Monday, December 22, 2025
Epaper
Home පුවත්විවාහ 2026

විවාහ 2026

by Shanaka Lakehouse

Event Media සංවිධානය කරන දුරුතු මහේ මහා මංගල්‍යය 2026 වසරේ ප්‍රථම විවාහ මංගල්‍ය ප්‍රදර්ශනය ලෙසින් ජනවාරි 9,10,11 තෙදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වේ. විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් 150ක් පමණ සම්බන්ධවන මේ ප්‍රදර්ශනයේදී මෙවර සහභාගිවන ඔබට වටිනා අවස්ථාවන් රැසක් තිළිණ කෙරේ.

එනම් නව වසරේ විවාහයට සූදානම් වන ඔබ අතරින් Event Media ආයතනය Lucky Couple එක තෝරා ගනු ලැබේ. එම යුවළට සම්පූර්ණයෙන් විවාහ මංගල්‍යය නොමිලේ කරදීමට ඔවුන් සූදානම්. එයට අමතරව ජනප්‍රියම යුවළ තේරීමේ අනගි අවස්ථාවක් ද හිමි වේ. ඒ සඳහා ඔබ කළ යුත්තේ විවාහ Exhibition එක පිළිබඳ අදහසක් සමඟ ඔබ දෙදෙනාගේ කපල් වීඩියෝවක් අප්ලෝඩ් කිරීමයි. එයට ලැබෙන වැඩිම Likes, Comments, Share ප්‍රමාණය අනුව ඔබේ විවාහයට අවශ්‍ය සියලුම දේ නොමිලේ සූදානම් කර දෙනු ලැබේ.

එමෙන්ම තරුණීට ළෙන්ගතු ඔබට ද අනගි අවස්ථාවක් හිමිවනු නොඅනුමානය. ඒ සඳහා පහත කූපනය පුරවා එදින දොරටුවට බාර දීමෙන් මෙම ප්‍රදර්ශනයට ඔබට නොමිලේ ඇතුළු විය හැකියි.

TEXT – අචිනි ලක්මාලි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?