Monday, December 22, 2025
Epaper
Home පුවත්පිටරට ඉන්න කෙනකුට පාර්සලයක් යවන ඔබටයි මේ මඟ පෙන්වීම

පිටරට ඉන්න කෙනකුට පාර්සලයක් යවන ඔබටයි මේ මඟ පෙන්වීම

by Shanaka Lakehouse

විදෙස්ගතව සිටින ඔබේ ඥාතියකුට, හිතවතෙකුට කෑමක්, බිමක්, ඇඳුමක්, පැලඳුමක්, බෙහෙත්හේත් ..වැනි දේවල් මෙරට සිට යැවීමට බලාපොරොත්තුවෙන් සිටීද?

මෙම කර්තව්‍යය සිතූ මනාපයට කළ හැකි දෙයක් නොවේ. ලංකාවට එන යන සියලුම ගුවන්යානා, සියලුම එයාර්ලයින්වල මගීන් සහ භාණ්ඩයන් හැසිරවීම සිදු කරන්නේ ශ්‍රී ලංකා එයාර් ලයින් වෙතිනි.

Airline එකක් තෝරා ගැනීම

කෙනකුට ඕනෑම භාණ්ඩයක් විදෙස් රටකට යැවීමට අවශ්‍ය වූයේ නම් පළමුව කළ යුත්තේ ඒ සඳහා වන එයාර්ලයින් එක හෝ කුරීයර් එක තෝරා ගැනීමයි. ඉන්පසු booking එකක් දමාගත යුතුයි.

Agent කෙනෙක් හෝ කුරියර් සේවාවක් හරහා

සාමාන්‍ය පාරිභෝගිකයෙක් මේ සඳහා අනුගමනය කළ යුතු සරලම ක්‍රමවේදය වන්නේ ඒජන්තවරයෙක් හරහා හෝ කුරියර් සේවාවක් හරහා අදාළ භාණ්ඩ, අදාළ රටේ සිටින, අදාළ පුද්ගලයා වෙත යැවීමයි.

BMICH පරිශ්‍රයේ ද ශ්‍රී ලංකන් කාගෝ වෙතින් යවන භාණ්ඩ භාර දීමට අවස්ථාව තිබේ. එහිදී ඔවුන් අවශ්‍ය Custom approvals ලබා ගැනීම ආදියේ සිට ගුවන්ගත කිරීම දක්වා වූ සියල්ල සිදු කරයි. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අනුමැතිය මතම පමණයි, අපේ රටෙන් පිටතට භාණ්ඩයක් යැවිය හැකිවන්නේ. ශ්‍රී ලංකා රේගුවේ අවසරය ලැබෙන්න නම් ඒ ඒ භාණ්ඩ සඳහා වන අනුමැතියන් අදාළ තැන්වලින් ලබා ගත යුතුයි.

ගුවන් භාණ්ඩයක් ලෙස පිටරටකට යමක් යවද්දී පාරිභෝගිකයා හෝ අදාළ ඒජන්තවරයා ශ්‍රී ලංකා රේගුවේ අනුමැතිය ලබා ගත්තේ නම් එම භාණ්ඩය කාගෝ සේවාව ඔස්සේ අදාළ රටට යැවේ.

අදාළ අවසරයන්

උදාහරණයක් ලෙස අපි හිතමු මොකක්ම හරි ලී භාණ්ඩයක් යවනවා නම් දැව සංස්ථාවේ අවසරය ලබාගත යුතුයි. එහි පෞරාණික වටිනාකමක් ඇත්නම් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතුයි. Custom එකට අදාළ පාර්සලය ගිය විට ඒ ඒ භාණ්ඩ සඳහා වන අවසර පත්‍රයන් තිබිය යුතුයි.

ආනයන භාණ්ඩයක් ලෙස යම් ඖෂධයක් මෙරටට පැමිණියහොත් එය නිදහස් කිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අනුමැතිය තිබිය යුතුයි.

අපි වෙනත් රටකට සාමාන්‍ය ඖෂධ යවන්නේ නම්

ඖෂධ යවන්නේ නම් වෛද්‍යවරයකුගේ prescription එකක් තිබීම ප්‍රමාණවත් වේවි. එවැනි අනුමැතියන් වැඩිපුරම අවශ්‍ය වන්නේ අදාළ රටේදී එම ඖෂධය clear කරගැනීමටයි.

කරවල, හාල්මැස්සන්, උම්බලකඩ වැනි වියළි භාණ්ඩ යවද්දී එවැනි අනුමැතියන් එතරම්ම අවශ්‍ය වන්නේ නෑ. එහෙත් ඇතැම් රටවල්වලට ආහාර පරීක්ෂකවරයාගේ අනුමැතිය අවශ්‍ය වේවී.

