මේෂ ලග්නය
ලැබීම් අතින් යහපත් වන කාලයකි. කාලයක් තිස්සේ උත්සාහයෙන් ලබා ගත් දෙයක ප්‍රතිඵල ලබන කාලසීමාවකි. රැකියා ව්‍යාපාර දෙකටම සුබවේ. රැකියාවේ උසස් තත්ත්වයන් සුදුසු තැන ලබන කාලයකි. විවාහක අය අන් පාර්ශ්වයන් සමඟ තරමක් ගැටෙයි. නොසිතූ ලෙස සතුරු කරදරද ඇතිවීමට ඉඩ පවතින මාසයකි. තමන්ගේ පවුල් ජීවිතයට පිටස්තර අයගෙන් බලපෑම් ඇතිකරයි. රාජ්‍ය අංශයේ රැකියා කරන අයට තරමක් යහපත් වන අතර බලාපොරොත්තු නොවූ සතුරු කරදරයක් ඉස්මතු වී පැන නැඟෙන කාලයකි. ස්නායු සම්බන්ධව, පාද, දණහිස් සම්බන්ධ රෝගී තත්ත්ව, සෙම් කෝපවීම්, වයිරස් රෝග නිතර මතුවිය හැකියි. සෙනසුරු ඒරාෂ්ටක අවධියක් ගෙවන බැවින් අනතුරුවලට ද ඉඩ ඇති බැවින් ප්‍රවේසම්වන්න.
ජය අංකය – 2 ජය වර්ණය – ක්‍රීම්
වෘෂභ ලග්නය
ඉදිකිරීම් කටයුතුවලට සුබ කාලයකි. විදෙස්ගත වීම් ස්ථිර වේ. පෙර පින් බලයෙන් ලැබීම් මතුවේ. භූමියක් හෝ ගේදොර ඉඩකඩම් යානවාහන සම්බන්ධව පෙර තිබූ බලාපොරොත්තුවක් හෝ පෙර තිබූ ගැටලුවක් නිරාකරණය වී යහපත් ප්‍රතිඵල උදාකරයි. මුදල් යොදවා අලුතින් කරන ව්‍යාපාරවලින් දියුණුවක් ඇති කරයි. රැකියාවේ ද පෙර තිබූ අසුබතා මඟහැරී යයි. විවාහය සම්බන්ධ බලාපොරොත්තුවෙන් සිටි මංගල යෝග යහපත් වන මාසයකි. දරුවන් නිසා වෙහෙසෙන කාලයකි. අධ්‍යාපන කටයුතුවලට සුබ වන අතර විදෙස්ගත අධ්‍යාපනික වරම් ලබන කාලයකි. මාසය අවසාන භාගය වන විට නොසිතූ ලෙස ලෙඩ රෝගවලට ගොදුරු විය හැකිය.
ජය අංකය – 05 ජය වර්ණය – දුඹුරු
මිථුන ලග්නය
ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ව්‍යාපාර ආරම්භයට සුබ කාලයකි. අලුත් අදහස් මතු කරයි. පමා වෙමින් තිබූ මංගල කටයුතු ස්ථීරවන අතර බාධා වෙමින් තිබුණු විවාහයේ ප්‍රශ්න තරමක් යටපත් වන යෝග මතුවේ. මුදල් ගනුදෙනුවලදී මුදල් සම්බන්ධ කටයුතුවලදී ඉතා ප්‍රවේසම් වන්න. ණයවීම් ණය ගැනීම්වලට එතරම් සුබ නැත. දරුවන්ගේ කටයුතු නිසා සිත සහනය ගෙන දෙන මාසයකි. ක්‍රීඩා අංශවල නියුතු අයට සුබවන අතර අධ්‍යාපනයේ සුළු සුළු බාධා මතුකරයි. තාක්ෂණික, වාණිජ ක්ෂේත්‍රවල අධ්‍යාපන සහ වෘත්තිමය කටයුතු කරන අයට තරමක් සුබදායකයි. පාද ආශ්‍රිතව අස්ථි සම්බන්ධ රෝග, ලේ ආශ්‍රිත රෝග මතුවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.
ජය අංකය – 06 ජය වර්ණය – දුඹුරු
කටක ලග්නය
ගෙදර දොර තරමක් අසුබදායකයි. බොහෝ ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර නිතරම ඇතිවන කේන්තිකාර ගති නිසා අන් අයගේ සිත් රිදීම් තමා අතින් නිතර සිදුවෙයි. මංගල කටයුතුවලට නම් එතරම් සුබනොවේ. ස්ත්‍රී පාර්ශ්වයන්ගේ හෝ ඉහළ නිලධාරීන්ගේ සහාය ලබන අතර රැකියා ව්‍යාපාරවලට එතරම් අසුබ නොවෙයි. අධ්‍යාපනයට මිශ්‍ර ඵල ගෙන දේ. නිශ්ඵල ගමන් බිමන් නිසා සීත් රිදීම්, මුදල් හානි ඇති කරයි. පාද ආශ්‍රිතව සහ සෙම් කෝපවීම් හා පිත් ආශ්‍රිත රෝග නිතර මතුවිය හැකියි. නිදන්ගත රෝගවලින් පෙළෙන අය බොහෝ ප්‍රවේශම් වන්න. තරමක් අපල වැඩි කරයි.
