“දොස්තර මහත්තයෝ මගේ ඇඟ සීතල කරලා උණ ගන්නවා.” පැනඩෝල් ගත්තට අඩුවක් නැහැ. කකුල ඇතුළෙ හොඳටම ඇදුම් කනවා කකුල රතු පාට වෙලා.”
වෛද්‍යවරයා මුණගැසීමට පැමිණි මැදි වියේ කාන්තාවක් ඇගේ රෝගී තත්ත්වය පැවසුවේ මෙලෙසින්. සායනික පරීක්ෂාවෙන් අනතුරුව වෛද්‍යවරයා නිර්ණය කළේ ඇයට සෙලියුලයිටිස් වැලඳී ඇති බවයි. මෙය නිතරම මිනිසා පීඩා විඳින රෝගයක් නොවුණ ද මෙම රෝගයට නිසි ආකාරයෙන් ප්‍රතිකාර නොකළොත් තත්ත්වය බැරෑරුම් අතට හැරෙන්නට හැකියාවක් තිබේ. මන්ද බොහෝ රෝගීන්ට රෝග ලක්ෂණ පවා හඳුනා ගැනීමට නොහැකි වීම නිසා වෛද්‍යවරයා සොයා පැමිණෙන්නේ රෝගය උත්සන්න වූ විට බව තරුණී පාඨකයන්ට පවසන්නේ රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්‍රිය මහතායි.
සෙලියුලයිටිස් කියන්නේ කුමන ආකාරයේ රෝගයක්ද ?
අපේ සම ආශ්‍රිත මේදය තැන්පත් වූ ප්‍රදේශවල තිබෙන පටකවලට විසබීජයක් ඇතුළුවී එය ආසාදනයට ලක් වීම සෙලියුලයිටිස් නමින් හඳුන්වනවා. මෙය සියයට අනූ නවයක්ම බැක්ටීරියා ආසාදන තත්ත්වයක්්.
සෙලියුලයිටිස් ඇතිවන්නේ කෙලෙසද?
මෙය රෝගී සමක් හිමි පුද්ගලයන්ට ඇතිවිය හැකි රෝගයක්. නීරෝගි සම බැක්ටීරියා ආසාදනයට ලක්වන්නේ නැහැ. උදාහරණ ලෙස දද, කුෂ්ඨ, තුවාල සහිත සම වියළී තිබෙන පුද්ගලයින්ගේ සම පුපුරා යාම, සපත්තුවට කැපුණු සමක්, කැසීමට ලක්වී තුවාල වූ සම, නියබඩ තුවාල වූ සම, නියපොත්තට සීරුණු සම, ආදියෙන් සම රෝගී වීම නිසා සමේ තිබෙන ඒකාග්‍රතාව බිඳී යාමේදී බැක්ටීරියා ඇතුළුවීමේ ප්‍රවණතාව පවතිනවා මේ හේතුව මත සෙලියුලයිටිස් ඇතිවීමේ සම්භාවිතාව පවතිනවා. ඒ සමඟම හොඳ ප්‍රතිශක්තිකර පද්ධතියකට උරුම වූ සිරුරක් නොමැති අයටත් මෙම විසබීජ ශරීරය තුළ වර්ධනය විය හැකියි. නමුත් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක හිමිකරුවන්ට මෙම තත්ත්වය උදාවන්නේ නැහැ.
සෙලියුලයිටිස් රෝගයට හේතුව ඉහත සඳහන් කරුණු පමණක්ද?
නැහැ. මෙම රෝගයට පාදක වන වෙනත් රෝග තිබෙනවා. විශේෂයෙන් නහර ගැට ගැසීම, (වෙරිකෝස්වේන්) දියවැඩියාව නිසා ප්‍රතිශක්තිකරණය දුර්වල වීම, පාද ආශ්‍රිත රෝග, පාද ඉදිමීම, බරවා රෝගීන් මේ අයට ද සෙලියුලයිටිස් රෝගය වැලඳීමේ සම්භාවිතාවක් තිබෙනවා.
පාද ආශ්‍රිත රෝග සහ සෙලියුලයිටිස් අතර ඇති සබඳතාව තවදුරටත් පැහැදිලි කළොත්?
