ශ්‍රී ලාංකේය සත්කාරක ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් “කුකුස් සමූහය” (Kukus Group) සිය ව්‍යාපාරික මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කර තිබේ. දේශීය සංස්කෘතිය සහ තාරුණ්‍යයේ රුචිකත්වය මුසු කරමින් ගොඩනැඟුණු මෙම සමූහය ප්‍රධාන ව්‍යාපෘති දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
එහි පළමු පියවර ලෙස, “කුකුස් රෙස්ටුරන්ට්” හරහා වෙරළබඩ අත්දැකීමක් ලබාදෙන “කුකුස් බීච්” (Kuku Beach) සහ අඩු සහන මිලට ගුණාත්මක වීදි ආහාර ලබා දෙන “කුකුස් ස්ට්‍රීට්” (Kuku Street) හඳුන්වා දී ඇත. මීට අමතරව මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය තේමා කරගත් “බයිස්කෝප්” (Baiscope) සංකල්පය හරහා සිනමා ලෝලීන්ට සංස්කෘතිකමය වටිනාකමකින් යුත් අපූර්ව රසවින්දනයක් ලබා දීමට ඔවුන් කටයුතු කරයි.
මෙම ව්‍යාපාර සමූහයේ සභාපති නදීර සේනානායක මහතා ඇතුළු කළමනාකාරීත්වයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාරය ඉදිරි වසර 5 තුළ දිවයින පුරා ශාඛා 18ක් දක්වා ව්‍යාප්ත කරමින් දේශීය තරුණ පරපුරට රැකියා අවස්ථා උදා කර දීමට ද සැලසුම් කර ඇත. ශ්‍රී ලාංකේය සන්නාමයක් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම මොවුන්ගේ අවසාන ඉලක්කයයි
