එම ක්ෂේත්‍රයට පිවිසීමට සිහින දකින්නා ඔබට නොමිලේ පවත්වන SSG (Skills for Sustainable Growth) වැඩසටහන අගනා අවස්ථාවක් සපයයි. Swiss Agency for Development and Cooperation (SDC) සහ A Baur ආයතනයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් Front Office, Housekeeping, Food & Beverage සහ Kitchen යන අංශවල නවීන වෘත්තීය පුහුණුව ලබාදේ. එසේම මෙම වැඩසටහන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අංක A 08406 යටතේ ලියාපදිංචිය ලබා තිබේ. මෙම පාඨමාලාව හැදෑරීමෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික අත්දැකීම් සමඟ සන්නිවේදන කුසලතා, ආචාරශීලීත්වය හා සේවා ගුණාත්මකභාවය වර්ධනය කරමින් SHMA සහතිකයක් ද ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
සුන්දර තාරුණ්‍යයේ එළිපත සිටින ආදරණීය දුවේ, පුතේ… මේ ඔබගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයකි. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග අවසන් කරමින් ඔබ දැන් නව මඟක් සොයමින් සිටිනවා විය හැක. “ඊළඟට මොනවාද කරන්නේ?” යන ප්‍රශ්නය බොහෝ දෙනාගේ සිත තුළ දෝලනය වන සමය මෙයයි. ඔබ අද ගන්නා තීරණය හෙට ඔබ ජීවත් වන ජීවිතයේ ගමන්මඟ තීරණය කරයි. එබැවින් නිවැරදි මඟ තෝරාගැනීම අතිශය වැදගත්ය.
අද ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර හෝටල් හා සත්කාරක ක්ෂේත්‍රය ජාත්‍යන්තර වශයෙන් විශාල වර්ධනයක් ලබා ඇති වෘත්තීය මාර්ගයකි. සංචාරක කර්මාන්තය පුළුල් වීමත් සමඟ දක්ෂ පුහුණු ශ්‍රමිකයන්ට ඉහළ ඉල්ලුමක් පවතී. එම ක්ෂේත්‍රයට පිවිසීමට සිහින දකින්නා ඔබට නොමිලේ පවත්වන SSG (Skills for Sustainable Growth) වැඩසටහන අගනා අවස්ථාවක් සපයයි. Swiss Agency for Development and Cooperation (SDC) සහ ඒ බවර් ආයතනයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් Front Office, Housekeeping, Food & Beverage සහ Kitchen යන අංශවල නවීන වෘත්තීය පුහුණුව ලබාදේ. එසේම මෙම වැඩසටහන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අංක A 08406 යටතේ ලියාපදිංචිය ලබා තිබේ. මෙම පාඨමාලාව හැදෑරීමෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික අත්දැකීම් සමඟ සන්නිවේදන කුසලතා, ආචාරශීලීත්වය හා සේවා ගුණාත්මකභාවය වර්ධනය කරමින් SHMA සහතිකයක් ද ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම පාඨමාලා මේ වන විට දිවයින පුරාම ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම යෞවනයට අත දෙන යොවුන් සේනාංක මධ්‍යස්ථාන ගණනාවක සහ තවත් වෘත්තීය පුහුණු ආයතන කිහිපයක මෙම පාඨමාලා පවත්වනු ලබයි. නිරන්තර අධීක්ෂණය සහ ගුණාත්මක පුහුණුව හේතුවෙන් මෙහි ශිෂ්‍යයන්ට ඉහළ ප්‍රායෝගික හැකියාවක් හිමි වේ.
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ තරුණ තරුණියන්ගේ ජීවිත කතා එහි වටිනාකම පැහැදිලි කරයි. ලුණුගම්වෙහෙර, මධ්‍යස්ථානයෙන් පාඨමාලාව අවසන් කළ 21 හැවිරිදි කේ. වයි. යනීෂා හිමරංෂි මෙසේ පවසයි. “උසස් පෙළෙන් පස්සේ මම මුලින්ම හිතුවේ නර්සින් පාඨමාලාවක් කරන්න. හැබැයි මේ වැඩසටහන ගැන දැනගත්ත පසු මට තේරුණා මේක මට වඩාත් ගැළපෙනවා කියලා. අද මම Tissa Inn හි F & B අංශයේ හොඳ රැකියාවක් කරනවා.
