ඒ. බවර් ආයතනය හා ස්විට්සර්ලන්ත සහයෝගිතා සංවර්ධන නියෝජිත ආයතනයේ සහයෝගිතාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
පාසල් අධ්‍යාපනයට සමුදුන් ඔබේ දුව, පුතාගේ හෙට දවස වඩාත් පැහැබර මඟකට යොමු කිරීම හැම දෙමාපියකුගේම ඒකායන අරමුණයි. වර්තමානයේ ඒ සඳහා රාජ්‍ය, පෞද්ගලික මට්ටමින් ආයතන ඕනෑ තරම් ඉදිරිපත් වෙනවා. මේ කුමන ආයතනයකට දරුවා යොමු කළත් එයින් ලැබෙන වරප්‍රසාදය ඔහුගේ / ඇයගේ අනාගත සුබ සිද්ධිය උදෙසා විය යුතුයි.
ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දුවගේ පුතාගේ වෘත්තිමය ජීවිතය ජයගන්න පහසු මඟකි මේ. හෝටල් කළමනාකරන පුහුණු පාඨමාලාව කියන්නේ අද ලෝකෙම පිළිගත් ලෝකයම ජයගත් මුදල් උපයන මඟකි. තිරසාර කුසලතා වර්ධන වැඩසටහන ( SSG Programme) ලෙස ඔබේ දරුවාට මේ පිළිබඳ හඳුන්වා දිය හැකියි.
මෙම හෝටල් කළමනාකරණ පුහුණු පාඨමාලාව අවුරුදු 17ත් 26ත් අතර තරුණ තරුණියන්ගේ වෘත්තීය නිපුණතා සංවර්ධනය අරමුණු කර ගනී. මෙම වැඩසටහන ස්විට්සර්ලන්ත සහයෝගිතා සංවර්ධන නියෝජිත ආයතනයේ ( Swiss Agency for Development and Cooperation (SDC) සහයෝගිතාවෙන් ඒ. බවර් ආයතනය ශ්‍රී ලාංකාවේ ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම පුහුණුවේ ප්‍රධාන ඉලක්කය වන්නේ පාසල් අධ්‍යාපනය අඩාල වූ අවදානම් සහිත තරුණ තරුණියන්ට හෝටල් කළමනාකරණය පිළිබඳ වෘත්තීය නිපුණතාවයක් ගොඩනගා ගැනීම සඳහාවූ මූලික පුහුණුවක් ලබා දීමයි.
මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ දින 70ක න්‍යායාත්මක පුහුණුවකින් පසුව දීමනාවක් සහිත මාස 5ක අනිවාර්ය සීමාවාසික පුහුණුවක් ලබාදීමයි. එහිදී මෙම පුහුණුලාභියාට හෝටල් කළමනාකරණය පිළිබඳ මනා නිපුණත්වයක් ලබා ගැනීමට අවකාශ හිමිවෙයි.
න්‍යායාත්මක පුහුණුවෙදී හෝටල් කළමනාකරණය සිදුවන ප්‍රධාන අංශ 4 කෙරෙහිම මනා දැනුමක් ලබා දෙයි. ඒවානම්:
1. පිළිගැනීමේ අංශය
(Front office)
2. ගෘහපාලන අංශය
(Housekeeping)
3. ආපනශාලා අංශය
(Food & Beverage)
4. මුළුතැන්ගෙයි අංශය
(Kitchen)
සීමාවාසික පුහුණුවේදී ඉහත අංශ හතරම කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබාදෙයි. මීට අමතරව න්‍යායාත්මක පුහුණුවේදී මෘදු කුසලතා වර්ධනය යටතේ පෞරුෂත්ව වර්ධනය, නායකත්ව වර්ධනය, කාල කළමණාකරණය, ආකල්ප සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරයි.
මෙම හෝටල් කළමනාකරණ පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීමේදී මූලික ඉංග්‍රීසි භාෂා නිපුණත්වය පිළිබඳව අවධානය යොමු කරනු ලබයි.
මේ ඔබේ දුව, පුතාගේ අනාගත ලොව ජයගන්න කදිම මඟක් නොවේද? ලංකාව පුරා විසිරී පැතිරී සිටින ආදරණීය දුවේ, පුතේ අරමුණක් වෙනුවෙන් ජීවිතය ජීවත් කරන්න ඔබට වඩාත් සුදුසුම ප්‍රායෝගික පාඨමාලාවකි මේ. එන්න, අප හා එක්වන්න. ඔබත් දැන්ම අයදුම් කරන්න.
කටුනායක
ජාතික යොවුන් සේනාංකය
වාලච්චේන
ජාතික යොවුන් සේනාංකය
සෙන්කඩගල
ජාතික යොවුන් සේනාංකය
රාජගිරිය
ජාතික යොවුන් සේනාංකය
ලුණුගම්වෙහෙර
ජාතික යොවුන් සේනාංකය
මොණරාගල
ජාතික යොවුන් සේනාංකය
නුවරඑළිය
නැණසරන ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය
හලාවත
ශාන්ත අන්තෝනි උසස් අධ්‍යාපන ආයතනය සහ ටෙක් විතනිකා
මේ පාඨමාලාවෙන් දෙස්, විදෙස් රැකියා බොහොමයක් ඔබේ දෝතට හිමිකර ගැනීමේ අනගි අවස්ථාව ඔබ සතුයි. එමඟින්
තිරසාර වර්ධනයක් ගොඩනගා ගත හැකියි.
වැඩි විස්තර දැනගැනීමට
0114 732 652
Email: [email protected]
Web: http://www.baurs.com/
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
