අහල තියෙනවද සෝමපාල ලීලානන්ද මහත්මයාගේ හරිම හැඟුම්බර ගීතයක් තියෙනවා,”සැරයටියෙන් අපි යනෙන තුරා – සංසාරේ අපි එකට ඉමු” කියලා. බොහෝ ප්‍රේමවන්තයන් පෙම්වතුන් වූ මුල්ම දිනයේදී මෙවැනි පොරොන්දු ගණනාවක් දෙනවා.ඇතැම් විට ඔබටත් එවැනිම අත්දැකීම් ඇති. ඔව් ඒක සාමාන්‍ය දෙයක්.
ඔබට මතකද අගලවත්තේ අවුරුදු 79ක ජී.නන්දාවතී අම්මා. ඇය අගලවත්ත, දෙල්පාවත්ත, මහගම ප්‍රදේශයේ තමයි ජීවත් වුණේ. ඇගේ සැමියාට අවුරුදු 85ක්. දීර්ඝ කාලයක් ඔවුනොවුන් විවාහකව ජීවත් වනවා. නමුත් සෝමපාල ලීලානන්ද මහතා පවසන අන්දමින් එම සැමියාට දුන් පොරොන්දු ඉටු කිරීමට හැකි වූයේ නැහැ. එයින් සිදු වූයේ විශාල ඛේදවාචකයකි. ඒ 2026/01/02 රාත්‍රියයි.
අප සියල්ලන්ගේම ජීවිතවල පොදු මිනිස් දුර්වලතා තියෙනවා.පොදු මිනිස් දුර්වලතා කියන්නේ ඊර්ෂ්‍යාව, කුහකකම, තරහව,කෝපය, මෝඩකම වගේ දේවල්. සත්‍ය වශයෙන්ම මෙවැනි කිසිදු දුර්වලතාවක් මා සතුව නැතැයි කිසිවකුටත් හෘද සාක්ෂියට අනුව පැවසිය නොහැකියි. එය සැබවින්ම අතිශයින් සාමාන්‍ය දෙයකි.නමුත් මනසින් උසස් සත්ත්වයන් වන අප එම දුර්වලතාවන් අවස්ථානුකූලව නිවැරදිව පාලනය කිරීම තමයි වැදගත් වන්නේ. එසේ නොමැති වුවහොත් එය අවසානයේ මහා ඛේදවාචකයකින් අවසන් වේ.
අගලවත්තේ මෙම සිදුවීමේදී බහින්බස්වීමක් නිසා කෝපයට පත් සැමියා විසින් තම බිරිඳට දොර පොල්ලෙන් පහර දී තිබේ.එයින් ඇය ජීවිතක්ෂයට පත් වෙයි. එයට හේතුව වන්නේ ක්ෂණික කෝපය පාලනය කර ගැනීමට නොහැකි වීමයි. ඉවසීම ප්‍රගුණ නොකිරීමයි. ඒ සඳහා වයස බලපාන්නේ නැත. මෙය තරුණයකුගෙන්ද සිදුවිය හැකියි.
තමන්ගේ ඉවසීම ප්‍රගුණ නොකිරීම නිසා තවත් අහිංසක ජීවිතයකට තම ජීවිතයෙන්ම වන්දි ගෙවීමට සිදුවුණා.එවැන්නන් මෙලොවටද එලොවටද පාපයන් එක් රැස් කරගනියි.අප අනෙකා පිළිබඳ ඇති ගෞරවය, සහකම්පනය සෑම විටම පවත්වාගත යුතුයි.එසේ නොමැති වූ විට ඔබට අනෙකා තවත් එක් භාණ්ඩයක් පමණක්ම බවට පත්වේ.අනෙකාගේ ජීවිතය විනාශ කිරීමට පවා පසුබට නොවෙයි.බිය නොවෙයි. සරල ලෙස පෙන්වා දුනහොත් එම හැකියාව එකිනෙකාගේ පෞරුෂයන්, අත්දැකීම්, ඔවුන් අතර ඇතිවන පෙර සිදුවීම්, ඔවුන්ගේ මානසික මට්ටම්, බහින්බස්වීමේ හේතු මත පදනම් වේ.
එනම් ඔබත් ඔබේ පොදු මිනිස් දුර්වලතාවන් පාලනය කර ගනිමින් අනෙකා දෙස සනුකම්පිතව බැලීමට උත්සුක වන්න. එවිට යහපත් සමාජයක් නිර්මාණය වීම කිසිවෙකුටත් නවතාලිය නොහැකිය.
උපදෙස්
සහය කතිකාචාර්ය
බී.එම්.ඒ.ටී.අනුපමා
මනෝවිද්‍යා අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
TEXT – ටිරුණි ඉමායා වීරසිංහ
