ඔයා කොයිතරම් නම් අයිස් පලම් කාලා තියෙනවාද? අයිස්්පලම් කාලා අයිස්පලම් කෝට්ට විසික් කරනවා නේද? අද ඉඳන් ඒ දේ නොකර ඒකෙන් පලක් ඇති වැඩක් කරමු ද? ස්වයං රැකියාවක් කරන්න අතේ මුදලක් නැතිව ඉන්න ඔබට කිසිදු මුදලක් වැය නොකර විවිධ නිර්මාණ කරන්න කදිම මඟකි මේ. ඔබේ ආදරණීයයන්ට තිළිණ කරන්නත් කදිමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
අයිස්ක්‍රීම් කෝටු (popsicle stick)
හිස් වීදුරු ජෑම් බෝතලයක් හෝ ඉවතලන කුඩා ටින් එකක්
හොට් ග්ලූගන්
රතු වර්ණයෙන් යුතු ටුවයින් නූල්
වර්ණ කිහිපයකින් ෆැබ්රික් තීන්ත හා පින්සලක්
සාදන අයුරු
මුලින්ම ජෑම් බෝතලය හොඳින් පිරිසුදු කරගෙන පසෙකින් තබාගන්න.
අයිස්ක්‍රීම් කෝටු එකිනෙක වර්ණයන්ගෙන් වර්ණ ගන්වාගන්න.
පැය කිහිපයකින් එය වියළීමෙන් පසු ග්ලූ ගන් එක ආධාරයෙන් එක පෙළකට සිටින සේ අලවාගන්න. ඉන්පසු ජෑම් බෝතලයේ පිටත වැසෙන සේ වටේට අල්වාගන්න.
අලංකාරයට අඟලක පමණ ප්‍රමාණයෙන් ඉහළින් සහ පහළින් ටුවයින් නූල වටා 3-4ක් ඔතාගන්න.
අවශ්‍ය නම් ඔයාලට වෂී ටේප්, භාග පබළු, සීක්වින්ස්, රිබන් වර්ග, ලේස් රෙදි හෝ රේන්ද වර්ග මෙය සැරසීම සඳහා භාවිත කරන්න පුළුවන්. එසේත් නොමැති නම් අයිස්ක්‍රීම් කෝටුවල වර්ණ නොගන්වා වුවද පාවිච්චි කරන්න පුළුවන්.
දුවගෙ පුතාගෙ පාඩම් කරන මේසේ උඩ තියන්න. කෑම මේසේ මල් බඳුනක් ලෙස, Makeup බඩු දාන්න, දත් බුරුසු රඳවන්න, මුළුතැන්ගෙයි හැඳි ගෑරුප්පු රඳවන්න හෝ පාසලේ ගුරුතුමියට තෑගි කරන්නත් කදිමයි.
පොප්සිකල් කෝටු භාවිත කර ඉතා අලංකාර වටිනා නිර්මාණ රැසක් හදන්න පුළුවන්. අද තරුණී අත්කම් නිර්මාණ පිටුවෙන් කියා දුන්නෙ එක නිර්මාණයක් පමණයි. ඒ ඇසුරෙන් ඔබේ නිර්මාණශීලි හැකියාව අනුව නිර්මාණ පෙළක් බිහිකර ගත හැකියි.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
