Monday, February 9, 2026
Epaper
Home පුවත්ගාමිණි දන්වත්ත ලියනගේගෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්

ගාමිණි දන්වත්ත ලියනගේගෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්

by Shanaka Lakehouse

​ශ්‍රී ලංකාවේ උපත ලබා වසර ගණනාවක් ජර්මනියේ පදිංචිව සිටින ගාමිණී දන්වත්ත ලියනගේ මහතා සාම්ප්‍රදායික චිත්‍ර කලාවෙන් ඔබ්බට ගිය තමාටම ආවේණික වූ සුවිශේෂී ශෛලියකින් නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවෙකි.

ඔහු විසින් ජර්මනියේදී ලද කලාත්මක ශික්ෂණය සහ අත්දැකීම් දේශීය කලා ලැදි ජනතාව සමඟ බෙදාහදා ගැනීමේ අරමුණින් සිය මංගල චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබයි.

​”ආදරය” තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය වර්ණ, හැඩතල සහ මානව හැඟීම් අතර දිවෙන අපූරු සංචාරයක් වනු ඇත. ප්‍රදර්ශනය පෙබරවාරි 13 සහ 14 දෙදින තුළ කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානයේදී (Lionel Wendt Art Centre) උදෑසන 8:00 සිට පස්වරු 7:30 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතියි. මෙහි සමාරම්භක උත්සවය පෙබරවාරි 12 වැනි දින පස්වරු 4:30 ට පැවැත්වීමට නියමිතය.

​ජාත්‍යන්තර අත්දැකීම් සමඟින් මුසුවූ මෙම නව්‍ය චිත්‍ර කලාව රසවිඳීමටත්, කලාකරුවාගේ සංවේදී නිර්මාණ දැකබලා ගැනීමටත් මෙරට සියලුම කලා ලැදි ජනතාවට විවෘත ආරාධනයක් කෙරේ.

TEXT – දුමින්ද

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?