ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාර්ගගත මැහුම් අධ්‍යාපන ආයතනය වන International Academy of Sewing Limited (අපේ මැහුම් පන්තිය) සිය වාර්ෂික ඩිප්ලෝමා ප්රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි. පාශ්චාත් උපාධිධාරිනී, සම්මානලාභී සංසලා කරදනගොඩ මහත්මියගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම ආයතනය, මෙක්සිකෝවේ ඇස්ටෙකා විශ්වවිද්‍යාලය හරහා යූ.ජී.සී. පිළිගත් ජාත්‍යන්තර සහතික පිරිනමන මෙරට එකම මැහුම් තක්සලාවයි. මැහුම් ශිල්පයට අමතරව නොමිලේ ව්‍යාපාර කළමනාකරණ පුහුණුව ලබාදෙන මෙහි විශේෂත්වය වන්නේ 97%ක ව්‍යවසායකත්ව සාර්ථකත්වයයි. මෙවරත් සිසුන් 550කට අධික පිරිසක් වෘත්තීය මට්ටමේ ඩිප්ලෝමාධාරිනියන් ලෙස මෙහිදී අභිෂේක ලැබූහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූ මෙම උළෙලට සුවිශේෂී ආරාධිත අමුත්තන් රැසක් එක්වූහ. මෙඩිසිනා ඕල්ටර්නේටිව් ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ භාරකාර සහ මුදල් අධ්යක්ෂ ආචාර්ය රොෂාන් මද්දුමගේ මහතා, ඇස්ටෙකා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන උපදේශක මිලින්ද එන්. ළමාහේවා මහතා, ප්‍රවීණ රංගන ශිල්පී, නිරූපණ ශිල්පී හා නර්තන වින්‍යාස ශිල්පී සුරේෂ් පල්ලියගුරු මහතා, “මිස් ශ්‍රී ලංකා” සහ “මැක්ස් ක්වීන්” කිරුළ දිනූ ජනප්‍රිය රංගන ශිල්පිනී කාංචනා කාන් මෙණෙවිය, සෞඛ්‍ය හා අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනී අමන්දි අනුරාධා හේවගේ මෙණෙවිය සහ ප්‍රවීණ රූපලාවණ්‍ය, කේශාලංකාර හා විලාසිතා නිර්මාණ ශිල්පී හර්ෂ ධනංජය මහතා යන මහත්ම මහත්මීහු එම සම්භාවනීය පිරිසට අයත් වූහ.
