසු කොස් කැබලි, සීනි (හෝ මී පැණි) සහ කිරිවලින් අඩක් බ්ලෙන්ඩරයට දමන්න. එය මෙලෙක් වනතුරු බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසුව ඉතිරි කිරි ටික දමා, පෙණ සහිත වනතුරු තවත් තත්පර කිහිපයක් බ්ලෙන්ඩ් කරන්න.

වීදුරුවලට වත් කරන්න. අවශ්‍ය නම් අයිස් කැට හෝ අයිස්ක්‍රීම් ස්කූප් එකක් එකතු කරන්න. කුඩා කොස් කැබලි හෝ එනසාල් කුඩු ස්වල්පයක් ඉස සරසා ගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?