Wednesday, March 4, 2026
Epaper
Home වෛද්‍යමූත්‍රාශයේ ගල් වකුගඩු අක්‍රියතාවට මඟක්ද?

මූත්‍රාශයේ ගල් වකුගඩු අක්‍රියතාවට මඟක්ද?

by Shanaka Lakehouse

මොකද්ද මේ වකුගඩු රෝගය කියන්නෙ ?

වකුගඩු රෝගය අලුත උපන් දරුවන්ගෙ සිට වැඩිහිටියන් දක්වා විවිධ වයස් කාණ්ඩවලට සෑදෙන්න පුළුවන්. කුඩා දරුවන්ගේ සිට විවිධ වයස් කාණ්ඩවල අයගේ රෝග ලක්ෂණ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොතින් උපතින්ම හැදෙන සමහර වකුගඩු රෝග තියෙන්න පුළුවන්. වකුගඩුවල පිහිටීම වෙනස් වීම, සමහර වකුගඩුවල හැඩය වෙනස් වීම ආදී උපතින්ම තිබෙන ආබාධ තිබීමට පුළුවන්.

ඒ වගේම දරුවන්ට කුඩා කල සිට වකුගඩුවල අක්‍රියතාවය නිසා මූත්‍ර පෙරීමේදී වැඩිපුර ප්‍රෝටීන පෙරීම සිදුවෙන්න පුළුවන්. කුඩා දරුවන්ගේ සම හරහා ශ්වසන මාර්ගය හරහා වකුගඩුවලට විෂබීජ ගිහින් වකුගඩු ආසාදන ඇතිවෙන්න පුළුවන්.

තරුණයන් සහ වැඩිහිටියන් තුළ හඳුනා නොගත් සමහර හේතුන් නිසා වකුගඩු අක්‍රිය වේ. එහෙම නැත්නම් දියවැඩියාව, අධිරුධිරපීඩනය, හෘදයාබාධ, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම හෝ විවිධ හේතුන් මත වකුගඩු අක්‍රියතාවන් ඇති වෙන්න පුළුවන්. මෙය හදිස්සියේ ඇතිවීමට මෙන්ම දීර්ඝ කාලයක් ගොස් ඇතිවීමට හැකියාව තිබේ.

අවදානම් කාණ්ඩ ගැන කතාකළොත්?

අවුරුදු 12ට අඩු අයට වකුගඩු රෝග ඇතිවේ නම් අවදානම් සහ අවුරුදු 60ට වඩා වැඩි අයට හැදෙනවානම් අවදානම් වේ. ඒ අතර මැද අයට තීව්‍රතාවය අනුව අවදානම් වෙන්න පුළුවන්. අවුරුදු 25ක 30ක කෙනකු වුණත් හදිස්සියේ වකුගඩු අක්‍රියතාවක් ඇතිවෙන්න පුළුවන්.

වකුගඩු රෝග ඇතිවෙන්න බලපාන හේතු?

උපතින්ම වෙන්න පුළුවන්. ඊට පස්සේ බෝ නොවන රෝග නිසා වකුගඩු අක්‍රිය වෙන්න පුළුවන්. ජලය, කෘමිනාශක නිසා වෙන්න පුළුවන්. සමහර විට ජානමය හේතුන් මත වකුගඩු අක්‍රියතා ඇති වෙන්න පුළුවන්. ඊළඟට සමහර ඖෂධ වර්ග, මත්පැන් පානය කිරීම, දුම්වැටි පානය කිරීම, පිළිකාජනක රසායනවලට නිරාවරණය වීම ආදී හේතුන් මත වකුගඩු අක්‍රියතා ඇතිවෙන්න පුළුවන්.

පුද්ගලයාගෙන් පුද්ගලයාට වකුගඩු අක්‍රියතාවට බලපාන හේතු වෙනස් වේ.

ලංකාවේ සාමාන්‍යයෙන් ගත්තොතින් මධ්‍යම පළාත, උතුරු මැද, වයඹ, උතුරු පළාත, නැඟෙනහිර පළාත ආදියේ වකුගඩු රෝගය වැඩියි. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට කෘෂිකර්මය ආශ්‍රිතව ඔවුන්ගේ තිබෙන ජීවන චර්යාවයි. පොහොර භාවිතාව, වතුරවල ලවණතාවය වැඩිවීම වගේ හේතු වෙන්න පුළුවන්. නමුත් හරියටම ලංකාවේ වකුගඩු රෝගයට බලපාන නිශ්චිතවම හේතුව ස්ථිරව විද්‍යාත්මකව තහවුරු වෙලා නැහැ. එක් එක් කලාපවල විවිධ හේතුන් මත වකුගඩු රෝගය ඇති වේ. සමහර විට පොහොර පස නිසා, ගස්වල තියෙන පොහොර නිසා, කෘමිනාශක නිසා, වතුර නිසාවෙන් වෙන්න පුළුවන්.

