පොතුකබර රෝගයෙන් පීඩා විඳින්නෙකුට එය හුදෙක් ශාරීරික වේදනාවක් පමණක් නොව, සමාජීය වශයෙන් මුහුණ දීමට සිදුවන අපහසුතාවයක් ද වේ. විවිධ ආලේපන සහ තාවකාලික විසඳුම් මඟින් රෝගය මර්දනය කිරීමට උත්සාහ කළද, බොහෝ විට එය නැවත නැවත මතු වීම සාමාන්‍ය තත්ත්වයකි.
රෝග ලක්ෂණවලට පමණක් නොව, රෝගියාගේ ශාරීරික හා මානසික සමතුලිතතාව සුරකිමින් පොතුකබර රෝගය මුලිනුපුටා දැමීමට හෝමියෝපති වෛද්‍ය විද්‍යාව සතු සුවිශේෂී හැකියාව පිළිබඳව අද අපි විමසා බලමු.
පොතුකබර රෝගය යනු සරලව කුමක්ද? එය සාමාන්‍ය චර්ම රෝගයකින් වෙනස් වන්නේ කෙසේද?
පොතුකබර එහෙම නැත්නම් psoriasis ලෙස හඳුන්වන මෙම රෝගය සරලවම හැඳින්වුවොත් එය chronic autoimmune disease නැත්නම් නිදන්ගත ස්වයංක්‍රීය ප්‍රතිශක්තිකරණ රෝගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය සාමාන්‍ය සමේ රෝගයකින් වෙනස් වන්නේ එය බෝ නොවන ගණයේ රෝගයක්. ඒ වගේම මෙම පොතුකබර රෝගයේදී සමේ සෛල වේගයෙන් පිටතට වර්ධනය වෙනවා. ඒ මඟින් සම මතුපිට ස්තරය ගනකම් වී පොතු ලෙස ගැලවී යන කැසීම් සහිත ආසාදනය වූ පැල්ලම් ඇති කරනවා.
මෙම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු සහ අවදානම් සාධක මොනවාද?
මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන හේතු වශයෙන් නිශ්චිතවම හේතුවක් කිව නොහැකියි. මුලින් සඳහන් කළ පරිදි මෙය අධි ක්‍රියාකාරී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නිසා ස්වයංක්‍රියවම සමේ සෛල ගුණනය වේගවත් වීම නිසා ඇතිවන්නේ. ඊට අමතරව ජාන මඟින් මෙය පරම්පරාවකින් පරම්පරාවකට උරුම වීමේ අවදානමක් ද පවතිනවා.පොතුකබර රෝගය ඇතිවීමට අවදානම් සාධක ලෙස මානසික ආතතිය, සමහර ඉන්ෆෙක්ෂන්ස්, සමේ ඇතිවන තුවාල, සමහර ඖෂධ, දුම්පානය කිරීම සහ කාලගුණික වෙනස්කම් දක්වන්න පුළුවන්.
මෙය බෝවන රෝගයක්ද?
නැහැ. මෙය කිසිසේත්ම කෙනෙක්ගෙන් කෙනෙක්ට ස්පර්ශය මඟින් බෝ නොවේ.
පොතුකබර රෝගයේ මුල් රෝග ලක්ෂණ මොනවාද? රෝගියකුට මෙය තනිව හඳුනාගත හැකිද?
ඔව්. රෝගියකුට තනිව මෙය හඳුනාගත හැකියි. නිශ්චිතවම නොවුණත් රෝග ලක්ෂණ අනුව තමන්ට පොතුකබර රෝගය පවතීද යන්න සැක කළ හැකියි. එවැනි සැකයක් ඇතිවුවහොත් අනිවර්යයෙන්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසී රෝගය තහවුරු කරගෙන ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි. මොකද මෙහි ප්‍රභේද කීපයක් තිබෙනවා. වෛද්‍යවරයෙකුට පමණයි මෙහි පවතින ලක්ෂණ අනුව කුමන ප්‍රභේදයේ පොතුකබර රෝගය ද යන්න හඳුනාගත හැකි වන්නේ.
පොතු කබර රෝගයේ ප්‍රභේද :
• Plaque psoriasis – බහුලවම දැකිය හැකි ප්‍රභේදයයි. මෙහිදී ගනකම් පොතු ආකාරයෙන් සම ගැලවී රතු පැහැ පැල්ලම් ඉතිරි වේ.
• Inverse psoriasis – මෙහිදී සිනිදු රතු පැහැ ලප කිහිලිවල හා ඉකිළි ප්‍රදේශයේ ඇතිවේ.
