Monday, February 16, 2026
Epaper
Home පුවත්මාගම්පුර අබිමන්

මාගම්පුර අබිමන්

සුනෙත් විජේසේකර සමඟින් හැඩවන අවුරුදු කුමර කුමරියෝ - 2026

by Shanaka Lakehouse

මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමදිනු ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී සුනෙත් විජේසේකර මහතාගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් සංවිධානය වන “මාගම්පුර අබිමන්” සිරිලිය ඉවෙන්ට්ස් මහා සංස්කෘතික මංගල්‍යය මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

දකුණු ලක තාරුණ්‍යයේ රුව සහ සුන්දරත්වය ජාතික මට්ටමට ඔසවා තැබීම අරමුණු කරගනිමින් පවත්වනු ලබන “මාගම්පුර අවුරුදු කුමර කුමරියෝ 2026” තරගාවලිය මෙහි සුවිශේෂී ම අංගයයි.

​ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී සුනෙත් විජේසේකර මහතා සතු වසර ගණනාවක වෘත්තීය පළපුරුද්ද සහ නිර්මාණශීලී දායකත්වය මත පදනම්ව, හෙළ සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් මෙම තරගාවලිය මෙහෙයවනු ලබයි. මෙරට ජනප්‍රියතම කාන්තා පුවත්පත වන “තරුණී” පුවත්පත නිල මුද්‍රිත මාධ්‍ය දායකත්වය ලබා දෙමින්, සුනෙත් විජේසේකර මහතාගේ මෙම ප්‍රශංසනීය කාර්යයට ශක්තියක් වී සිටියි.

තරගකාරිනියන් සඳහා සුදුසුකම්:

  • ​වයස අවුරුදු 18ත් 28ත් අතර අවිවාහක තරුණියක් වීම.
  • ​දේශීය සංස්කෘතිය, සිරිත් විරිත් සහ ගුණාංග පිළිබඳ
  • මනා අවබෝධයක් තිබීම.
  • ​උස සහ බරට සරිලන මනා පෞරුෂයකින් හෙබි රූමත් තරුණියක් වීම.

ජයග්‍රාහිකාවන්ට හිමිවන වටිනා තෑගි:

  • ප්‍රථම ස්ථානය දිනාගන්නා යුවතියට සහ ජයග්‍රාහකයින්ට වටිනා මුදල් ත්‍යාග සහ කුසලාන.
  • “තරුණී” පුවත්පතේ කවරය හැඩගැන්වීමට අවස්ථාව
  • ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී සුනෙත් විජේසේකර මහතා යටතේ විශේෂ වෘත්තීය පුහුණු පාඨමාලා සහ තිළිණ
  • මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන වෙතින් පිරිනමනු ලබන රුපියල් ලක්ෂ ගණනක් වටිනා තෑගි වවුචර් සහ රූපලාවණ්‍ය ඇසුරුම්
  • දේශීය උරුමය සහ තාරුණ්‍යයේ අබිමන රැගත් මෙම සුවිශේෂී තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත. ඔබත් “මාගම්පුර අබිමන්” තරගාවලියේ තරුවක් වන්නට එක්වන්න.

විමසීම්:

0112 429591
0112 429592

මාධ්‍ය අනුග්‍රහය:
තරුණී පුවත්පත

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?