නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පුරා පැවැති අයහපත් කාලගු ණික තත්ත්වයෙන් බොහෝ පවුල්වලට බලපෑම් ඇති වූ අතර ළදරුවන් සිටින මවුවරුන්ට එමඟින් දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවිය. පිරිසුදු ඇඳුම් සහ අත්‍යවශ්‍ය ළදරු සත්කාර ද්‍රව්‍ය ලබා ගැනීමට ඇති හැකියාව සීමිතවීම හේතුවෙන් සනීපාරක්ෂාව පවත්වා ගැනීමට සහ තම ළදරුවන් විෂබීජවලින් ආරක්ෂා කර ගැනීමට දැඩි අරගලයක නිරත වීමට ඔවුන්ට සිදුවිය.
මෙම හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් මවුවරුන්ට සහ දරුවන්ට සහාය වීමට පෙයාර්ස් බිලිඳු සත්කාර සේවා වැඩසටහන ඉදිරිපත් විය. ළදරුවන්ගේ සියුම් සම ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින සන්නාමයක් ලෙස විශේෂයෙන් මෙවැනි අවශ්‍යතා ඇති කාලවලදී නිෂ්පාදන හා අලෙවි කටයුතුවලින් ඔබ්බට යමින් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටීමේ කාර්යභාරය පෙයාර්ස් ශක්තිමත්ව ඉටු කරන ලදි.
පෙයාර්ස් බිලිඳු සත්කාරය විසින් ළදරුවන් තුන්දාහක් සඳහා අත්‍යවශ්‍ය ළදරු රැකවරණ සහාය ලබාදුන් අතර ඉතා කල්පනාකාරීව හා මනා සැලකිලිමත්භාවයකින් සකස් කරන ලද සත්කාර ඇසුරුම් බෙදා දෙන ලදි. මෙම සත්කාර ඇසුරුම් අතර වටිනා ළදරු සබන් ඇසුරුම් (baby shop value pack), ක්‍රීම්, කොලෝන්, නැවුම් බිලිඳු නැප්කින්, බිලිඳු කමිස සහ බිලිඳු තුවා ඇතුළත් වූ අතර එමඟින් ළදරුවන්ගේ සනීපාරක්ෂාව සුවපහසුව සහ දෛනික සත්කාර පිළිබඳ අවශ්‍යතාවන් සපුරාලන ලදී. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ෆීනික්ස්, ඩෙන්ට්සු ග්‍රාන්ට් සහ රිෆ්ලෙක්ට් සොලියුෂන්ස් ඇතුළු වටිනා හවුල්කරුවන්ගේ නොමඳ සහයද ලැබිණි.
යුනිලීවර් ශ්‍රී ලංකාහි අලෙවිකරණ අධ්‍යක්ෂිකා ශමාරා සිල්වා මහත්මිය මෙසේ පැවසුවාය.
“පෙයාර්ස් බිලිඳු සත්කාර සේවාව තුළින් බිලිඳු රැකවරණය විශ්වාස කරන අපි විශේෂයෙන් මෙවැනි අභියෝගාත්මක හා අසීරු කාලසීමාවලදී බිලිඳු රැකවරණය පවත්වා ගැනීම සඳහා මවුවරුන්ට සහාය වීමට අත්වැල් බැඳ ගන්නෙමු. මෑත කාලීන දරුණු කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පවුල්වලට සහයෝගය දැක්වීම සඳහා අපගේ කැපවීම මෙම මුල පිරීම මඟින් පිළිබිඹු කරයි. ළදරුවන්ට ලැබිය යුතු සනීපාරක්ෂාව, රැකවරණය සහ ආරක්ෂාව අපගේ බිලිඳු සත්කාර සේවාවෙන් ලැබෙන බව මෙමඟින් සනාථ කරයි.
චේතක ගුණවර්ධන මහතා අලෙවි ප්‍රධානි skin cleansing and baby මෙසේ අදහස් දක්වන ලදි.
“විශ්වාසනීයත්වය සහ මෘදුභාවය මත ගොඩනඟන ලද සන්නාමයක් වන පෙයාර්ස් බිලිඳු සත්කාර නිෂ්පාදන කාර්යයෙන් ඔබ්බට ගොස් අර්ථාන්විත මෙහෙවරක් ඉටු කරනු ලබයි. මෙම වැඩසටහන හරහා අතිශය තීරණාත්මක කාලයකදී අත්‍යවශ්‍ය සත්කාර සහිතව මවුවරුන්ට සහ ළදරුවන්ට සහාය වීම සඳහා හවුල්කරුවන් සහ ප්‍රජාවන් එක් කිරීමට අපට හැකි විය.”
ස්වර්ණවාහිනී සහ රන් fm සමඟ හවුල්කාරිත්වයන් හරහා මෙම මුල පිරීම තවදුරටත් ශක්තිමත් කරන ලද අතර රෙදි නැපි ළදරු තුවා, ළදරු ඇඳුම්, බ්ලැන්කට්, මේස්, swaddle රෙදි සහ ළදරු නාන තුවා වැනි අමතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙස ප්‍රජාවන්ට ආරාධනා කරන ලදි.
මෙම පරිත්‍යාගයන් එකතු කිරීමේ වැඩසටහන දෙසැම්බර් 06 වැනි දින සිට 10 වැනි දින දක්වා මහරගම, හෝමාගම, නුගේගොඩ සහ පිළියන්දල යන ප්‍රදේශවලදී පවත්වන ලද අතර, ඊට මහජනතාවගෙන් දිරිගන්වන සුළු ප්‍රතිචාරයන් හිමි විය. එකතු කරන ලද සියලුම අයිතමයන් දෙසැම්බර් 19 වැනි දින ස්වර්ණවාහිනී ආයතනයට භාරදුන් අතර අයහපත් කාලගුණක තත්ත්වයන්ගෙන් පීඩාවට පත් මවුවරුන්ට සහාය වීම සඳහා මෙම පරිත්‍යාග ගම්පහ, මහනුවර සහ බදුල්ල යන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පීඩාවට පත් පවුල් වෙත බෙදා දෙන ලදි.
මෙම මුල පිරීමට සහය දුන් සියලුම හවුල්කරුවන්ට සහ පරිත්‍යාගශීලීන්ට පෙයාර්ස් සිය අවංක කෘතවේදීත්වය පළ කරන අතර එය වඩාත් අත්‍යවශ්‍යම මොහොතක මවුවරුන් සහ ළදරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා වන කැපවීම නැවතත් තහවුරු කර ඇත.
