Wednesday, January 28, 2026
Epaper
Home විශේෂාංගවර්ණ නැති රේඛාවලින් හැඟීම් ජීවත් කරවන කලාව

වර්ණ නැති රේඛාවලින් හැඟීම් ජීවත් කරවන කලාව

by Shanaka Lakehouse
දිනිඳු කෝකිලාඅත්කම් නිර්මාණ ශිල්පිනිය

දිනිඳු කෝකිලා
අත්කම් නිර්මාණ ශිල්පිනිය

කඩදාසි කැබැල්ලක්, පෑනක් සහ හිතේ උපන් සිතිවිල්ලක්.. මේ සරල දේවල් තුන එකට එකතු වෙද්දී ජීවිතයක් වගේම හැඟීම් පිරි චිත්‍රයක් උපදිනවා. ඒ තමයි Pencil Art කියන්නේ. වර්ණ නැති වූවත්, රේඛා කිහිපයක් අතරින් සිනාවක්, වේදනාවක්, සිහිනයක් හෝ මතකයක් පවා ජීවත් කර පෙන්වන්න පුළුවන් විශේෂ අත්කම් කලාවකි මෙය.

අද තරුණ තරුණීයන් අතර ඉතා ජනප්‍රිය වෙමින් තියෙන්නෙ මේ Pencil Art කලාව සරල උපකරණ භාවිත කරමින් අසීමිත නිර්මාණාත්මක හැකියාවන් ලෝකයට විවර කරන අතිශය විශිෂ්ට කලා මාර්ගයක් වෙයි.

Pencil Art කලාවට ඉතාම දක්ෂ අත්කම් නිර්මාණ ශිල්පිනියක් වන දිනිඳු කෝකිලා ඉතාම දක්ෂ ලෙස මෙම නිර්මාණ කලාව සිදුකරගෙන යන ශිල්පිනියකි. කුඩා කාලයේ පටන්ම නර්තනයට දස්කම් දැක්වූ මේ තරුණිය වර්තමානය වන විට අපූරු නිර්මාණ ශිල්පිනියක් බවට පත්ව තිබේ. තවමත් වයස අවුරුදු 23ක තරුණියක් වන මැය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරන අතරතුර මේ කලාව පවත්වාගෙන යනු ලැබේ. මේ Pencil Art කලාව ආරම්භ කර තිබෙන්නේ තම දක්ෂතා වැඩි දියුණු කර ගැනීමටය. ඇයගේ මෙම නිර්මාණ දුටු බොහෝ දෙනා ඇයගෙන් Pencil Art නිර්මාණ සිදු කර ගැනීමට පෙලඹී ඇත. මෙම තරුණිය තමාගේ අතින් අන් අයගේ සිතුවම් හරි අපූරුවට නිර්මාණය කර දීමෙන් බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ. ඇය Pencil Art කලාව ඇඳුම් මත, කුඩ මත ද අලංකාර සිතුවම් ඇඳ තම අත්කම් නිර්මාණ දියුණු කරගෙන තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන අතරතුර තමාගේ කලාවක් ඉදිරියට පවත්වාගෙන යාම ඇයට ඉතාම වැදගත් සාධකයක්. මේ pencil art නිර්මාණ සිදු කරන ආකාරය මෙසේය.

අවශ්‍ය ද්‍රව්‍ය

Kent papers

Venus pencil

Staedtler pencil

Faber castell pencil

Point brush

Mozo

Eraser

Charcol

Derwent

මෙම උපකරණ යොදා ගනිමින් ඉතාමත් අලංකාරවත් ලෙස pencil art නිර්මාණයක් සිදු කරගත් හැකිය.Pencil Art සෑම දෙනාටම එකම ආකාරයට සිදු කරගෙන යාම අපහසු බව දිනිඳු අත්කම් නිර්මාණ ශිල්පිනිය සඳහන් කලේ. මේ සඳහා සිතුවම් කිරීමේ හැකියාව අවශ්‍ය බවත් මෙම කලාව හොදින් ඉගෙනීම තුළින් අලංකාරවත් නිර්මාණ සිදු කිරීනට හැකි බවයි නිර්මාණ ශිල්පිනිය සදහන් කළේ. ස්වයං රැකියාවක් ලෙස වූවද මෙම pencil art කලාව සිදු කරගෙන යාමට හැකිය. මේ සඳහා මූලිකවම අවශ්‍ය වන අමුද්‍රව්‍ය මිලදී ගැනීමෙන් අනතුරුව මේ සඳහා විශාල මුදලක් වැය නොවේ. මේ සඳහා ඉතාම වැදගත් වන්නේ කාලය සහ ඉවසීම පමණි. Pencil Art කලාව හොඳ ආදායම් මාර්ගයක් වශයෙන් ඔබගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඉතාම වැදගත් වෙයි. එලෙස වෙ‍ෙළපෛාළ තුළ Hand painting,Water Colours වලින් චිත්‍ර ඇඳීම හරහා වැඩි ඉල්ලුමක් හිමිවේ.

දිනිඳු අත්කම් නිර්මාණ ශිල්පිනිය තවත් බොහොමයක් නිර්මාණ සිදු කරනු ලබයි. තමාගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබා ගන්නා තරුණියකි. මැය Wall art, මියුරල් කලාව, Fabric painting ඕනෑම ඇදුමක, ගවුම්, බ්ලවුස්, සාරි ආදියේ සිදු කරනු ලැබේ. මේ ආකාරයට ඔබටත් ඔබේ අත්කම් නිර්මාණ ස්වයං රැකියාවක් ලෙස ඉදිරියට සිදු කරගෙන යෑමට හැකිය. ඒ ඔස්සේ කාන්තා ඔබේ ආර්ථිකය සවිමත් කර ගැනීමට හැකියාව ලැබේ. දිනිඳු කෝකිලා වැනි ඉතාමත් දක්ෂ අත්කම් නිර්මාණ ශිල්පිනියන්ගේ නිර්මාණවලට තව තවත් ඉහළ වටිනාකමක් හිමිවිය යුතුමය.

TEXT – සඳුනි මුණසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?