Monday, February 23, 2026
Epaper
Home පුවත්ආගමික සංහිඳියාවේ සංගීත සුරංගනා රැය මහා ශිව රාත්‍රියේ අපූරු එක්වීමක්

ආගමික සංහිඳියාවේ සංගීත සුරංගනා රැය මහා ශිව රාත්‍රියේ අපූරු එක්වීමක්

by Shanaka Lakehouse

මහා ශිව රාත්‍රිය යනු හින්දු බැතිමතුන් විසින් අතිශය භක්තියෙන් හා ආදරයෙන් සමරන පූජනීය දිනයකි. එම පූජනීය අවස්ථාවේ යටියන්තොට කතරගම කෝවිලේ සිදු වූ විශේෂිත සිදුවීමක් මෙවර ආගමික සංහිඳියාවේ අගනා උදාහරණයක් ලෙස ඉතිහාසයට එක් විය.

එමෙන්ම නොකඩවාම ශිව පූජාව සඳහා සංගීත දායකත්වය ලබා දුන්නේ බෞද්ධ සංගීත කණ්ඩායමක් වීම විශේෂත්වයකි. රුවන්වැල්ල දිසුර කලායතනය මඟින් සංගීතය සපයනු ලැබූ අතර මෙම කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ රුවන්වැල්ල සංස්කෘතික බලමණ්ඩලයේ සභාපති වන සුදීප්ත ලේකම්ගේ මහතා විසිනි. ඍෂු කණ්ඩායම සමඟ එක්ව ඉදිරිපත් කළ සංගීතය පූජා භූමිය පුරා භක්තියෙන් පිරි සන්සුන් වාතාවරණයක් නිර්මාණය කළ අතර ආගමික සමාජ අතර ඇති එකමුතුව, ගෞරවය හා සහජීවනය මෙයින් පැහැදිලි විය.

මෙම විශේෂ අවස්ථාව ආගම, සංස්කෘතිය සහ කලාව එක්වන සුන්දර මොහොතක් ලෙස සැමට ආදර්ශයක් වනු ඇත. එකමුතුවෙන් සංගීතය හරහා බැඳුණු මෙම රැය සැබවින්ම අගය කළ යුතු සිදුවීමකි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?