ඉතාලියේ සිට පැමිණි ලෝක ප්‍රසිද්ධ ජාත්‍යන්තර විනිසුරුවරියක වන ක්‍රිස්ටිනා රාඩෝ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටි. ඇය මෙහෙයවන සුවිශේෂී Royal Icing වැඩමුළුවට සහභාගි වීමට දැන් ඔබටත් අවස්ථාවක් හිමි වේ.
Royal Icing Master Class Italy To Sri Lanka නමින් පෙබරවාරි මස 13 සිට 16 ( මෙම දින අතරින් ඔබට පහසු දින දෙකක් තෝරාගත හැකියි.) පෙ.ව 9:00 සිට ප.ව 5:00 දක්වා මීගමුව Nature Lounge හි පෙබරවාරි 13,14 (නො.353/2, මාෂල් පාර දළුවකොටුව) හි පෙබරවාරි 15,16 පන්නිපිටියේදීත් පැවැත්වේ.
ලෝක මට්ටමේ විශේෂඥ දැනුම සමඟ ඔබගේ කුසලතා සංවර්ධනය කර, නව මට්ටමක ගෙන යාමට ලැබෙන අනගි අවස්ථාවකි මේ. මෙම කේක් වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ මිනුවන්ගොඩ සහ කොළඹ Rushi Cake Decoratiang හි ප්‍රවීණ කේක් නිර්මාණ උපදේශිකා ජාත්‍යන්තර සම්මානලාභි එම්. බී රුසාන්ති විසිනි.
ඇය 35 වසරකට ආසන්න කාලයක සිට කේක් නිර්මාණ කලාවේ අත්දැකීම් ලත් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියකි. කේක් කලාවේ රජු නමින් විරුදාවලිය ලත් ආර්. එල්. ක්ලෙමන්ට් ගෙන් කේක් කලාව පිළිබඳ උකහා ගත් දැනුම මතින් ඇය කේක් නිර්මාණ ශිල්පයට අත්පොත් තබා ඇත. එහිදී ආර්.එල්.ක්ලෙමන්ට්මඟින් පවත්වනු ලැබූ මල් මී කේක් නිර්මාණ ප්‍රදර්ශනයන්හි දී වසර ගණනාවක්ම රන් සම්මානය හිමි වූ ශිල්පිනියද ඇයයි.
උකහා ගත් මේ සියලු දැනුම මතින් ඇය 2005 වසරේදී ලන්ඩන් වෙත පදිංචියට ගොස් ඇත. එහි ශ්‍රී ලාංකේය කාන්තාවන්ට කේක් සහ අයිසිං මල් නිර්මාණ කලාව පිළිබඳ ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමත් සමඟින් ඇය අත්දැකීම් ලත් කේක් නිර්මාණ උපදේශිකාවක් ලෙස වඩාත් ප්‍රශංසනීය වී තිබේ. 2009 වසරේදී ප්‍රංශයටත් ඉන් අනතුරුව 2010 වසරේදී ඉතාලියටත් පදිංචියට ගිය ඇය කේක් පන්ති පිළිබඳ උපදේශිකාවක් ලෙස කටයුතු කර තිබේ. එමඟින් දස දහස් ගණනින් කේක් නිර්මාණ ශිල්පිනියන් බිහි කරන්නට ඇයට හැකියාව ලැබී ඇත.
2024 වසරේ බර්මින්හැම් තරගාවලියේ කේක් මල් නිර්මාණ කලාවෙන් රටවල් ගණනාවක්ම පරදවා පළමු ස්ථානය හිමිකර ගන්නට ඇයට හැකිවීම ඇය ලද සුවිශේෂී භාග්‍යයක් ලෙස සැලකේ.
රුසාන්ති මේ වන විටත් ඇයට කේක් නිර්මාණ කලාවේ හමු වූ ජාත්‍යන්තරයේ සිටින දක්ෂ උපදේශිකාවක වන ක්‍රිස්ටිනා රාඩෝ සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඒ ශ්‍රී ලාංකීය කාන්තා ඔබ වෙනුවෙනි. කේක් නිර්මාණ කලාවේ හැඩ වැඩමවන්නට, ඉන් ස්වයං රැකියා දස දහස් ගණන් බිහි කරන්නට පෙර මං බලා සිටින ඔබ වෙනුවෙන් ඇය විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබේ. මිනුවන්ගොඩ පිහිටි ඇයගේ Rushi Cake Decorating School වෙතින් සංවිධානය කරනු ලබන මෙය මෙරටෙහි සිටින කේක් නිර්මාණකරණයෙහි දක්‍ෂයන්ට යුරෝපයේ දැනුම ලබාදීමටත් ජාත්‍යන්තර තරගයකදී අපේ අයට ඒ සඳහා නිවැරදිව මුහුණ දීමටත් දැනුම ලබා දීමට පවත්වනු ලබන වැඩමුළුවකි.
කේක් නිර්මාණ කලාවේ නවමු ඉසව් සොයන ඔබට මෙය කදිම අත්දැකීමක් වනු නොඅනුමානයි.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
