Wednesday, February 4, 2026
Epaper
Home ගෘහ අලංකරණයඅලුත් අවුරුද්දට අලුත් තිර රෙදි

අලුත් අවුරුද්දට අලුත් තිර රෙදි

by Shanaka Lakehouse

තිර රෙදි නිවෙසට පිළිවෙළක් සහ සුන්දර බවක් ගෙන දීමට ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම තිර රෙදිවලින් නි‍ෙවසට නැවුම් එළියක් ගෙන දෙයි. අලුත් අවුරුද්දට තිර රෙදි යෙදීමේදී නි‍ෙවසේ බිත්තිවල ආලේප කර ඇති වර්ණය, නි‍ෙවසේ විශාලත්වය, බිත්තිවල උස, නි‍ෙවස පිහිටා ඇති ස්ථානයට අයත් දේශගු ණික ස්වභාවය සහ නි‍ෙවසේ කුමන ස්ථානයට තිර රෙදි යෙදිය යුතුද යන කරුණු පිළිබඳව මූලිකවම සැලකිලිමත් විය යුතුය.

මෙම කරුණු ගැන අවධානය යොමු කරමින් ඔබගේ නි‍ෙවස අලුත් අවුරුද්දට අලංකාර කර ගැනීමට පහත තිර රෙදි වර්ග භාවිත කළ හැකි වේ.

කැනේ තිර

කැනේ තිර යනු කවුළුවක පහළ කොටස පමණක් ආවරණය වන කෙටි තිරයි. සාමාන්‍යයෙන් කවුළුවේ මැද ලක්ෂ්‍යයේ සවිකර ඇති සැරයටියක එල්ලීමට හැකිය. මුළුතැන්ගෙයි, භෝජනාගාර, නාන කාමර, නිවාස, කාර්යාල ආදිය සඳහා භාවිත කළ හැකිය.

Pinich pleat තිර රෙදි

Pinich pleat තිර රෙදි ඉහළින් පිළිවෙළට මසන ලද රැලි ඇති අතර නි‍ෙවසට අලංකාර සහ ගැළපෙන පෙනුමක් ලබා දෙයි. මෙම තිර රෙදි බොහෝ විට සිල්ක් මෙන් වෙල්වට් වැනි සුඛෝපභෝගි රෙදිවලින් නිර්මාණය කරයි. විසිත්ත කාමර, කෑම කාමර හෝ ඔබට අවශ්‍ය ඕනැම තැනකට යෙදිය හැකිය.

Rod Pocket තිර

මෙම තිර රෙදි මුඳුනේ මැසූ සාක්කුවක් සහ තිර දණ්ඩක් සහිතව කෙළින්ම ලිස්සා යාමට ඉඩ සලසයි. නිදන කාමරවල හෝ කෑම කාමරවල භාවිතය සඳහා වඩාත් සුදුසු වන අතර නි‍ෙවසට සරල අලංකාරයක් ලබා දෙයි.

 

Grommet / Eyelet තිර

Grommet හෝ eyelet තිර රෙදිවල ඉහළ කෙළවරේ තැන්පත් කර ඇති විශාල ලෝහ වළලුවලින් සමන්විත වේ. විශාල කවුළු විවෘත වාතාවරණයක් සහිත කාමර සඳහා භාවිත කළ හැකිය.

 

Apron තිර

අඩ දිග තිර රෙදි ලෙස හැඳින්වේ. අඟල් කිහිපයක් පහළට විහිදෙන නමුත් බිමට ළඟා නොවේ. විවෘත කිරීමට හා වැසීමට ඉතා පහසුය.කවුළු යට කවුන්ටර සහිත මුළුතැන්ගෙවල්, නිදන කාමර ආදිය සඳහා භාවිත කළ හැකිය.

Valance තිර

Valance තිර යනු කවුළුවට ඉහළ කොටස පමණක් ආවරණය වන කෙටි අලංකාර පුවරු වේ.

විවිධ මෝස්තර යොදා ගත හැකිය. උදා÷ කොටු Pleated, Scalloped , Swag

 

Priscilla තිර

මෙය ඉහළ වශයෙන්ද භාවිත කළ හැකිය. එකිනෙකාට හරස් වන සහ දෙපැත්තට බැඳ ඇති විනිවිද පෙනෙන පුවරු දෙකකින් සමන්විත වේ. ගැහැනු ළමයින්ගේ නිදන කාමර, අමුත්තන්ගේ කාමර ආදී විවිධ තැන් සඳහා යොදා ගත හැකිය.

 

TEXT – චතූ වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?