Monday, December 22, 2025
Epaper
Home පුවත්අමලිය පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය දස වසර සමරයි

අමලිය පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය දස වසර සමරයි

by Shanaka Lakehouse

ශ්‍රවණාබාධිත දරුවන්ට කථන හා ශ්‍රවණ අධ්‍යාපන හැකියාවන් ලබා දීම සඳහා පිහිටුවනු ලැබූ අමලිය පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය පසුගියදා සිය 10වැනි සංවත්සරය සමරනු ලැබීය. එසේ සමරනු ලැබුවේ වයස මාස 06 සිට 05 දක්වා ශ්‍රවණාබාධිත දරුවන් සඳහා මූලික මැදිහත්වීම, කථන සංවර්ධනය සහ විශේෂිත පෙර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමී මෙහෙවරෙහි දශකයක විශිෂ්ටත්වයයි.

කොළඹ අමලිය පදනමේදී පැවති මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂඥ ශල්‍ය වෛද්‍ය උගුර, කන, නාසයරිජ්වේ ආර්යා ළමා රෝහලේ , බොරැල්ල මිහිරි රූබසිංහ එක් වූ අතර චෙන්නායිහි බාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි වෛද්‍ය මීරා සුරේෂ් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක්වීය. එසේම විද්‍යාලය හා සම්බන්ධ පවුල් සමාජිකයින්, අධ්‍යාපනඥයින් ඇතුළු සුබ පතන්නන් රැසක් ද මෙම විශේෂ සැමරුම සඳහා එක්ව සිටියහ.

අමලිය පදනමේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ කලා හැකියාවන්ගෙන් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයේදී ශ්‍රවණාබාධිත දරුවන් වෙනුවෙන් මුල් කාලීන සහයෝගයේ වැදගත්කම ඉස්මතු කරමින් වෛද්‍ය සහ අධ්‍යාපනික වෘත්තිකයින් විසින් අදහස් ඉදිරිපත් කරන ලදි.

විවිධ ශ්‍රවණ ක්‍රමවේද භාවිතය තුළින් ශ්‍රවණාබාධිත දරුවන්ට සවන් දීමට සහ කතා කිරීමට උගන්වන ශ්‍රී ලංකාවේ එකම ආයතනය වන්නේ AELC ආයතනයයි.

අමලිය පදනමේ සම නිර්මාතෘ සහ සභාපති අජේ අමලින් මහතා වන අතර මෙහි අධ්‍යක්ෂිකා සහ AELC හි විදුහල්පතිනි නීශා අමලීන් මහත්මියයි.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

PIX BY – ජූඩ් ඩෙන්සිල් පතිණ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?