Monday, February 9, 2026
Epaper
Home විශේෂාංගලස්සන සුවඳවත් හිනාවකට

ලස්සන සුවඳවත් හිනාවකට

by Shanaka Lakehouse

කටේ දුගඳ පරදලා, මුළු දවසම කට ෆ්‍රෙෂ්ව (Fresh) තියාගන්න “ස්වභාවික කරාබුනැටි මවුත් වොෂ් එක”

ලස්සනට ඇඳලා, මේකප් දාලා, හරිම ආත්ම විශ්වාසයෙන් පාටි එකකට හෝ ඔෆිස් එකට ගියාට, කෙනෙක් ළඟට ගිහින් කතා කරද්දී එයා පොඩ්ඩක් මූණ ඇද කළොත්, හරි අඩියක් පස්සට ගත්තොත් ඔයාට මොකද හිතෙන්නේ?

ඒ වෙලාවට පොළව පලාගෙන යන්න හිතෙනවා නේද?

“කට ගඳ ගහන එක” කියන්නේ අපි කොච්චර ලස්සනට හිටියත් වැඩක් නැති කරන, අපේ පෞරුෂය සම්පූර්ණයෙන්ම විනාශ කරන ගැටලුවක්

ගොඩක් වෙලාවට අපි දන්නෙම නෑ අපේ කටින් අමිහිරි සුවඳක් එනවා කියලා. හැබැයි යාළුවෝ අපිත් එක්ක ළඟට ඇවිත් කතා කරන්න මැලි වෙනකොට තමයි අපිට ඒක තේරෙන්නේ.

බය වෙන්න එපා! කඩේ තියෙන සැර, කෘතිම Mouthwash පාවිච්චි කරලා කට දවාගන්න ඕන නෑ. කුස්සියේ තියෙන පුංචි කුළුබඩු ඇට දෙකකින්, මුළු දවසම ප්‍රබෝධමත්ව ඉන්න පුළුවන් මැජික් එකක් කරන්න පුළුවන්.

ඔන්න එහෙනම් හිතේ බයක් නැතුව, ඕන කෙනෙක් ළඟට ගිහින් හිනාවෙලා කතා කරන්න පුළුවන් වෙන ඒ රහස.

අවශ්‍ය දේවල්…

කරාබුනැටි (Cloves) 4ක් හෝ 5ක්. (බැක්ටීරියා මරණ ප්‍රධාන ඔසුව)

ලුණු කුඩු තේ හැන්දක්. (විදුරුමස් ශක්තිමත් කරන්න සහ විෂබීජ නසන්න).

උණු වතුර කෝප්පයක්.

(කැමති නම්) මින්චි කොළ දෙක තුනක්. (extra ෆ්‍රෙෂ් ගතියක් ගන්න).

පළමුව සාරය ගැනීමයි..

කරාබුනැටි ටික වංගෙඩියක දාලා ලාවට තලාගන්න. (කුඩු කරන්න එපා, පොඩ්ඩක් තැලුණම ඇති, එතකොට තමයි සාරය එළියට එන්නේ).

දැන් උණු වතුර කෝප්පයට මේ තලාගත්තු කරාබුනැටි ටික දාන්න.

(මින්චි කොළ තියෙනවා නම් ඒකත් මේ වෙලාවෙම දාන්න)

දෙවනුව පදම සකසා ගැනීමයි..

දැන් පියනකින් වහලා විනාඩි 10ක් 15ක් මේක හොඳට තැම්බෙන්න හරින්න.

වතුර ටික ලාවට දුඹුරු පාට වෙලා, කරාබුනැටි වල ඒ සැර සුවඳ වතුරට උරා ගන්න ඕන.

තුන්වෙනුව ලුණු එකතු කිරීමයි..

වතුර ටික කට ද්වන්නේ නැති පදමට (මද රස්නයට) නිවුනට පස්සේ, ලුණු කුඩු තේ හැන්ද දාලා දිය කරන්න.

දැන් මේක පෙරාගන්න. (කැමති නම් පෙරන්නේ නැතුව කරාබුනැටි එක්කම තිබුණත් කමක් නෑ).

අවසානයේ පාවිච්චි කිරීමයි..

කෑම කාලා ඉවර වුණාම හෝ උදේ/රෑ දත් මැද්දට පස්සේ, මේ වතුර උගුරක් කටට ගන්න.

විනාඩියක් විතර කට ඇතුලේ හැම තැනම වදින විදියට හොඳට ගර්ගල් (Gargle) කරන්න. දත් අතරින් යවන්න.

ඊට පස්සේ විසි කරන්න. (කට හෝදන්න එපා, ඒ බෙහෙත කටේ රැඳිලා බැක්ටීරියා එක්ක සටන් කරන්න දෙන්න).

හදිස්සියට කරන්න පුළුවන් තවත් දෙයක්…

ඔයාට මේක හදන්න වෙලාවක් නැත්නම්, පෙරුම්කාය (Fennel Seeds / මාදුරු) ටිකක් පොඩි ඩප්පියක දාගෙන සාක්කුවේ දාගෙන යන්න. කෑමෙන් පස්සේ ඇට ටිකක් හපන්න.

මේකෙන් කට සුවඳ වෙනවා විතරක් නෙවෙයි, බඩේ අජීර්ණ ගතියත් නැති වෙනවා.

ඇයි මේක මෙච්චර හොඳ?

1..කට ගඳ ගහන්න ප්‍රධාන හේතුව දිවේ සහ දත් අතර රැඳෙන නරක බැක්ටීරියා. කරාබුනැටි වල සැර ගතියෙන් ඒවා විනාශ කරනවා.

2.. දත් කැක්කුම් හෝ විදුරුමස් දියවීම් තියෙනවා නම් ඒවටත් මේක හොඳ සහනයක්.

3..කඩේ තියෙන මවුත් වොෂ් වගේ සැර නෑ, ඒ වගේම ස්වභාවික සුවඳ ගොඩක් වෙලා තියෙනවා.

කොච්චර කරන්න ඕනද?

පුළුවන් නම් හැමදාම රෑට නිදාගන්න කලින් මේක කරන්න.

උදේට නැගිටිද්දී කටේ තියෙන අර “ප්ලාස්ටර් රහ” නැති වෙලා, හරිම ෆ්‍රෙෂ් විදියට දවස පටන් ගන්න පුළුවන්.

දැන් ඉතින් කා ළඟට ගිහින් කතා කරන්නත් බය වෙන්න එපා. ලස්සන හිනාව විතරක් නෙවෙයි, සුවඳවත් වචනත් ඔයාගේ වෙයි.


අන්තර්ජාලයෙනි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?