Monday, February 9, 2026
Epaper
Home විශේෂාංගමේකද මේ ආදරයේ මිහිර කියන්නේ?

මේකද මේ ආදරයේ මිහිර කියන්නේ?

by Shanaka Lakehouse

අපිට පාට්නර් කෙනෙක් ඉන්න ඕනි ඇයි? මම දකින විදිහට නම් සපෝට් එකට..ඒක ඉමෝශ්නල් වෙන්න පුඵවන්, ෆිසිකල් වෙන්න පුළුවන්, ඒ වගේම ස්පිරිචුවල් වෙන්නත් පුළුවන්.

කොහොම නමුත් ඔය කියන පාට්නර් තෝරගන්න එක තමයි ඔයා ජීවිතේ කල් අරගෙන නිවී සැනසිල්ලේ කරන්න ඕනි දේ.

ඒකට හේතුව තමයි ඔයා ළඟින්ම ඇසෝසියේට් කරන කෙනාට පුළුවන් ඔයාගේ ලයිෆ් එක, ඔයාගේ අනාගතය තීරණය කරන්න.

හිතන්නකෝ මෙහෙම ඔයාට පාට්නර් කෙනෙක් හම්බුණ..එයා ඔයාගේ වැඩවලට සපෝර්ට් කරනවා..ඔයාලා දෙන්නා එකතුවෙලා දේවල් ප්ලෑන් කරනවා..ඒ දේවල් ඇචීව් කරගන්නවා..ප්‍රශ්න කරදර ආවම ඒ දේවල් අවබෝධයෙන් කතාබහ කරලා විසඳගන්නවා..ඉතින් ලයිෆ් එක ස්මූත් නැති වුණත් ඒ වගේ සම්බන්ධයක් කියන්නේ ඔයාට ඔයාගේ ජීවිතේට ලැබෙන ඇසෙට් එකක්.

ඒත් එක්කම මෙහෙම හිතන්න ඔයාට ඉන්නවා මේ වගේ පාට්නර් කෙනෙක්..එයා ඔයාට කොහෙවත් යන්න එන්න දෙන්නේ නෑ..යාළුවෙක් එක්ක යන්න දෙන්නේ නෑ..ඇඳමක් අඳින්න දෙන්නේ නෑ..මුඵ දවසම කෝල් කරන්න ඕනි, මැසේජ් කරන්න ඕනි..ඔයා ආස දෙයක් කරන්න නෑ..ඔයාගේ සටඩීස්වලට සපෝට් එකක් නෑ, ඔයාට ග්‍රෝව් වෙන්න සපෝට් එකක් නෑ..නිකන් අර ආ මට කෙල්ලෙක් ඉන්නවා, කොල්ලෙක් ඉන්නවා කියලා පෙන්නන්න තියාගෙන ඉන්න කෙනෙක් තමා ඒ ඔයාට හම්බෙලා තියෙන්නේ..

ඔතනදි වෙන්නේ ඔයා පොටේන්ෂල් එකක් තියන කෙනෙක් නම් ඔයාගේ පොටේන්ෂල් එක බහිනවා ඉක්මනට..ඔයාට ටාගට්ස් ප්ලෑන්ස් ති‍ෙයන කෙනෙක් නම් ඔයාට ඒ දේවල්වලට යන්න නොදී ඔයාට පාර හරස් කරනවා..මොකද ඔය වගේ මිනිස්සු කැමති නැහැ තමන්ගේ පාට්නර් තමන්ට වඩා හොඳ තැනකට යනවට..මොකද කෙනෙක් දැනුමෙන් වැඩි වෙන්න වැඩි වෙන්න, එක්ස්පීරියන්සස් ලැබෙන්න ලැබෙන්න ඒ කෙනාව කන්ට්‍රෝල් කරලා තියාගන්න අමාරුයි.