ජය අංකය – 08 ජය වර්ණය – සුදු
සිංහ ලග්නය
නොයෙක් අදහස් මතු වුවත් ඒවා ක්‍රියාත්මක කිරීමට එතරම් සුබ කාලයක් නොවෙයි. ගෙදරදොර පෙර තිබූ ප්‍රශ්න ගැටලු අඩුවී ගියත් සමනය නොවේ. සතුරු කරදර නොසිතූ ලෙස ඇති කරයි. රැකියා අංශයේ කාලයක් සිට බලාපොරොත්තු වූ වෙනසක් ඇතිවීමට යෝග ඇත. නොසිතූ ලෙස ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රශංසා ලබයි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නොසිතූ ලෙස ලාබ ප්‍රයෝජන හිමිවේ. ඒරාෂ්ටක අපල කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතු මාසයකි. අධ්‍යාපනයේ සුබඵල උදාවේ. තරග විභාග කටයුතුවලදී නොසිතූ ජයග්‍රහණ ලබයි. ක්‍රීඩා අංශවල සහ වෙනත් බාහිර කටයුතුවල නියුතු අයට සතුරු කරදර නිතර මතුවෙයි. නොසිතූ ලෙස අනතුරුවලට යෝග ඇති බැවින් ප්‍රවේසම් වන්න.
ජය අංකය – 05 ජය වර්ණය – නිල්
කන්‍යා ලග්නය
අත මිට මුදල් ඉතිරි වෙන කාලයකි. ඉතිරි කරමින් වියදම් කිරීමට මඟ සෑදෙයි. උසස් අයගේ ලැබීම් මතුවන අතර නොසිතූ ලෙස ජයග්‍රහණ හිමි කරයි. රැකියා ව්‍යාපාර ආදියේ දියුණුවක් මතු කරන අතර පෙර තිබූ අඩාළ වීම් මඟහැරී යයි. බාධා වෙමින් තිබූ මංගල කටයුතු තරමක් සාර්ථක වන අතර විවාහය බොහොම ප්‍රවේසමින් කාලය ගෙවිය යුතුයි. දුරබැහැර ගමන් බිමන් යෙදේ. කාලය නිකරුණේ ගෙවෙන අවස්ථා බොහෝ වෙයි. විද්‍යා හා වාණිජ ක්ෂේත්‍රයේ නියුතු අධ්‍යාපනයට සහ වෘත්තිමය කටයුතුවලට සුබදායක වන අතර අන් අයට තරමක් බාධාකාරී තත්ත්ව ඉස්මතු කරයි.
ජය අංකය – 08 ජය වර්ණය – ක්‍රීම්
තුලා ලග්නය
අන් අය විශ්වාස කිරීමට ගොස් අමාරුවේ වැටෙන කාලයකි. අත මිට මුදල් ඉතිරිය ක්‍රමවත් වන අතර අනාගතය පිළිබඳ විශාල සැලසුම් සාර්ථකත්වයට යාමට ආරම්භය ලබා ගන්නා මාසයකි. රැකියාවේ වෙනස්කම් ඇති වේ. විදෙස්ගත වීෙම් සිහින සැබෑවේ. රැකියා ව්‍යාපාර දෙකටම සුබවන කාලයකි. විනෝද ගමන් බිමන් නිතර යෙදේ. අධ්‍යාපන කටයුතුවලට වුවත් සුබයි. යටි බඩ, මූත්‍රා, වකුගඩු ආශ්‍රිතව ප්‍රවේශම් වන්න. බෙල්ලෙන් උඩ සෙම් රෝග හා අසනීප මතුකරයි.
ජය අංකය – 08 ජය වර්ණය – ක්‍රීම්
වෘශ්චික ලග්නය
අනුකම්පා සහගත ගති නිසා කරදරේ වැටෙන කාලයකි. ස්ථිර තීරණවල යෙදුණත් අන් අයගේ බලපෑම් මත තීරණ වෙනස් කරයි. අලුතින් ආරම්භ කිරීමට නියමිත කටයුතුවලට යහපත් කාලයකි. රැකියා ව්‍යාපාර දෙකට සුබවේ. මංගල කටයුතුවලට එතරම් සුබ නොවේ. දරුවන්ගේ කරදර නිසා නිතර සිත් තැවුල් පීඩා වද හිංසා මතුවෙයි. ඉවසීමෙන් විවාහය ගෙන යා යුතුයි. අධ්‍යාපනයට ඉතා සුබ වන අතර අලුත් අධ්‍යාපන කටයුතු ආරම්භයට වඩාත් සුබ කාලයි. පීනස, හෙම්බිරිස්සාව වැනි සීතල ආශ්‍රිතව වැලඳෙන රෝග පීඩා නිතර මතුවේ. උදරයේ සහ හෘදය ආශ්‍රිතව ප්‍රවේශම් වන්න.
