ගේ වටා දුව පැනපු පුංචි දෝණි දැන් ලොකුයි. ඇගේ ආදරණීය සැමරුම් දවසින් දවසම එකතු වෙනවා. එවැනි අවස්ථාවකදී ඇගේ හැඩට කදිම ගවුමකි මේ. ඕෆ් ෂෝල්ඩර් ගවුම ඇගේ මල්වර මංගල්‍යය හැඩ කරන්නත් කදිමයි. මේ ගවුම මැසීමේදී ඔබට කැමැති වර්ණයක රෙදි කොටසක් සහ එයට ගැළපෙන නෙට් රෙද්දක් තෝරාගත හැකියි.

අවශ්‍ය මිමි
උරහිස: අඟල් 14
කරවට: අඟල් 13
පපුව දක්වා උස: අඟල් 9
ඉණ දක්වා උස: අඟල් 14
පපුවවට: 32
ඉණවට: අඟල් 28
කර ගැඹුර: 6
ඔපනැලි අතර පළල: අඟල් 6
මිමි ගැනීම
මෙම ගවුම් නිර්මාණය සඳහා සාය සහ බ්ලවුසය වෙන වෙනම සාදා ඇත. ප්‍රින්සස් ලයින් එකක් කපා ඇති බැවින් පතරොමක් සාදා ගන්න. බ්ලවුසය සඳහා පතරොමක් සාදාගන්න. පතරොම සඳහා නැම්මට තබාගන්න.
ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම් දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2ක් එකතු කර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.
කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කර මූලික කර අඳින්න.
E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත් කර හරහට රේඛාව අඳින්න. වාටිය සඳහා මැහුම්වාසි තබාගන්න.
අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි. අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.
ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදන්න. එම පිළිතුරට ඩාට් සඳහා (අඟල් 1 1/2 / 2) එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. අංශයට මැහුම්වාසි තබා ගන්න.
අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක්
අඩු කර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.
ඔපනැලි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. K සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. K මැද ඩාට් පළල දෙකට බෙදා L සිට දෙපසට ලකුණු කර K ලක්ෂ්‍යයට යා කරන්න. එතැන් සිට අත්කටේ මැද ලක්ෂ්‍යයට ප්‍රින්සස් ලයින් හැඩය අඳින්න. මැහුම්වාසි තබා කපා ගන්න.
පසුපස
පසුපස සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් 1ක් තබා රේඛාවක් අඳින්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබාගන්න. ඉදිරිපස පතරොම ගානට පසුපස කපන්න. ඔබට අවශ්‍ය නම් පසුපස නැම්මට ද කපා ගත හැකියි.
ඉදිරිපස හා පසුපස පතරොම දිග හැර එක් පැත්තක කරේ සිට අනික් පැත්තේ කරට රූප සටහනේ පරිදි කර ඇඳගන්න.
ෆ්ලෙයාඩ් සාය
සාය සඳහා රෙදි කොටස පහතට දෙකට නවා නැවත ත්රිකෝණාකාරව නවන්න. ඉණවට ප්‍රමාණය 3න් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AB වේ. AB පිළිතුරට උස හා මැහුම් වාසි එකතු කර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපා ගන්න.
මෙම ගවුම සඳහා නෙට් එකක් ද භාවිත කර ඇති බැවින් නෙට් එක ද ෆ්ලෙයාඩ් ආකාරයට කපා ගන්න. අත සඳහා ෆ්‍රිල් (Frill) එකක් භාවිත කර ඇත. එය තට්ටු කීපයකට ඔබට අල්ලා ගැනීමට පුළුවන. බ්ලවුසය කැපීමේදී ප්‍රධාන රෙදි කොටසක් සහ ලයිනින් එකක් භාවිත කර කැපීම වඩා සුදුසුය.
මැසීම
ප්‍රින්සස් ලයින් හැඩය මසන්න.
උරහිස මසන්න.
කරට හා අත්කටට පේෂින් අල්ලා ගන්න.
සාය කොටස අල්ලා ගන්න.
පසුපසට සිපර් එක අල්ලන්නේ නම් පසුපසට අල්ලා ගන්න.
අංශය මසන්න.
MODEL – එවින්්යා
Line Art – නිරංජන්
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
