ලස්සන සිතුවමක් 3D ක්‍රමයට දකින්න කවුරුත් කැමැතියි. එය තමන්ගේම දෑතින් නිර්මාණය කර ගැනීම තවත් වටිනාකමක් ගෙන දේවි. විස්කම් දෑතේ දස්කම් මවන්න පැමිණි Texture Art වැඩමුළුවේ සාර්ථකත්වයයි මේ.
මෑතකදී පැවැත්වූ අතිසාර්ථක වූ තරුණී වැඩමුළුවක අත්දැකීම ඔබට ගෙන ආවේ තරුණී හා කවදත් ළබැඳි ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී වරුණී උල්විස්හේවා යි.
ඇය අත්කම් හා රෙදි පින්තාරු කලාව පුරා විසිපස් වසරක් තිස්සේ ඔබට ගෙන ආ ළබැඳි සම්පත්දායිකාවකි. එසේම ඇය හා එක්ව මෙම වැඩමුළුව ColourCraft ආයතනය වඩාත් ලස්සනට වර්ණවත් කළේය.
ස්ත්‍රී, පුරුෂ, වයස් භේදයකින් තොරව මෙම අවස්ථාවට සහභාගි වූ පිරිස අතරෙහි සිටි නිර්මාණශීලි අත්කම් ශිල්පීන්, ශිල්පිනියන් වෙනුවෙන් තරුණී අත්කම් පිටුව සරසන්නට අනගි අවස්ථාවක් උදා වීම මෙම වැඩමුළුවේ තවත් විශේෂත්වයකි.
වැඩමුළුව අවසානයේදී ColourCraft ආයතනයේ අධිපතීන්වන අබූෂා රහමන් සහ අෆ්ථාබ් රහමන්, තරුණී ප්‍රධාන කර්තෘ මනෝලි සුබසිංහ යන අය අතින් පැමිණි සියලු දෙනාට වටිනා සහතිකපත් තිළිණ කරන ලදි.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
PIX BY – චින්තක කුමාරසිංහ, රුක්මාල් ගමගේ