හොඳ වැටුපකුත් ලැබෙනවා. සංචාරකයන් ගොඩක් එන නිසා සේවා ගාස්තුවක්ද ලැබෙනවා. ඉදිරියේදී විදේශ රටක සේවය කරමින් තවත් ඉදිරියට යන්න මට බලාපොරොත්තුවක් තියෙනවා.”
නුවරඑළිය, මීපිළිමාන ප්‍රදේශයේ ලහිරු ගයාන් ද මෙම පාඨමාලාවෙන් ජීවිතයට නව මඟක් සොයාගත් තරුණයෙකි. “සාමාන්‍ය පෙළෙන් පස්සේ මට විදේශ රැකියාවකට යන්න ලොකු ආසාවක් තිබුණා. හැබැයි නිසි පුහුණුවක් නැතුව ඒක කරන්න බැහැ කියලා මට තේරුණා. මේ පාඨමාලාව තෝරාගත්ත පසු මට හොඳ ප්‍රායෝගික දැනුමක් ලැබුණා. මම සීමාවාසික පුහුණුව ලැබුවේ නුවර Hotel Tree of Life හෝටලයේ. පුහුණුව අවසන් වෙනවත් එක්කම ඒ හෝටලේම මට හොඳ රැකියාවක් ලැබුණා. දැන් Housekeeping අංශයේ සේවය කරන අතර අනෙකුත් අංශවලත් පුහුණුව මට ලැබෙනවා. ඒ නිසා මට සම්පූර්ණ ක්ෂේත්‍රය ගැනම දැනුම ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.”
මහනුවර පිහිටි Oruthota Chalets හෝටලයේ කළමනාකරු ටී. ජී. සමරකෝන් මහතා පෙන්වා දෙන්නේ මෙම වැඩසටහනෙන් බිහිවන තරුණ පිරිස විනයගරුක, කාර්යක්ෂම හා ප්‍රායෝගික දැනුමෙන් සම්පූර්ණ බවයි. “අපේ හෝටලයට මෙම වැඩසටහන හරහා ලැබෙන තරුණ පිරිස හොඳින් පුහුණුව ලැබූ, වගකීමෙන් වැඩ කරන පිරිසක්. පුහුණුව අවසන් වුණාට පස්සේ අපේ ආයතනයේම සේවය කිරීමටත් අවස්ථාව තියෙනවා. වර්තමානයේ ආගන්තුක සත්කාරක සේවා අංශයේ විශාල රැකියා අවස්ථා තිබෙනවා. මේ පාඨමාලාවට බය නැතුව සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන්ම රැකියාවක් ලබාගන්න පුළුවන්,” යැයි ඔහු අවධාරණය කරයි.
ඇත්තෙන්ම විභාගය අවසන් වීම ජීවිතයේ අවසානයක් නොව නව ආරම්භයකි. ඔබේ තාරුණ්‍යය හිස්ව නොයන්න. නිසි වෘත්තීය පුහුණුවක් සමඟ ඔබේ සිහින සාර්ථකත්වයට පත් කරගන්න. හෝටල් හා සත්කාරක ක්ෂේත්‍රය ඔබට දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද දොරටු විවෘත කරයි.
විභාගයෙන් පසු ඔබේ ජීවිතයට නව මඟක් සොයන්නේ නම් අදම නිවැරදි තීරණය ගන්න. ඔබේ අනාගතය ඔබේම අත් වලින් ගොඩනගා ගැනීමට මේ අවස්ථාව අතහැර නොදමන්න. ජාත්‍යන්තර අනාගතයකට පියවර තැබීමට අදම සූදානම් වන්න.
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න 0778970075
TEXT – දුමින්ද කාරියවසම්