විශේෂයෙන්ම පාද ආශ්‍රිත රෝගීන්ගේ ඉදිමුණු පාදවල ජලය රැඳී තිබෙනවා. එසේම ගැට ගැහුණු නහර (වෙරිකෝස්වේන්) නිසා රුධිර ගමනාගමනය හරියාකාරව සිදුවන්නේ නෑ. ඒ සමඟම ප්‍රතික්ශක්්තිකරණය හීන අයගේ ප්‍රතිශක්තිකරණය දුර්වලතාවය අබිබවා ගොස් බැක්ටීරියාව සිරුර ආක්‍රමණය කිරීමට පහසුයි.
මෙම රෝග කිහිපය සෙලියුලයිටිස් ඇති වන්නට පහසු මාර්ගයක් සපයා දෙනවා. රෝග ලක්ෂණ මොනවාද ?
ආසාදනයට ලක් වූ ස්ථානය රත් පැහැයට හෝ රෝස පැහැයට ලක්වීම, ඉදිමීම, ඉතා වේදනාකාරී බව, එම ස්ථානය රත්වීම, හන්දි වේදනාව, හිසරදය, ඇඟ වෙවුලා උණ ගැනීම, ඇතැම් විට වමනය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
මේ සඳහා සිදුකෙරෙන ප්‍රතිකාර මොනවාද?
විසබීජ ශරීරගත වූ තත්ත්වය අනුව ප්‍රතිකාර සිදු කෙරෙනවා. නිසි ප්‍රතිකාරය නිසි වේලාවට කළ යුතුයි. සාමාන්‍යයෙන්. (දින හත, දහය, දාහතර දක්වා ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. නිසි ප්‍රතිකාර නොලදහොත් තත්ත්වය බරපතළ විය හැකි ප්‍රථම දින දෙක, තුන තුළ එතරම් ගුණයක් නොපෙන්නුවත් තුන්වැනි දිනයෙන් පසු සුවයක් දැනෙන බව රෝගියාට දැනෙනවා. එවිට ඇතැම් රෝගීන් ප්‍රතිජීවක ඖෂධ නවත්වනවා. එය නොකළ යුතුයි. මෙම රෝගයට ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන කාල සීමාව රෝගයේ තත්ත්වය අනුව වෛද්‍යවරයා තීරණය කරනවා. ඒ කාල සීමාව මුළුල්ලේ ප්‍රතිජීවක ඖෂධ නොකඩවා නිසි වේලාවට ලබා ගතහොත් රෝගය සුව කළ හැකියි. අතරමඟ නතර කළහොත් නැවත රෝගය මතු වෙන නිසා වෛද්‍ය උපදෙස් මත නිසි ආකාරව ප්‍රතිකාර ලබා ගැනීම රෝගියා සතු ප්‍රධාන වගකීමකි. ඒ සමඟම ඇඳ විවේකය අවශ්‍යයි. පාදය නොසොල්වා උසස්ථානයක තබාගැනීම කළ යුතුයි.
ඇවිදීම, ව්‍යායාම් කිරීම වැනි ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය යුතුයි. විශේෂයෙන් දියවැඩියා රෝගියෙක් නම් සීනි ප්‍රමාණය පාලනය කිරීම අත්‍යවශ්‍යයි. ප්‍රතිශක්තිකරණය දුර්වල රෝගීන්ට නිසි ප්‍රතිකාර නොලැබුණොත් හෝ ප්‍රතිකාර පමා වුණොත් තුවාලය ඔඩුදුවන තත්ත්වයට පත්වී තත්ත්වයට නරක අතට හැරෙන්න ඉඩ තිබෙනවා.
ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුෙවනවා නේද?
රෝගය ප්‍රබලතාව මත ප්‍රතිජීවක ඖෂධ මුඛයෙන් ලබා දෙනවාට වඩා ශිරාගතව ලබාදීම සිදුකෙරෙනවා. දරුණු තත්ත්වයක් තිබේ නම් රෝහල්ගතව ප්‍රතිජීවක නහර ගත කළ යුතුයි. සාමාන්‍ය තත්ත්වයකදී නම් මුඛයෙන් ප්‍රතිජීවක ලබාදීම සිදු කෙරෙනවා.රෝහල්ගත කර ප්‍රතිජීවක පළමු දින කිහිපය තුළ ශිරා මඟින් ලබා දෙනවා. රෝගය සුව අතට හැරෙද්දි අවශ්‍ය කාල සීමාව දක්වා ප්‍රතිජීවක ඖෂධ මුඛය මඟින් ලබා දීම සිදුකෙරෙනවා.