• Guttate psoriasis -කුඩා වතුර බිඳුවක හැඩයෙන් යුතු තුවාල ඇතිවේ. බොහෝවිට මෙය infection මඟින් වැඩි විය හැකියි.
• Pustular psoriasis -සම මතුපිට වතුර බුබුළු මෙන් ඇතිවන පොතුකබර තත්ත්වයක්.
• Erythrodermic psoriasis- තද රතු පැහැයකින් යුතු ශරීරයේ විශාල ප්‍රදේශයක පැතිරුණු තත්ත්වයක්.
මේ වර්ග වශයෙන් රෝගීන්ට හඳුනාගත නොහැකි වුවත් පහත සඳහන් රෝග ලක්ෂණ මත පදනම්ව රෝගය හඳුනාගත හැකියි.
• රිදී සුදු පැහැ scales එහෙම නැත්නම් පොතු ආකාරයෙන් සම ගැලවී යාම හා රතු පැහැ ලපමතුවීම.
• කැසීම, දැවිලි ගතිය හා සමට සියුම් යමකින් අනිනවා වැනි වේදනාව
• වියළි ඉරිතැළුණු සම හා එම ඉරිතැළුණු ස්ථානවලින් රුධිර වහනය
• ගනකම් වූ රළු පලුදු වූ නියපොතු
• සමහර රෝගීන්ට මෙම රෝග ලක්ෂණ සමඟ සන්ධිවල ඉදිමුණු ස්වභාවයක් සමඟ වේදනාව ඇති කරනවා. එය psoriatic arthritis ලෙස හඳුන්වනවා.
පොතුකබර රෝගය සඳහා හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ ප්‍රවේශය බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා වෙනස් වන්නේ කෙසේද?
පොතු කබර රෝගයට පමණක් නොව අනෙකුත් රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ද හෝමියෝපති ප්‍රවේශය බටහිර වෛද්‍ය විද්‍යාව හා අනෙකුත් වෛද්‍ය විද්‍යාවන්ට වඩා වෙනස් වෙනවා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී වෛද්‍යවරයා වෙත පැමිණෙන රෝගියාගේ සියලුම රෝග ලක්ෂණ, රෝගියාගේ මානසික තත්ත්වය, ආහාර රුචිඅරුචිකම් ආදී හිසේ සිට දෙපතුළ දක්වා ඇති සියලුම රෝග ලක්ෂණ පදනම් කර ගනිමින් වෛද්‍යවරයා විසින් ලබා ගන්නා totality (සමස්ත රෝගී විස්තරය) අනුව හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ මූලධර්මය වන සමාන ලක්ෂණවලට අනුව සමාන ලක්ෂණවලින් යුතු ඖෂධ ලබාදීම යන මූලධර්මය මත පදනම්ව අවශ්‍ය ඖෂධ තීරණය කරනවා. එම නිසා වෙනත් වෛද්‍ය ක්‍රමවලදී මෙන් නොව රෝගියා වෛද්‍යවරයා වෙත තමාගේ සියලු තොරතුරු නිවැරදිව ලබාදීම ඉතා වැදගත්.
හෝමියෝපති මඟින් රෝගයේ රෝග ලක්ෂණ යටපත් කරනවා වෙනුවට සම්පූර්ණ සුවයක් ලබා දිය හැකිද?
ඔව්, අනිවාර්යයෙන් පුළුවන්. නිසියාකාර හෝමියෝපති ප්‍රතිකාර මඟින් රෝගියාගේ රෝග ලක්ෂණ මුලිනුපුටා දමන්නට පුළුවන්. නැවත රෝගය ඇතිවන්නේ නැහැ. නමුත් කිව යුතුයි. රෝගියාගේ තත්ත්වය මත පදනම්ව රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගත යුතු කාල සීමාව තීරණය වෙනවා.
ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධවල ස්වභාවය සහ ඒවායේ අතුරු ආබාධ පවතීද?
පොතුකබර සඳහා ලබාදෙන ඖෂධ අප ලබා දෙන්නේ මුඛය හරහායි.ආලේපන වර්ගත් ලබා දෙනවා. නමුත් මූලිකවම රෝගියාට ලබා දෙන්නේ globule හෝ tablet ආකාරයේ මුඛයේ දියවන ඖෂධ. මේවාට ජලය පානයක් සිදු කරන්නේ නැහැ. ඖෂධ ලබාගන්නා ආකාරය වෛද්‍යවරයා විසින් රෝගීන් සම්පූර්ණයෙන්ම දැනුවත් කිරීමෙන් අනතුරුවයි ඖෂධ ලබා දෙන්නේ.
ඒ වගේම මෙම හෝමියෝපති ප්‍රතිකාර සියයට සීයක්ම අතුරු ආබාධවලින් තොරයි. ඒ පිළිබඳව රෝගීන් කිසිසේත්ම අනිසි බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ.
