ශ්‍රී ලාංකීය අභිමානය ලොව පුරා විහිදුවාලීමට අපිරිමිත සේවාවක් කරන පිරිස ඇගයීම වෙනුවෙන් සරසවි විශ්ව ගම්මානය විසින් සංවිධානය කරන ලද සරසවි සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. එහිදී හොඳම විදේශ රැකියා ආයතනය වෙනුවෙන් හිමි සරසවි අබිමන් සම්මානය, වසර 22ක් පුරා මහජන විශ්වාසය හා ගෞරවය දිනා ඇති ගණේමුල්ල දහම් ලංකා විදේශ රැකියා ආයතනයේ අධිපතිනි ඉන්ද්‍රානි සෝලංගආරච්චි මහත්මිය වෙත එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපතිනි මහාචාර්ය විශාඛා සුරියබණ්ඩාර මහත්මිය අතින් ලබා ගත් අයුරු
22
