Monday, December 29, 2025
Epaper
Home Uncategorizedගෞරව ප්‍රණාම දැක්ම දා සම්මාන ලැබූ දිරිය කාන්තාවෝ

ගෞරව ප්‍රණාම දැක්ම දා සම්මාන ලැබූ දිරිය කාන්තාවෝ

by Mavan Perera

ශ්‍රී රාවණා බෞද්ධ සහයෝගිතා පදනම, ශ්‍රී රාවණා බෞද්ධ පර්යේෂණ ආයතනයේ සහ ශ්‍රී රාවණා බෞද්ධ පුරාවිද්‍යා ගවේෂණ ආයතනය යන ආයතන ත්‍රිත්වය විසින් හෙළ කාන්තාවන් වෙත ගෞරව නාම ලබාදීමේ උෙලළක් පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උලෙළේ ප්‍රධාන දේශනය ගෝනදූවේ සුමිත්‍රා මෙහෙණින් වහන්සේ විසින් සිදුකරන ලදී. එහිදී පළමුව වටයේ ගෞරව නාම ප්‍රදානය නීතිඥ ආචාර්ය කේ.ඒ.එස් කීරගල මහතා සහ ශ්‍රී ලංකාවේ බොදු ආගමික පුනර්ජීවනයක් සිදු කරන ජර්මන් ජාතික පෙගී මොලර් මහත්මිය අතින් ද, දෙවැනි වටයේ සම්මාන ප්‍රදානය තාරකා විද්‍යාඥ ආචාර්ය අනුර සී. පෙරේරා මහතා සහ ශ්‍රී ලංකාවේ තාවෝ දහම පිළිබඳ පුරෝගාමී මෙහෙවරක් සිදු කරන තායිවාන ජාතික බෲස් වැන්ග්් මහතා අතින් ද, තෙවැනි වටයේ ගෞරව නාම ප්‍රදානය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛකල්පිත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.එච්. පෙරේරා සහ වාස්තු විද්‍යා කථිකාචාර්ය ප්‍රියන්ත දයාරත්න යන මහත්වරුන් අතින් සිදුවිය.

උලෙළේ සංවිධාන කටයුතු එම ආයතනයේ ලේකම් වෛකල්පිත වෛද්‍ය රුවන් වීරරත්න හා සභාපති වෛකල්පිත වෛද්‍ය විරන්ජිත් බණ්ඩාර මහත්වරුන් අතින් සිදුවිය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?