මෙය නිතර ඇතිවන රෝගී තත්ත්වයක් ද?
ඇතැමුන්ට මෙය නිතර ඇතිවිය හැකියි. විශේෂයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ අයට මෙන්ම ඉහත සඳහන් කළ රෝගවලින් පෙළෙන අය නිසියාකාරව ඒවා සුව කර නොගතහොත් එසේ නොමැති නම් දියවැඩියා වැනි රෝග පාලනය කර නොගතහොත් මේ තත්ත්වය නිතර නිතර ඇතිවිය හැකියි. එවැනි අයට වෛද්‍ය නිර්දේශය මත මුඛයෙන් ලබා ගැනීම සඳහා ජීවිත කාලය පුරා ප්‍රතිජීවක සුළු මාත්‍රාවක් ලබා ගැනීමට සිදුවනවා.
මෙම රෝගය ඇතිවෙන්නේ පාදයේ පමණක්ද?
වැඩිපුර රෝගීන් දක්නට ලැබෙන්නේ පාදාශ්‍රිත සෙලියුූයිටිස් වැලඳුණු අය. නමුත් සිරුරේ ඕනෑම ස්ථානයක එම රෝගය වැලඳිය හැකියි. විශේෂයෙන් මෙම රෝගය හඳුනා ගන්නේ සායනික පරීක්ෂණයක් මඟින්.
කුඩා ළමුන්ට මෙම රෝගය වැලඳෙනවාද? කුඩා දරුවන්,තරුණ ජව සම්පන්න අයට මෙම රෝගය වැලඳෙන්නේ නැහැ. ඒ අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත් නිසා වයස්ගත වීමේදී ප්‍රතිශක්තිකරණය අඩු නිසා රෝගය වැලඳීමේ ප්‍රවණතාවක් තිබෙනවා.
මෙම රෝගයෙන් ආරක්ෂා විය හැක්කේ කෙලෙසද?
සම ආශ්‍රිත තුවාල ඇති පුද්ගලයකු නම් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගත යුතුයි. එය නොසලකා හැරීමෙන් අවදානම් තත්ත්වය ඇතිවිය හැකියි. විශේෂයෙන් සිරුරේ කැසීම්, පොඩි තුවාල, දද, කුෂ්ඨ තිබෙන අය මෙන්ම වියළි සමෙන් යුත් අය තමයි, අවදානම් කලාපයේ සිටින්නේ. ඒ අය තුවාල, දද සඳහා ප්‍රතිකාර මෙන්ම සම වියළීමට නොදී ආරක්ෂා කරගත යුතුයි. නිතරම තමාගේ දෙපා පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි. නහර ගැට ගැසීමේ රෝගයට ප්‍රතිකාර ලබාගත යුතුයි. දියවැඩියාව ඇති අයෙක් නම් එය හොඳින් පාලනය කළ යුතුයි. එවිට මෙම තත්ත්වයෙන් ආරක්ෂා විය හැකියි. අපි තලෙළු සමකට උරුමකම් කියන පිරිසක් නිසා පාදය රතු පැහැ ගැන්වීම අපට එතරම් පෙනෙන්නේ නැහැ.
එබැවින් ඉහත සඳහන් රෝග ලක්ෂණ මතු වුවහොත් වෛද්‍යවරයා මුණගැසී ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මෙම රෝගයේදී වෛද්‍යවරයාගේ කාර්යභාරයට වඩා වැඩි වගකීමක් තිබෙන්නේ රෝගියාට. වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිළිපැදීමෙන් රෝගය සුවකර ගත හැකි වන අතර එසේ නොවුණහොත් පාදවල සැරව පිරී ශල්‍යකර්ම දක්වා තත්ත්වය බරපතළ විය හැකියි.
TEXT – දීප්ති ෆොන්සේකා