ජය අංකය – 03 ජය වර්ණය – කොළ
ධනු ලග්නය
වියදම් පස අධික වන කාලයකි. හිත් රිදීම් සහ හිත් අමනාපකම් නිතර ඉස්මතු වෙයි. පින්දහම් කටයුතුවලට ආශාව වුවත් ඒවාට බාධා මතුකරයි. උත්සාහයෙන් රැකියා සහ ව්‍යාපාරවල දියුණුව ළඟා කරගත හැකියි. තරමක් මානසික පීඩා මතු කරන අතර ක්‍රියාශීලී වීමෙන් වැඩි ලාභ ප්‍රයෝජන උදාකර ගත හැකියි. යහපත් මංගල යෝග උදාකරන කාලයකි. අධ්‍යාපනයට මිශ්‍ර ඵල උදාකරයි. පිටස්තර අයගේ මැදිහත්වීම මත බාධා සියල්ලටම මතුවේ. බෙල්ලෙන් උඩ අසනීප, හෘද ආශ්‍රිත රෝග, ශාරීරික අප්‍රාණිකතා නිතර ඇතිවිය හැකියි.
ජය අංකය – 07 ජය වර්ණය – සුදු
මකර ලග්නය
තම බලය සැම අත පතුරවන කාලයකි. ස්ථිර ලෙස තීරණ ගන්නා අතර ඒවායේ ජය ලබයි. අන් අයගේ පැසසුමට ලක්වේ. උසස් අයගෙන් ගරු බුහුමන් පවා ලබයි. අලුතින් රැකියා ව්‍යාපාර ආරම්භයට සුබයි. විදෙස්ගත බලාපොරොත්තු සාර්ථක වන මාසයකි. විවාහයේ සුළු සුළු ප්‍රශ්න ගැටලු ඇති වුවත් දුරබැහැර ගමන් බිමන් යෙදී තරමක් ගැටලුකාරී ස්වභාවය මඟහැරී යහපත් මානසිකත්වයක් උදාකරයි. දරුවන්ගේ කටයුතුවලින් සිත් රිදීම් මෙන්ම සතුටු කාරණා ද මතුවෙයි. අධ්‍යාපනික කටයුතුවලට සුබ වන අතර නව අධ්‍යාපන මං පෙත් විවර වෙයි. බෙල්ලෙන් උඩ අසනීප තත්ත්ව නිතර ඇති විය හැකිය. පෙර යහපත් වූ රෝග ලක්ෂණයක් නැවත මතුවී පීඩා මතුකරයි.
ජය අංකය – 09 ජය වර්ණය – රන්වන්
කුම්භ ලග්නය
දුරදිග බලා ගත් යම් තීරණයක් නිසා ලාභ ප්‍රයෝජන ඇති කරයි. අලුත් අලුත් අදහස් මතුවන අතර නව ව්‍යාපාර රැකියා ලාභ ද උදාකරයි. අත මිට මුදල් ගැවසේ. තම පියාට හෝ ස්වාමියාට අගුණ කාලයකි. නොසිතූ ලෙස සතුරු කරදර සහ අනතුරු ඇතිවීමෙන් හිත් පීඩා මතුවේ. විවාහයේ පෙර තිබූ ප්‍රශ්න තරමක් යටපත් වුවත් නැවත ඉස්මතු වී කරදරකාරී තත්ත්ව ඇති විය හැකියි. දරුවන්ගේ ද ප්‍රශ්න ගැටලු නිසා මානසික පීඩා නිතර මතුවේ. කාර්යක්ෂමව අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරයි. තදබල අගුණ නැතත් පාරේ ගමන් කිරීමෙන් සහ වාහන පැදවීමෙන් ප්‍රවේසම් වන්න.
ජය අංකය – 09 ජය වර්ණය – ක්‍රීම්
මීන ලග්නය
දුර දිග නොබලා ගන්නා තීන්දු තීරණ තමාගේ අයහපතට හේතු වේ. කතාවට දක්ෂ වුවත් මේ කාලයේ වචනයෙන් ප්‍රවේසම් විය යුතුයි. කෝටියක් දෝෂ තිබුණත් සියල්ල මඟහැරී උත්සාහයෙන් දිනන කාලයකි. ගෙදර දොර නිතර නොරුස්සන ගති මතු වුවත් ඒවා සමනය කරගෙන යා හැකියි. තමා අතින් බොහෝ අතපසුවීම් සිදුවිය හැකි බැවින් බුද්ධිමත්ව නිතර සිතා කටයුතු කරන්න. ලිපි ලේඛන කටයුතු වූ අත්සන් කරන කටයුතුවලදී නිතර දෙවරක් සිතා කටයුතු කරන්න. භූමි ලාභ වාසස්ථාන ලැබීමේ භාග්‍ය ඇත. ශරීරයට බොහෝ වෙහෙස වෙයි. විඩාව වැඩිවෙයි. නින්ද අඩුකරයි. නමුත් මිල මුදල් අතින් යහපත් කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබන කාලයකි.
ජය අංකය – 01 ජය වර්ණය – නිල්
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
