ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී දේවිකා අරඹගේ මහත්මියගේ උපන්දිනයට සමගාමීව උත්සවයක් පසුගිය ඉරිදා අම්බලන්ගොඩ ධීවර සංස්ථා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. උපන්දින සාද වෙනුවට ඇය විසින් පවත්වාගෙන යන “දැහැන” යෝගාශ්‍රමයේ සිසු සිසුවියන් හා එක්ව යෝග වැඩමුළුවක් නොමිලේ පැවැත්වීම එහි විශේෂත්වයයි. මෙම වැඩමුළුව මෙහෙයවූයේ ප්‍රවීණ යෝගාචාර්ය ප්‍රදීප් සඳරුවන් ගුරුතුමා සහ ආචාරිනී නදිශානි මෙණෙවියයි. මෙම ආශ්‍රමයේ යෝග හදාරන කුඩා දරුවන් කිහිප දෙනෙකුට ත්‍යාග පිරිනැමීමක්ද එදින සිදු කෙරිණි. තරුණී පුවත්පතේ දායකත්වයෙන් සිදුකරන ලද මෙම උත්සවයට එහි ප්‍රධාන කර්තෘ මනෝලි සුබසිංහ මහත්මිය ආරාධනා ලැබ සිටියාය.
TEXT & PIX BY – ටෙනිසන් එදිරිසිංහ

