කිසිම රහසක් සදාකාලිකව සඟවා තැබිය නොහැකි නමුදු , පියෙකුට තම දරු පවුල තරම් වටිනා වස්තුවක් තවත් නොමැත.
ප්‍රේක්ෂක මනසින් සදා නොගිලිහෙන ධර්ම යුද්ධයේ හරිස්චන්ද්‍ර යළි ප්‍රේක්ෂකයා අතරට පැමිණීමට සූදානම් වන්නේ, වසර අටකට පසුව නව මුහුණුවරකින් යළි ඇරඹෙන ෂේන් සමරනායක ඝාතන නඩුවේ විමර්ශන කටයුතු ද සමඟිනි. 2017 වසරේ තිරගත වූ ” ධර්ම යුද්ධය ” චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම ලෙසින් තිරයට එක්වන ” ධර්ම යුද්ධය – 2 ” එළැඹෙන ජනවාරි 23 වැනි දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් හි තිරගත වීමට නියමිතව ඇත. මහරාජා මාධ්‍යජාලයේ නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වන “ධර්ම යුද්ධය – 2” චිත්‍රපටය අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන අතර, අනුවර්තනීය තිර රචනය සහ නිර්මාණ සැලසුම්කරණය සුනෙත් මාලිංග ලොකු හේවා විසින් සිදු කර ඇත. විධායක නිෂ්පාදනයෙන් යසරත් කමල්සිරි,රේඛීය නිෂ්පාදනයෙන් ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක, කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ෂාන් අල්විස්, සහය අධ්‍යක්ෂණයෙන් රන්ජන් ප්‍රසන්න, නිෂ්පාදන කළමනාකරණයෙන් මොහාන් රාමනායක, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, අංග රචනයෙන් ප්‍රියංක රත්නායක, පසුබිම් සංගීතයෙන් කේෂාන් පෙරේරා, ගී පද රචනයෙන් අංජලී බුදවත්ත ජයවර්ධන සහ වසන්ත දුක්ගන්නාරාල, තේමා ගී තනු නිර්මාණයෙන් රවිහාන්ස් වැටකේපොත, ගීත ගායනයෙන් බිමල් ජයකොඩි, රශ්මිත අභිෂේක විජේරත්න සහ ඉෂාක් තිමති සිල්වා, ඇඳුම් නිර්මාණයෙන් නිවර්තනා මාන්නගේ, විශේෂ ප්‍රයෝග සජීවීකරණයෙන් කසුන් චන්ද්‍රනාත් පතිරණ, නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවාරච්චි, කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් සන්තුස් නිමේෂ සහ ආලෝකකරණයෙන් අාරියරත්න පෙරේරා එක්ව සිටි.
බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, විනුමි වින්සදී, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, ආනන්ද අතුකෝරාල, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක, මෞලි ෆර්ඩිනැන්ඩු, නලින් ලුසේනා, කලන ගුණසේකර, බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ, කසුනි කාවින්ද්‍යා, හර්ෂිකා රත්නායක, තිලක්ෂණී රත්නායක, ආරියසේන ගමගේ, ඉරේෂ් ලක්මාල්, නිරුක්ෂාන් ඒකනායක, ජයරත්න ගලගෙදර ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා රංගනයෙන් එක්වී ඇත.
