Wednesday, January 14, 2026
Epaper
Home කලා ලොව44 වැනි යොවුන් නාට්‍ය උලෙළේ විශිෂ්ටතම නළුවා මුදිත නිළිය සඳුනි

44 වැනි යොවුන් නාට්‍ය උලෙළේ විශිෂ්ටතම නළුවා මුදිත නිළිය සඳුනි

by Shanaka Lakehouse

44 වැනි ජාතික යෞවන නාට්‍ය උලෙළේසම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දෙසැම්බර් 31 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙවර නාට්‍ය උලෙළේ දිගු නාට්‍ය අංශයේ විශිෂ්ටතම නළුවා ලෙස ආරාරෝ නාට්‍යයේ රඟ දැක්වූ මුදිත දිසානායක සම්මාන ලැබුවේය.

දිගු නාට්‍ය අංශයේ විශිෂ්ටතම නිළිය ලෙස සම්මාන ලැබුවේ ද ආරාරෝ නාට්‍යයේ රඟ දැක්වූ සඳුනි නවාංජනායි. දිගු නාට්‍ය අංශයේ විශිෂ්ටතම සහාය නළුවා ලෙස ‘දවසක් එනකන්’ නාට්‍යයේ නිලේෂ් ලක්ෂිත් සහ විශිෂ්ටතම සහාය නිළිය ලෙස ‘විෂ්ම යාම‘ නාට්‍යයේ තිලිණි ජයමාලිත් සම්මාන ලැබූහ. දිගු නාට්‍ය අංශයේ විශිෂ්ටතම නිෂ්පාදනයට හිමි සම්මානය දිනා ගත්තේ ‘විෂම සම’ නාට්‍යය වෙනුවෙන් සුරේෂ් මධුෂාන් ය.

මෙහි කෙටි නාට්‍ය අංශය වෙනුවෙන් ‘ද ගෙස්ට්’ නාට්‍යයට සම්මාන රැසක් හිමි වීම විශේෂත්වයකි. ඒ අනුව විශිෂ්ටතම නිෂ්පාදනය, විශිෂ්ටතම අධ්‍යක්ෂණය, විශිෂ්ටතම තිර රචනය, විශිෂ්ටතම නිළිය, විශිෂ්ටතම රංග වින්‍යාසය, විශිෂ්ටතම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් ද ‘ගෙස්ට්’ නාට්‍යයට දායක වූ පමුදි අපෝන්සු සම්මාන රැසකින් පිදුම් ලැබුවාය. ඊට අමතරව විශිෂ්ටතම කෙටි නාට්‍ය නළුවා ලෙස සුහාන් පෙරේරා, විශිෂ්ටතම සහාය නිළිය ලෙස ගිත්මි හේරත්, විශිෂ්ටතම වේදිකා පරිපාලක ලෙස නවෝද් පෙරේරා, විශිෂ්ටතම සංගීතය වෙනුවෙන් අචින්ත්‍ය සහන් විජේසිංහ කෙටි නාට්‍ය අංශයෙන් සම්මාන ලැබූහ.

TEXT- පසිඳු මිහිරාන් රැටියල 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?