Monday, January 19, 2026
Epaper
Home ස්වයං රැකියාඅජීවී ගලෙන් නිමවෙන සජීවී නිර්මාණ

අජීවී ගලෙන් නිමවෙන සජීවී නිර්මාණ

by Shanaka Lakehouse

අපේ දෙනෙත් ඉදිරිපිට නිරතුරුවම සොඳුරු දසුන් මවාලන මේ සොබාදම් දිනිතිය මහා පුදුමාකාරය. ඇය සතු ජීවී, අජීවී සෑම සියලුදේම සැමවිටම අපේ ජීවිතවලට එක් කරන්නේ අපූරු ශක්තියකි. ජවයකි.

බලන්න මේ විසිතුරු නිර්මාණ දෙස. සොබාදහමේ අසිරිමත් නිමවුම් දෑතේ හැකියාවෙන් වටිනා නිර්මාණ බවට පත්වී ඇති අන්දම හරිම අපූරුයි නේද? මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ විවිධාකාර හැඩයේ සුමට ගල්, නිල්, රතු, කොළ, කහ වැනි වර්ණ සහ පින්සල් කිහිපයක් පමණි. ලොකු කුඩා විවිධ ප්‍රමාණයේ, විවිධ හැඩයේ ගල් කැබලිති ඉතා සියුම්ව වර්ණ ගන්වා හැඩති මල් ලියකම්, අලංකාර කැටයම් මෙන්ම පුංචි පුංචි දසුන්වලින් අලංකාර කර ඇත.

කුඩා විසිතුරු භාණ්ඩ ලෙසින් සාලය, විසිත්ත කාමර‍ය කලඑළි කරන්නට, කාර්යාල මේසයේ කඩදාසි එහාමෙහා නොයන්නට තබන්නට සේම බර අඩු, හැඩයෙන් වැඩි ඒවා බිත්තියේ රැඳවීමට හැකි ආකරයට සකසා ගත හැකි අතර මෙවැනි කුඩා කුඩා විසිතුරු නිර්මාණ ඔබට රාක්කවලද තැබිය හැකියි.

නිවෙස සරසන්නට විවිධ කලාකෘති සොයනා ඔබට මෙවැනි නිර්මාණ කිහිපයක් තමන්ගේම දෑතින් සකසා ගත හැකි අතර තවකෙකුට තිළිණ කිරීමටත් අපූරුයි. ඊට අමතරව මෙය කදිම ස්වයං රැකියාවක් බවද නොකියාම බැහැ.

TEXT – චම්පා වරුසප්පෙරුම

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?