Wednesday, February 4, 2026
Epaper
Home පුවත්විවාහ 2026 මහා මංගල්‍ය අසිරිය

විවාහ 2026 මහා මංගල්‍ය අසිරිය

by Shanaka Lakehouse

2026 වසරේ ප්‍රථම විවාහ මංගල ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

Event Media ආයතනයේ අධ්‍යක්ෂිකා නිරෝෂා මෙන්ඩිස් ප්‍රධාන කොට ගෙන සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය සඳහා විවාහ මංගල සේවයන් සපයන ආයතන 150ක් සම්බන්ධ වූහ. මේ වසරේ පවත්වනු ලැබූ ප්‍රථම හා දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය වූ “විවාහ 2026″ට සහභාගි වූ විවාහ අපේක්‍ෂිත යුවළ සඳහා විශේෂිත වට්ටම්, වවුචර්පත් රැසක් හිමිවුණි.

Event Media ආයතනය 17 වැනි වරටත් පවත්වනු ලැබූ මෙම “විවාහ 2026” මංගල ප්‍රදර්ශනය සඳහා මංගල ක්ෂේත්‍රයේ දැවැන්තයක් රැසක්ම අනුග්‍රාහක දායකත්වය සපයන ලදි.

මේ එලෙසින් පැවැති දුරුතුමහේ මහා මංගල ප්‍රදර්ශනයේ අසිරිමත් අවස්ථා කිහිපයකි.

TEXT – අචිනි ලක්මාලි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?