නව වසරේ විවාහ ගිවිස ගැනීමකදී හැඩවන්න කදිම සාරි හැට්ට මෝස්තරයකි මේ. සාරි හැට්ටයක් බොහෝවිට නිර්මාණය කෙරෙන්නේ විවිධ මෝස්තරවලට අනුවයි. ඒ අතරින් තරුණියෝ ප්රින්සස් ලයින් මෝස්තරය වඩාත් ප්රිය කරති. මෙහිදී සිරුරේ හැඩේ මනාව ඉස්මතු කෙරෙන නිසා සාරි හැට්ටයෙන් වැඩි ලස්සනක් මතුකර දක්වන්නට පුළුවන්.
ප්රින්සස් ලයින් මෝස්තරයට අනුව සාරි හැට්ටය නිර්මාණය කිරීමේදී අනෙකුත් හැට්ටවලට මෙන් ඩාර්ට් යොදා ගැනීමක් කරන්නේ නෑ. ප්රින්සස් ලයින් වශයෙන් හඳුන්වන්නේ ද ඩාර්ට් යොදා ගැනීමක් නොමැතිව සාරි හැට්ටය නිර්මාණය කරගන්නා නිසයි.
මෙවර නුගසෙවණ ආදරණීය සුසංයෝගය වෙන් වන්නේ ප්රින්සස් ලයින් හැට්ටයක් නිර්මාණය කරගන්නා අයුරු පහදා දෙන්නටයි.
බොහෝවිට අප ඇඳුමකට ඩාර්ක් යොදා ගනු ලබන්නේ එයට හැඩයක් ගෙන දීමටයි. අංශ ඩාර්ට් සහ ඉණේ ඩාර්ට් එක අප එහිදී යොදන නමුත් ප්රින්සස් ලයින් මෝස්තරය නිර්මාණයේදී මෙම ඩාර්ක් දෙක ක්රම කීපයකට අනුව නිර්මාණය කරගත යුතු වෙනවා.
01. උරහිස මැද සිට පපුවේ අංශ ඩාර්ට් එක හරහා ඉණ ඩාර්ට් එකට සම්බන්ධ කිරීම.
02. කිහිලි කටෙන් 1/3ක් අංශ ඩාර්ට් එක හරහා ඉණේ ඩාර්ට් එකට සම්බන්ධ කිරීම.
03. අංශයේ ඉදිරිපස රැලිවලට ගැනීම.
04. ඉදිරිපස රැලිවලට ගැනීම.
05. Corset එක සඳහා රැලිවලට ගැනීම.
06.Yoke සහිත උරහිස සඳහා රැලිවලට ගැනීම.
07. උරහිස සඳහා රැලිවලට ගැනීම.
08. අංශ ඩාර්ට් එක.
ප්රින්සස් ලයින් ක්රමයේදී මූලිකවම භාවිත වන මෙහි 01 හා 02 වශයෙන් දැක්වෙන කොටස පිළිබඳ කතා කරමු.
01. උරහිස මැද සිට පපුවේ අංශ ඩාර්ට් එක හරහා ඉණ ඩාර්ට් එක සම්බන්ධ කිරීම.
උරහිස මැද ලක්ෂ්ය ලකුණු කර එම ලක්ෂ්යයේ සිට අංශ ඩාර්ට් එකේ මුදුන සහ ඉණ ඩාර්ට් එකේ මුදුන හරහා රේඛාවක් අඳින්න. අංශ ඩාර්ට් එක නවා (ඉවත්කර) එම ප්රමාණය උරහිසට ගන්න. එය ඔබට 01 වැනි රූපයෙන් පැහැදිලි කරගත හැකි වේ.
02. කිහිලිකටෙන් 1/3ක් අංශයේ ඩාර්ට් එක හරහා ඉණේ ඩාර්ට් එකට සම්බන්ධ කිරීම.
කිහිලිකට මිම්මෙන් 1/3ක ප්රමාණය අංශයේ සිට කිහිලිකට දිගේ ගෙන ලකුණුකර එම රේඛාව අංශයේ ඩාර්ට් මුදුන හා ඉණේ ඩාර්ට් මුදුන දක්වා පෙර පරිදිම අඳින්න. ඉන්පසු එම රේඛාව දිගේ කපා අංශයේ ඩාර්ට් එක ඉවත්කර ප්රින්සස් ලයින් එක අඳින්න. (02 රූපය)
මේ ආකාරයටම පිටුපස පළුවෙහි ද ප්රින්සස් ලයින් එක ඇඳ උරහිස මැද ඉණේ ඩාර්ට් එකට ලකුණුකර ඉණේ හැඩ මැස්ම ඉවත් කරන්න. (01 පිටුපස)
අත්කට මිමි මෙන් 1/3ක් හෝ එහි මැද ලකුණුකර එම ලක්ෂ්යයේ සිට ඉණ දක්වා ප්රින්සස් ලයින් එක ඇඳ ඉණේ හැඩ මැස්ම ඉවත් කරන්න.
ඔබ පතරොම් රහිතව ඇඳුමක් සකසා ගන්නේ නම් මෙය කොළයකට ගෙන මේ ආකාරයට ප්රින්සස් ලයින් ක්රමයට ඇඳගන්න.
Line Art නිලක්ෂි ආරියරත්න
