නත්තල් සුබ පැතුම් පතක ඇත්තේ අමිල වටිනාකමකි. එවැනි සුබ පැතුමක් ඔබේම අතින් නිමවා ගත හැකිනම්… පේපර් කුයිලිං කලාව අනුව නිර්මාණය කළ සුබ පැතුම් සමූහයකි.
මේ නත්තලත්, එළැඹෙන නව වසරත් සෙනෙහසින් සමරන්නට බලා හිඳින නෑ හිත මිතුරන්ට මෙවැනි සුබ පැතුමක් සකසා තිළිණ කරන්නත්, අමතර ආදායමක් උපයා ගන්නටත් මෙය හොඳ මගක් වේවි.
පොයින්සෙටියා මල්, ඉටිපන්දම්, සීනු, චෙරි, හිම පියලි ආදී නත්තලට ආවේණික වූ දේවල් සමඟින් හැඩවී ඇති සුබ පැතුම් මේ නත්තලේ ඔබටත් සකසා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
රතු, කොළ, ක්‍රීම් ආදී වර්ණවල
A4 බෝඩ්
රතු, තද කොළ, සුදු, කහ, ක්‍රීම්, දම්, තැඹිලි, ළා කොළ ආදී වර්ණවල
A 4 කොළ
පේපර් ෂෙඩර් මැෂින් එක
කුයිලිං ටූල් එක
ගම් සිල්වර්, රෙඩ් සහ ගෝල්ඩ් ඩස්ට්
නිර්මාණය කිරීම
පොයින්සෙටියා මල්
පළමුව අපි පොයින්සෙටියා මල නිර්මාණය කරන ආකාරය විමසා බලමු.
මේ සඳහා ප්‍රමාණ කිහිපයකින් මාකිස් , ෂේප්ඩ් මාකිස් ආදී හැඩතල සාදාගත යුතුයි. මෙහි රතු, සුදු, තැඹිලි සහ ක්‍රීම් වර්ණවලින් මල් සාදා ඇත.
මාකිස් හැඩතලවලට අමතරව ටියර් ඩ්‍රොප් හා ෂේප්ඩ් ටියර් ඩ්‍රොප් හැඩතල ද යොදාගෙන තිබේ. ෂේප්ඩ් මාකිස් හැඩතලයට ලීෆ් ෂේප්ඩ් කියලත් කියනවා. ලොකු මාකිස් හැඩතලයක් දෙපැත්තට ෂේප්ඩ් මාකිස් කුඩා හැඩතල දෙකක් අලවා ගැනීමෙන් පෙති නිර්මාණය කළ හැකියි. කැමැති නම් ටියර් ඩ්‍රොප් හැඩතල ද අලවා ගත හැකියි.
ප්‍රමාණ කිහිපයක හැඩතල අවශ්‍ය ලෙස සාදා ගැනීමට සැලකිලිමත් ෙවන්න. හැඩතල අතරට වෙනත් වර්ණ ද යන්තම් භාවිත කර ඇත. ඒ සඳහා ටූල් එක වටා කොළ පටි ඔතාගන්නා විට එක් වර්ණ පටිය අගට ගම් ගා අනෙක් වර්ණ පටි පොඩි කොටසක් අල්ලා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.
මාකිස් හැඩතල හදන්නේ කොහොමද?
ඔබට අවශ්‍ය දිගට අඟල් 1/8ක් පළලට පටි කපා ගන්න. අඟල් 1/8ක් යනු අඩිරූලේ අඟලක් ඇතුළත කුඩා කොටස් 16ක් ඇත. එයින් කොටස් 2ක පළලයි. එනම් 2/16ක පළලයි.
එලෙස කපා ගත් පටිය කුයිලිං ටූල් එක වටා ඔතාගන්න. වෙනත් වර්ණයක් එකතු කළ යුතු නම් එක් වර්ණයක පටියක් ඔතා අවසන් වන විට එහි කෙළවරේ ගම් ස්වල්පයක් ගා වෙනත් වර්ණ පටියක්, අලවා එයද ටූල් එක වටා ඔතා ගන්න.
ඉන්පසු පරෙස්සමට ටූල් එකෙන් රෝල් එකක් ගලවාගන්න. අවසානයට ඇති පටිය රෝල් එක තරමක් බුරුල් වූ පසු අලවා ගන්න. ඉන්පසු එම රවුම දෙපැත්තෙන් අත් දෙකේම දඹරඟිලි හා මහපටඟිලි භාවිත කර රෝල් කරගන්න.
තට්ටු තුනට සෑදූ පොයින්සෙටියා මල් සඳහා පළමු තට්ටුවට හා දෙවැනි තට්ටුවට පෙති 6ක් අවසන් තට්ටුවට කුඩා පෙති හතරක් ද අවශ්‍ය වේ.
කාඩ් කොටස ගෙන අවශ්‍ය ස්ථානයේ ලොකු පෙති වටේට අලවා ගන්න.
හිම පියලි
හිම පියල්ලේ හැඩය කොළයක ඇඳ එහි අල්පෙනෙති ගසා ගන්න.
සීනු
පටියක දිග වැඩිවන ලෙස පටි කිහිපයක් අල්වා (පටි 12ක් 13ක්) ටූල් එක වටා ඔතා ගන්න. ටූල් එකෙන් එළියට ගෙන ක්‍රමයෙන් ඇඟිලි තුඩ තබා ඇද කෝන් හැඩය සාදා ගම් ගා අලවාගන්න.
නත්තල් ගස් – ෆ්‍රින්ගඩ් මල්
අඟල් 1 1/2, අඟල, අඟල් 3/4 ආදී ලෙස පළලට පටි කපා ගන්න. ටූල් එක වටා ඔතා අලවා අතින් හැඩකර ෆ්‍රින්ගඩ් මල් සාදා ගන්න. එම මල් මැදට කුඩා ටයිට් රෝල් එක බැගින් අලවා ගන්න.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