රෝගීන් විශේෂයෙන්ම පරිස්සම් විය යුතු ආහාර වර්ග සහ පුරුදු මොනවාද?
සාමාන්‍යයෙන් මේ රෝගය සඳහා ආහාරවල බලපෑමක් නැහැ. නමුත් අත්දැකීමෙන් රෝගීන් ලබා ගන්නා ඇතැම් උෂ්ණාධික කෑම වර්ගවලින් රෝග ලක්ෂණ ඇතැම් විට වැඩිවෙන අවස්ථා තිබෙනවා. ඊට අමතරව අධික කාලයක් තද හිරු එළියේ සිටීමෙන් රෝග ලක්ෂණ වැඩිවීමක් වන්න පුළුවන්. ඊට අමතරව රෝගීන් හෝමියෝපති ප්‍රතිකාර ලබා ගැනීමේදී අනෙකුත් රෝගවලදී මෙන්ම කෝපි, චොක්ලට් නෙස්කැෆේ වැනි ආහාරවලින් වැළකී සිටිය යුතුයි. එවැනි ආහාර මඟින් ලබාගත් හෝමියෝපති ඖෂධ antidote (අක්‍රිය) විය හැකියි. එවිට නැවත රෝග ලක්ෂණවල වැඩිවීමක් සිදුවිය හැකියි. එම නිසා ඖෂධ ලබාගන්නා මුළු කාලය පුරාවටම එම ආහාරවලින් ඈත්වීම වැදගත්.
දිගු කාලීන බටහිර ඖෂධ භාවිත කළ රෝගියෙකුට හෝමියෝපති ප්‍රතිකාර වෙත යොමු විය හැකිද? ඒ සඳහා ගතවන කාලය කොපමණද?
ඔව් පුළුවන්. බොහෝවිට තවමත් රෝගීන් මෙම හෝමියෝපති ප්‍රතිකාර ගැන දැනුවත්කම අඩු වීම නිසාවෙන් බොහෝ විට අප ළඟට ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ බටහිර හෝ වෙනත් වෛද්‍ය ක්‍රමයකින් ප්‍රතිකාර ලබා සුව නොවූ විට යි. ඒ කෙසේ වෙතත් රෝගීන් හෝමියෝපති ප්‍රතිකාර වෙත පැමිණීමෙන් අනතුරුව හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ මූලධර්මවලට අනුව ප්‍රතිකාර ආරම්භ කළ හැකියි.රෝගියා සුව කිරීමට ගතවන කාලය
මා මුලින් සඳහන් කළ පරිදි රෝගියා අවම වශයෙන් මාස දෙකක් තුනක් හෝ ඊට වඩා වැඩි කාලයක් රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමට ගතවන්න පුළුවන්. වැදගත් කරුණක් තමයි රෝගියාගේ ශරීරයෙන් පොතු කබර කැලැල් පවා සම්පූර්ණයෙන් නැති වී යනතුරු ඉවසීමෙන් ප්‍රතිකාර ලබාගත යුතුයි.
පොතුකබර රෝගයෙන් පීඩා විඳින රෝගීන් සමාජය තුළ මුහුණ දෙන මානසික පීඩනය අවම කිරීමට ඔබ ලබා දෙන උපදෙස් මොනවාද?
ඇත්ත වශයෙන්ම පොතුකබර රෝගීන් බොහෝවිට විශාල මානසික පීඩනයකින් පෙළෙනවා. ඊට හේතුව සමාජයේ මෙම රෝගය පිළිබඳ දැනුවත් නොවීම හා සමේ ඇතිවන පොතු ගැලවෙන රතු වූ තත්ත්වය නිසා රෝගීන්ට සමාජයෙන් ඇතිවන කොන්වීම, පිළිකුල් කිරීම. මේ නිසා මේ රෝගයට ගොදුරු වූ පුද්ගලයින් ඇඳුම් පැලඳුම් ඇඳීමේදී රැකියාවලදී යම් පසුබෑමක් දක්වනවා. මගේ උපදෙස නම් ඔබ මේ රෝගයෙන් පීඩා විඳිනවා නම් ඔබ ඔබේ මනස පීඩාකාරී වන්නට නොදී ඒ රෝගයෙන් නිදහස් වනතුරු හැකිනම් ශරීරය ආවරණය වන ලෙස ඇඳුම් අඳින්න. ඔබ අවට සිටින අයව මෙය බෝ නොවන රෝගයක් බවට දැනුවත් කරන්න. හැකි පමණ මානසිකව නිදහසේ ගත කරන්න.
TEXT – අසිංසලා වීරහිංගේ
