Wednesday, January 14, 2026
Epaper
Home විශේෂාංගඔබේ තත්ත්වය හා පෙනුම ඉහළ දමන ලෙදර් නිෂ්පාදන

ඔබේ තත්ත්වය හා පෙනුම ඉහළ දමන ලෙදර් නිෂ්පාදන

by Shanaka Lakehouse
වජිරා ප්‍රියදර්ශනී පීරිස්

වජිරා ප්‍රියදර්ශනී පීරිස්

විලාසිතාවලට ප්‍රිය කරන බොහෝ කාන්තාවන් ලෝකයේ පවතින ට්‍රෙන්ඩ් ගැන උනන්දුවක් දක්වනවා. ඒ අතර ඉහළම නිමාවක් හා තත්ත්වයක් සහිත තරමක් මිල අධික වුවත් කාන්තාවන් අතර ජනප්‍රිය හෑන්ඩ් බෑග් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එම ට්‍රෙන්ඩ් එක හඳුනා ගනිමින් ඔබේ අවශ්‍යතාවට ලෙදර් නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දුන් දක්ෂ ව්‍යවසායිකාවක් පසුගියදා අපට හමුවිය. ඇය නමින් වජිරා ප්‍රියදර්ශනී පීරිස් ය.

ඇගේ නවතම ලෙදර් නිෂ්පාදන පෙළ පිළිබඳ අප හා පැවසුවේ මෙසේ යි.

“අත්බෑගයක් එහෙම නැතිනම් හෑන්ඩ් බෑග් එකක් කාන්තාවකට නැතිවම බැරි අංගයක්. අත්බෑගයක් යනු විලාසිතාවක් පමණක් නො‍ෙවයි. ගෙන යෑමට ඇති බඩුබාහිරාදිය දමාගත හැකි, පෙනුම සහ කල් පැවැත්ම යන කාරණා පැවතිය යුත්තකි.

මේ නිසාම ඉහළ සන්නාමයකින් (brand name) යුතු ලෙදර් නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට මට අවශ්‍ය වුණා. ඒ අනුව හෑන්ඩ් බෑග් සඳහා විශේෂ තැනක් ලබා දෙමින් අනෙක් නිෂ්පාදනත් මා වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. Perez Leather Artisans’ සන්නාමය ඔබ අතට පත් වන්නේ මගේ ඒ බලාපොරොත්තුව මල්ඵල දරමිනි.”

වජිරා සිය නිෂ්පාදන මෙලෙස වෙළෙඳපොළට මුදා හරින්නේ බොහෝ හැදෑරීම්වලින් පසුවයි.

මම කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලැබුවා. පසුව මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වී මෝස්තර නිර්මාණකරණය සහ ප්‍රවර්ධනය පිළිබඳ උපාධිය ලබා ගත්තා.

අනතුරුව ලන්ඩන් කොලේජ් ඔෆ් ෆැෂන්හි පශ්චාත් උපාධියත් ලබා ගත්තා. එම විශ්ව විද්‍යාලය මෝස්තර නිර්මාණකරණය පිළිබඳ ලොව පිළිගත් පළමු පෙළේ විශ්වවිද්‍යාලයකි.

මේ උකහා ගත් දැනුමත් සමඟින් මට මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස වසර කිහිපයක්ම කටයුතු කරන්නට හැකිවුණා. Nottingham Trent විශ්වවිද්‍යාලයේ වසර ගණනාවක් කටයුතු කරන්නටත් හැකිවුණා.

ඇත්තෙන්ම එය මා ලැබූ ලොකු භාග්‍යයක් වගේම එමඟින් මා හට අත්දැකීම් සම්භාරයක් ලබා ගන්නටත් හැකිවුණා.

දැනට මා අපේ රටේ ව්‍යවසායකත්ව උපදේශකවරියක් ලෙස කටයුතු කරනවා. ඒ අතර ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙසින්ද කටයුතු කරමින් මා උගත් ශිල්පයෙන් තව කෙනෙකුට දිවියට සවියක් වන්නට නිරතුරුව කටයුතු කරනවා.

මෙලෙසින් මා ලැබූ සියලු අත්දැකීම් මතින් මගේ නිෂ්පාදන හා ඒ ආශ්‍රිත නිපැයුම් විවිධත්වයකින් යුතුව වෙළෙඳපොළට ලබාදීමටත් ඒ සඳහා නව නිර්මාණ ශිල්පීන්ට අත හිත දීමත් මගේ බලාපොරොත්තුවයි.”

ලෙදර් හෑන්ඩ් බෑග්, පර්ස්, ඒප්‍රන්, සංචාරක කර්මාන්තය ආශ්‍රිත ලෙදර් නිෂ්පාදන, ගෘහ භාණ්ඩ ආශ්‍රිත නිෂ්පාදන, පොත් පිටකවර, ඩයරි පිටකවර ඔරලෝසු පටි, ලෙදර් ජැකට් ඇයගේ නිෂ්පාදන අතර කැපී පෙනේ. මෙවැනි නිෂ්පාදන කිරීමට ඔබත් පෙරමං බලා සිටිනවා නම් ඒ සඳහා අත්වැල් සපයන්නට ඇය සූදානම් බව පවසන්නේ සතුටිනි.

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?