Tuesday, February 3, 2026
Epaper
Home වෛද්‍යරෝග රැසකට ගු ණ ගෙනෙන ඖෂධීය ගු ණයෙන් අනූන හීංබෝවිටියා

රෝග රැසකට ගු ණ ගෙනෙන ඖෂධීය ගු ණයෙන් අනූන හීංබෝවිටියා

by Shanaka Lakehouse

ඉතාමත්ම දැකුම්කලු රෝස පාටට හුරු දම් පැහැයකින් යුත් මලක් හටගන්නා හීංබෝවිටියා ශාකය යනු ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ දැක ගත හැකි ශාකයක් ලෙස පෙන්වා දිය හැකිය.

විශේෂයෙන්ම මෙම ශාකය ජලාශ්‍රිතව හා සෙවණෙහි වැඩීමට ප්‍රියතාවක් දක්වනු ලබයි. මෙය ඖෂධීය වටිනාකමකින් අනූන ශාකයක් වන අතර ශාකයේ කොළ විශේෂයෙන්ම අක්මාවේ පවතින ආබාධ තත්ත්වයන් සුව කිරීමට උපකාරී වනු ඇත. එසේම අර්ශස් රෝග සමනයට, පිළිකා මර්දනය කර ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට, දියවැඩියා රෝගයට, පාචනයට, සෙංගමාලයට, ශරීරය සිසිල් කිරීමට ආදී නොයෙකුත් රෝග තත්ත්වයන්වලදී හීංබෝවිටියා ශාකය ඖෂධයක් ලෙස භාවිත කරනු ලබයි. අද අප ඔබට ගෙන එන්නේ මෙම ඖෂධීය වටිනාකමකින් යුතු ශාකයේ කොළ භාවිත කරමින් පිළියෙල කරගත හැකි ආහාර කීපයකි.

හීංබෝවිටියා කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

හීංබෝවිටියා කොළ මිටක් හෝ දෙමිටක්

පොල් කිරි කෝප්ප 1ක්

වතුර කෝප්ප 1ක්

සුදු ලූනු ගෙඩි 1ක්

බී ලූනු ගෙඩි 1ක්

කැකුළු සහල් මිටක්

ලුණු

සාදන ක්‍රමය

හොඳින් සෝදා පිරිසුදු කරගත් හීංබෝවිටියා කොළ මිටක් ගෙන වතුර කෝප්ප එකක් මිශ්‍ර කර හොඳින් කොටා යුෂ වෙන් කර ගන්න. කැකුළු හාල් ළිප තබා සාමාන්‍ය බතක් ලෙස පිස ගන්න. පසුව ඊට පොල් කිරි, සුදු ලූනු, බී ලූනු එකතු කර මඳක් තැම්බෙන්නට හැර හීංබෝවිටියා කොළ යුෂ එකතු කර පදමට ලුණු ද එකතු කර හොඳින් කකාරා විනාඩි පහක් පමණ තබා ළිපෙන් බා මඳක් නිවුණු පසු පානය කරන්න. මෙහි රසයට අකැමැති නම් වෙනත් පලා වර්ග එකතු කර රසය වෙනස් වන පරිදි සකස් කර ගත හැකිය.

 

හීංබෝවිටියා තේ පානය

සාදා ගන්නා ආකාරය

හොඳින් පිරිසුදු කරගත් හීංබෝවිටියා කොළ අව්වේ වේළා ගන්න. හොඳින් වේළුණු පසු ඒවා කුඩු කර ගන්න. කල් පවත්වා ගැනීම සඳහා වියළි බෝතලයකට දමන්න. එයින් තේ හැඳි කිහිපයක් වීදුරුවකට දමා උණු වතුර එක්කර විනාඩි තුනක් පමණ තම්බා ගන්න. ඉන්පසුව පෙරා ගැනීමෙන් ඔබට පානය කළ හැකිය.

 

හීංබෝවිටියා සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය

හීංබෝවිටියා කොළ මිටක්

ලූනු ගෙඩියක්

අමු මිරිස් කරල් දෙකක්

දෙහි ගෙඩි එකක්

සිහින්ව ගා ගත් පොල් ස්වල්පයක්

ලුණු

සාදා ගන්නා ආකාරය

හීංබෝවිටියා කොළ මිටක් ගෙන හොඳින් සෝදා සිහින්ව කපා ගන්න. ලූනූ සහ අමු මිරිස් ද සිහින්ව කපා ගන්න. එයට සිහින්ව ගා ගත් පොල් ස්වල්පයක් හීංබෝවිටියා කොළ සමඟ මිශ්‍ර කරන්න. එයටම කපා ගත් ලූනු, අමු මිරිස්, දෙහි යුෂ ස්වල්පයක් සහ අවශ්‍ය පදමට ලුණු එකතු කර හොඳින් කලවම් කර ආහාරයට ගන්න.

***********************************************

හීංබෝවිටියා ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය

හීංබෝවිටියා කොළ මිටක්

උකු පොල් කිරි ස්වල්පයක්

අමු තුනපහ කුඩු තේ හැඳි භාගයක්

මිරිස් කුඩු තේ හැන්දක්

කහ කුඩු තේ හැඳි කාලක්

බී ලූනු ගෙඩියක්

සුදු ලූනු බික් දෙකක්

අමු මිරිස් කරල් දෙකක්

කරපිංචා

රම්පේ

කුරුඳු පොතු

උළුහාල්

ලුණු

සාදා ගන්නා ආකාරය

හීංබෝවිටියා කොළ හොඳින් සෝදා ගන්න. සෝදාගත් හීංබෝවිටියා පසෙකින් තබා මැටි හට්ටියක් ගෙන එයට උකු පොල් කිරි ස්වල්පයක් එක් කර ගන්න. එයට අවශ්‍ය පදමට ලුණු එක් කරගන්න. පසුව අමු තුනපහ කුඩු, කහ කුඩු, සිහින්ව කපා ගත් ලූනු, අමුමිරිස්, තළා ගත් සුදු ලූනු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, උළුහාල් ආදිය එකතු කරගනිමින් හොඳින් කලවම් කරන්න. එම හට්ටිය ලිප මත තබා හොඳින් කලවම් කරන්න. කිරි ටික හොඳින් පැසී ගෙන එන විට හීංබෝවිටියා කොළ එයට එකතු කරගෙන හොඳින් කලවම් කරන්න. කිරි ටික හිඳෙන තෙක් පිස ගන්න.

TEXT – සංචලා කුලසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?