අන්න ඒකයි ඔය ස්ට්‍රෝන්ග් ඉන්ඩ්පෙන්ඩන්ට් ගෑනු ගොඩක් තනියම ඉන්නේ..මොකද ඒ අයගේ මයින්ඩ්සෙට් එකට හරියන කෙනෙක් නෑ කියලා හිතුණම ඔය කියන ගැහැනු අය තනියෙන් ඉන්නවා..පාට්නර් කෙනෙක් නෑ කියලා ඒක ලොකුවට ප්‍රශ්නයක් කරගන්නේ නෑ..

ඒ වගේම ඔය කියන කුලකයට අයත් ගෑනු අයව රීච් අවුට් කරන්න ගොඩක් පිරිමි අය අකමැතියි..මොකද බහුතරයක් පිරිමි අය කැමති තමන්ට කන්ට්‍රෝල් කරලා තියාගන්න පුළුවන් ගෑනු අයට..හැබැයි අර සෙට් එක එහෙම කරන්න බෑ.

හැබැයි ඒ පිරිමින්ට තේරෙන්නේ නැති දේ තමයි අර ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් ගෑනු එක්ක ඉන්න කොච්චර පහසුද කියලා..

මොකද එයාලගේ ජීවිතවල ඩ්‍රාමාස් නෑ..තමන්ගේ වැඩවලට ෆෝකස් කරගෙන, දේවල් දියුණු කරගෙන පාඩුවේ ගමනක් යන මිනිස්සු, අනුන්ගේ දේවල් හොයන්නේ නෑ, චීට් කරන්නේ නෑ, හැමවෙලේම කෝල් මැසේජ් නෑ…හරිම නිදහස් ජීවිත..

ඒත් ගොඩක් මිනිස්සු කැමති නැත්තෙත් මෙයාලට තමයි..

මම කියන්නේ මේකයි ඔයාගේ සම්බන්දේ ඇතුලෙදි ඔයාට සිද්ධවෙනවා නම් අනේ මෙයා තව කාත් එක්ක හරි යාළුවෙයිද, මාව දාලා යයිද, මාව රවට්ටයිද, කියලා වගේ දේවල්…ඔයාට ඒ දේවල් ගැන හොය හොය ප්‍රශ්න කර කර ඉන්න සිද්ධ වෙනවනම්, ඇයි ඔයා තාමත් ඒ රිලේෂන්ශිප් එක ඇතුළේ ඉන්නේ..මතක තියාගන්න ඔයාට නැතිවෙන්නේ ඔයාගේ කාලය සහ ඔයාව.

ඔයාට හිතෙයි ඉතින් මං ආදරෙයිනේ කියලා..තේරුම්ගන්න සම්බන්ධයකට ආදරය කියන දේ විතරක් මදි..

මම ඔයා එක්ක රිලේෂන්ශිප් එකකට යනකොට ඔයා මම දිහා බලන්නෙත් මම ඔයා දිහා බලන්නෙත් තනි සුදු ශීට් එකක් දිහා බලනවා වගේ..කාලෙත් එක්ක මම ඔයාට සහ ඔයා මට කරන කියන දේවල් වල නෙගටිව් දේවල් වැඩියෙන් තිබ්බොත් අපි දෙන්නගෙ අර සුදු පාට ශීට්ස් දෙක අපි දෙන්නාගේ කළු පාට වෙන්න පටන්ගන්නවා..ඔයා මගේ ශීට් එක කඵ පාට කරනවා..මම ඔයාගේ ශීට් එක කළු පාට කරනවා.

ඉතින් ඔයාගේ ජීවිතේ කඵ පාට ඉන්ක් එක වැඩිවේගෙන එනවා කියන එක තේරෙනකොටම ඔයා තීරණයක් ගන්න ඕනි..නැතිවුණොත් කල් ගිහින් නිවීහැනහිල්ලේ පසුතැවෙන්න වෙයි.

TEXT – මැන්ඩි සිල්වා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?