 

රෝග ලක්ෂණ මොනවද?

ළමුන්ගෙ මුත්‍රා පිටවීම අඩු වෙනවා.

උණ ඇතිවෙනවා. මූත්‍ර දැවිල්ල, ඇඟ ඉදිමෙනවා. මූත්‍ර සමඟ ලේ යනවා සහ රුධිර පීඩනය වැඩි වෙනවා.

ගර්භිනී මවුවරුන්ගේ ඇඟ ඉදිමීම, මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවීම, සාමාන්‍යයෙන් වැඩිහිටියකුගේ ගත්විට මූත්‍රා පිටවීම එකවර නැවතීම, මුත්‍රා සමඟ ලේ යාම, ඇඟ ඉදිමීම, උණ ඇතිවීම, ආදිය වේ.කොන්දෙ කැක්කුම ඇතිවේ. ක්ලාන්තේ එන්න පුළුවන්. ඇඟ දුර්වල වෙන්න පුළුවන්. මෙම ලක්ෂණ පවතී නම් වෛද්‍ය පරීක්ෂණවලට ලක්විය යුතුයි.

වකුගඩු රෝගියෙක්ට ආහාර පාලනයක් අවශ්‍යද?

අධික ලවණ සහිත ආහාර භාවිත නොකළ යුතුය. සාමාන්‍ය එළවළු පලතුරු කෑමට හැකිය. නමුත් ගොඩක් ඉදුණු එළවළු, පලතුරු කෑම අහිතකරයි. ජලය පානය කරන විට මැනලා බීම වඩා හොඳයි. ඊළඟට රෝගය ස්වභාවය අනුව මස් වර්ග ආදිය අහිතකර වීමට පුළුවනි.

 

මූත්‍රාශයේ ගල් අතර සහ වකුගඩු රෝගය අතර සම්බන්ධය ගැන කතා කළොත් ?

සමහර අවස්ථාවල මූත්‍රාශයේ හරි මූත්‍රා මාර්ගයේ හරි වකුගඩුවල ගල් තියෙනවා නම් වකුගඩු තුවාල වෙලා වකුගඩු ක්‍රියාකාරීත්වය අඩාළ වෙන්න පුළුවන්. ඒ නිසා මූත්‍රා මාර්ග පද්ධතියේ ගල් දීර්ඝ කාලයක් තියෙනවා නම් ඒ ගල්වල ප්‍රමාණය විශාලයි නම් පසුකාලීන වකුගඩු අක්‍රියතාවට ගොදුරු වෙන්න පුළුවන්. නමුත් අපට ගල් අයින් කරන්න විවිධ තාක්ෂණික ක්‍රම තිබෙන නිසා අද කාලේ ඒ වගේ කෙනකුට ගොඩක් වෙලාවට වෛද්‍ය ප්‍රතිකර්මවලින් නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලයක් පවතින වකුගඩු රෝගය නිට්ටාවට හොඳ වෙන්නේ නැහැ. ඉතින් ජීවිත කාලයම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කරන්න ඕනි. ශරීරයෙන් පිටවෙන ලවණ වර්ග ගන්න ඕනි. තිබෙන රෝගී තත්ත්වය අනුව ගැළපෙන ප්‍රතිකාර ලබාගන්න ඕනි.

 

ප්‍රතිකාර මොනවද?

මුල් අවස්ථාවේදීම වෛද්‍යවරයාගේ වෛද්‍ය ප්‍රතිකාර අරගෙන පරීක්ෂණ කරමින් පහසුකම් තිබෙන රෝහලකට ඇතුළත් වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ලංකාවේ බොහෝ රෝහල්වල වකුගඩු රෝගයට වෛද්‍ය ප්‍රතිකාර කිරීමට පහසුකම් පවතීයි. කුඩා දරුවෙක් නම් කරාපිටිය ශීක්ෂණ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල තියෙනවා. වැඩිහිටියෙක් නම් ලංකාවේ තියෙන හැම රෝහලකම වගේ වකුගඩු ප්‍රතිකාර තියෙනවා. පොලොන්නරුව වකුගඩු රෝහල, මාළිගාවත්ත වකුගඩු රෝහල වගේ විශේෂ වකුගඩු රෝහල් තියෙනවා. වකුගඩු සම්පූර්ණයෙන්ම නරක් වී ඇත්නම් වෛද්‍ය උපදෙස් මත වකුගඩු බද්ධයට යා හැකිය.

 

TEXT – චතු වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?