Monday, February 9, 2026
Epaper
Home Beautyදකුණේ යුවතියන්ගේ රූපලාවණ්‍ය සිහිනය සැබෑ කරන නොමිලේ පැවැත්වෙන දැවැන්ත වැඩමුළුව

දකුණේ යුවතියන්ගේ රූපලාවණ්‍ය සිහිනය සැබෑ කරන නොමිලේ පැවැත්වෙන දැවැන්ත වැඩමුළුව

by Shanaka Lakehouse

​රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර විසිපහක අසමසම අත්දැකීම් සම්භාරයක් සහිත ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණී තනූජා ජාගොඩ මහත්මිය මෙහෙයවන

Look and Learn සුවිශේෂී වෘත්තීය සම්මන්ත්‍රණය මෙවර මාතර ප්‍රදේශයේ යුවතියන් වෙනුවෙන් තිළිණ කෙරේ. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන දකුණේ දක්ෂ යුවතියන්ට සිය සහජ දක්ෂතාවන් නවීන තාක්ෂණය හා මුසු කරමින් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය දැනුමක් කරා රැගෙන යාමට ලැබෙන මෙම අවස්ථාව සැබවින්ම අගනා තිළිණයකි.

මෙම වසරේ මුලින්ම පවත්වනු ලබන මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වන්නේ මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වඩාත් ගුණාත්මක හා දියුණු මාවතකට යොමු කිරීමයි.

​මෙහි ඇති සුවිශේෂීම වටිනාකම වන්නේ ඉතා ඉහළ පිරිවැයක් දරා හැදෑරිය යුතු නවීන විෂය පථයන් රාශියක් කිසිදු අයකිරීමකින් තොරව සම්පූර්ණයෙන්ම නොමිලයේ හැදෑරීමට අවස්ථාව සැලසීමයි. විශේෂයෙන්ම Hair cut and blowdry setting, Gel Nails, වර්තමානයේ ලෝකයේ ප්‍රචලිත Hair Botox සහ Nanoplastia Treatment වැනි දියුණු රූපලාවණ්‍ය ක්‍රමවේදයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම මෙහිදී නොමිලයේම අනාවරණය කෙරේ.

සාමාන්‍යයෙන් මෙවැනි පාඨමාලා හැදෑරීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවන පසුබිමක දකුණේ යුවතියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන්ට වෘත්තීය අභිමානයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

​පෙබරවාරි 13 වන දින මාතර සණස ශාලාවේදී උදෑසන 8.30 සිට පැවැත්වෙන මෙම දවස පුරා වැඩමුළුවට සහභාගි වන සියලු දෙනාට ආහාර පාන පමණක් නොව, ඔවුන්ගේ වෘත්තීය ගමන් මගට මහත් ශක්තියක් වන වටිනා සහතික පත්‍රයක්ද පිරිනැමේ.

ඔබ මේ වන විටත් ක්ෂේත්‍රයේ නියැලී සිටින ප්‍රවීණයෙකු වුවද, නැතහොත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන ආධුනිකයෙකු වුවද, මෙම වැඩමුළුව ඔබේ දැනුම සහ කුසලතාව නවීකරණය කර ගැනීමට ලැබෙන විරල අවස්ථාවකි.

TEXT – දුමින්ද/ ටිරුණි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?