ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ලංකා කුමාරි සුමනසේකරගේ ලිය අභිමානී වැඩමුළුවේ 76 වැනි වැඩමුළුව මෙම විවාහ මංගල්‍ය ප්‍රදර්ශන කුටියේදී පැවැත්වුණි.
එහිදී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී, ජනාධිපති සම්මානලාභී සමන්ත ගුණසේකර සහ ජොනී ගුණසේකර මේනකා ජයවර්ධන යන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන් විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදි.
මෙම ලිය අභිමානී වැඩ මුළුවේදී ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පී සමන්ත ගුණසේකරයන් විසින් මනාලියක හැඩගැන්වීමේදී තිබිය යුතු සරල බවත්, රූපලාවණ්‍ය ශිල්පියා මනාලිය හුදෙක් නිරූපිකාවක් නොකර හැඩගැන්විය යුතු බවත් මෙහිදී අවධාරණය කළේය.

