Monday, December 22, 2025
Epaper
Home ගෘහ අලංකරණයනත්තල හැඩකරන අලංකාර සැරසිලි

නත්තල හැඩකරන අලංකාර සැරසිලි

by Shanaka Lakehouse

2025 නත්තල් සමය ශ්‍රී ලංකාවට අලංකරණයෙන් පිරුණු සැමරුමක් පමණක් නොව, මෑතකාලීන දුෂ්කරතා මධ්‍යයේ වුවද බලාපොරොත්තුව, දයාව, ප්‍රජා හැඟීම බෙදා හදා ගැනීම පිළිබඳව මතක් කිරීමක් විය.

අපට නත්තලේ අලංකාරය තව තවත් වැඩි කර ගැනීමට අලංකාර සැරසිලි වර්ග භාවිත කළ හැකිය.

Asymmetrical Wreaths

නත්තල් සැරසිලි ආරම්භ විය යුත්තේ ඔබේ නි‍ෙවසේ ඇතුළුවන දොරටුවෙන්ය. විවිධ කොළ වර්ග සහ ආලෝකයන් එකතු කර නිර්මාණය කරන ලද මෙම මල් වළලු මඟිින් නත්තල අලංකාර කරගත හැකිය.

Oversized paper stars

ළා දුඹුරු හෝ සුදු කඩදාසි භාවිතයෙන් නිමවූ තරු නි‍ෙවසේ දොරටුවේ හෝ ජනේලයේ එල්ලීමට හැකිය. මේවාට ආලෝකය යෙදීමෙන් රාත්‍රියට විශිෂ්ට දීප්තියක් ලබාදෙයි.

Fairy Lights

තිර ජනෙල් හෝ හිස් බිත්ති ආවරණය වන පරිදි සිරස් අතට එල්ලන ලද කුඩා LED විදුලි බුබුළු දහස් ගණනකින් යුත් තිර අලංකරණය මෙම වසරේ අතිශයින් ජනප්‍රිය වේ. ඒවා මුළු කාමරේම උත්සවාශ්‍රීයෙන් පිරි දිදුලන අලංකාරයක් එක් කරයි.

Minature Christmas villages

මෙවර නත්තලේ මේසයක්, රාක්කයක් හෝ අවශ්‍ය ඕනෑම තැනක හිම රූප විදුලි ආලෝක සහිත කුඩා නත්තල් ගම්මාන නිර්මාණය කිරීම ඉතා අලංකාර සැරසිල්ලකි.

Throws and Gift wrapping Decor

සෝපා මත තබා ඇති කොට්ට නත්තල් තේමාවට ගැළපෙන ලෙස යොදාගත හැකිය. ඒ වගේම තෑගි එතීම නත්තලේ කලාවකි. විවිධ රටා සහිත කඩදාසි රිබන් ආදිය යොදාගෙන තෑගි මේසය අලංකාරව තැබීම කළ හැකිය.

මේ උත්සව සමය උදා වී ඇති විට, ඔබ තෝරා ගන්නා ඕනෑම සැරසිලි තේමාවක් හෝ අංගයක් ඔබගේ නි‍ෙවස තුළට බලාපොරොත්තුව සහ සතුට කැඳවාගෙන ඒමකි.

 

TEXT – චතූ වීරසිංහ කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?