නිරෝධායන (Quarantine) සහතිකය

එළවළු, පලතුරු, මල් ආදිය විදෙස් රටවලට යවද්දී නිරෝධායන ආයතනයේ (Quarantine)සහතිකය සමඟින් එහි ඇති දෑ වෙනවෙනම නම්කොට කොපමණ ප්‍රමාණවලින් ඇත්දැයි සඳහන් කළ යුතුයි.

කටුනායක ගුවන්තොටුපළේ භාණ්ඩ පර්යන්තය තුළ මේ සියලු ආයතන තිබෙනවා. විශේෂයෙන්ම ආනයනික දෑ පරීක්ෂා කිරීමට මේ ආයතන ගුවන්තොටුපළ තුළ පිහිටුවා ඇත්තේ.

අපේ රටට පාකිස්ථානයෙන් අඹ ගෙන්වන්න නොහැකියි. එය පාකිස්ථානයෙන් ආනයනය කරන ලද්දක් බව තහවුරු වුවහොත් එහෙම පිටින්ම විනාශ කෙරේ. එහි ඇටයේ මැස්සෙක් සිටින බවත් එවැනි අඹයක් කා දමා ඇටය එළියට දැම්මොත් අපේ රටටත් ඒ මැස්සා බෝ වේවි යැයි සිතා එය සම්පූර්ණයෙන්ම තහනම් කොට තිබේ.

විදෙස් රටකට යවද්දිත් ඒ ඒ රටවලට අදාළ ආනයන සීමාවන් අනුවයි භාණ්ඩ යැවිය හැකිවන්නේ.

බරබැලීම

ගුවන් මඟින් යැවෙන අදාළ භාණ්ඩයේ බර මුලින්ම තමා විසින් මැන ගත යුතුයි. කාගෝ සේවාව වෙතින් පසුව නැවත මැන බැලේ.

Packing

packing එක තමාම කරගත යුතුයි. භාණ්ඩයෙන් භාණ්ඩයට packing එකත් වෙනස් වෙන්න පුළුවන්. බිඳෙන සුළු දෙයක් නම් එය ආරක්ෂා වන පරිදිත්, ඉහළ අතට ඊතල දමා තිබීම, පිසූ කෑමබීම නම් ඊට අවශ්‍ය උෂ්ණත්ව ප්‍රමාණය ආදිය packing එකේ සඳහන් කළ යුතුයි. එය නිරීක්ෂණය කොට අදාළ භාණ්ඩය ලබා ගනියි.

අදාළ පුද්ගලයාට යැවූ භාණ්ඩය ලැබුණා දැයි තහවුරු කරලීම

Digits 11කින් යුතු Airway bill අංකයක් සෑම භාණ්ඩයකටම ලබා දේ. Customer service එක හරහා ඒ භාණ්ඩය දැන් ඇත්තේ කොහෙද, එය යැවෙන ගුවන් යානා අංකය ඒ සියල්ල පරීක්ෂා කරගත හැකිවේ. එම රිසිට්පත ස්කෑන් කර හෝ වෙනයම් ක්‍රමයකින් භාණ්ඩය ලබා ගන්නා තැනැත්තාට ද ලබා දිය යුතුයි.

ශ්‍රීි ලංකා රේගුව මඟින් දැනුම් දී ඇති පරිදි 2025 නොවැම්බර් මස 15 වන දින සිට නව නීති ගණනාවක් දැනුම් දී ඇත.

එම නීති අනුව ඔබගෙ භාණ්ඩ ඇසිරීමට වග බලා ගන්න.

1. සෑම පෙට්ටියකම හෝ පාර්සලයකම, එහි දමා ඇති බඩුවල ලැයිස්තුවක් එම පෙට්ටියට දැමීම අනිවාර්ය වේ.

යැවීමට තහනම් භාණ්ඩ

1.භාවිතා කළ මෙට්ට හා ඇඳන්

2.පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ හා පුටු මේස, මුළුතැන්ගෙයි උපකරණ

3.පාවිච්චි කරන ලද ශීතකරණ

4.පාවිච්චි කරන ලද වායුසමන යන්ත්‍ර (Air conditions)

5.ඉවත දමන ලද TV හෝ ශබ්ද විකාශන (sound system)

6.Medical Items (සෞඛ්‍ය උපකරණ) බෙහෙත් වර්ග

මෙම නීතිරීති නොවැම්බර් මස 15 සිට ක්‍රියාත්මකයි.

මෙම නීති රීති වලට පටහැණිව යවන ඕනෑම භාණ්ඩයක් රේගුව විසින් රඳවා ගනු ලැබේ.

 

TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?