වර්තමානයේ වේගයෙන් වෙනස් වන විලාසිතා ලොව තුළ ඇතැම් නිර්මාණ කාලයත් සමඟ මැකී ගියද, තවත් සමහර නිර්මාණ සදාකාලික මතකයන් බවට පත්වෙයි. එවැනි සුවිශේෂී විලාසිතාවක් ලෙස ‘Clover’ ආභරණ හැඳින්විය හැකිය. අද වන විට ලෝක ප්‍රකට සුපිරි තරු මෙන්ම මෙරට තරුණියන් සහ කාර්යාලයීය යුවතියන් අතර ද අතිශය ජනප්‍රිය වී ඇති මෙම ක්ලෝවර් පත්‍රයක හැඩය ගත් ආභරණ, හුදෙක් ආභරණයක් පමණක් නොව ඉහළ සමාජ තත්ත්වයක් සහ අභිමානයක් නිරූපණය කරන සලකුණක් බවට පත්ව තිබේ.

ක්ලෝවර් පත්‍රයේ සැඟවුණු අරුත
ක්ලෝවර් පත්‍රයක අඩංගු සෑම පෙත්තකින්ම ජීවිතයට ඉතා ගැඹුරු සහ වැදගත් අර්ථයක් ලබා දෙයි. සාම්ප්‍රදායික බටහිර විශ්වාසයන්ට අනුව, මෙහි පළමු පෙත්තෙන් ‘ඇදහිල්ලත්’ (Faith), දෙවැනි පෙත්තෙන් ‘බලාපොරොත්තුවත්’ (Hope), තුන්වන පෙත්තෙන් ‘ආදරයත්’ (Love) නිරූපණය වේ. සොයා ගැනීමට ඉතා අපහසු, දුර්ලභ හතරවැනි පෙත්තෙන් ‘වාසනාව’ (Luck) සංකේතවත් කරයි. මේ නිසාම, තමන්ගේ වාසනාව උදෙසා හෝ තම ජීවිතයේ ඉතාම සමීපතම ආදරණීයයන්ට සුබ පැතීමක් ලෙස තෑගි දීමට බොහෝ දෙනෙක් ක්ලෝවර් පෙන්ඩන්ට් එකක් තෝරා ගැනීමට උනන්දු වෙති.
සරල බව තුළ සැඟවුණු ප්‍රභූ පෙනුම
Clover විලාසිතාවේ ඇති ප්‍රධානතම ආකර්ෂණය වන්නේ එහි ඇති සරලත්වයයි. අධික ලෙස ඔප දැමූ හෝ විශාල ගල් ඇල්ලූ ආභරණ වෙනුවට, ඉතා සියුම්ව නිමවා ඇති මෙම පෙන්ඩන්ට් මඟින් පැලඳ සිටින්නාට ‘Classic’ සහ ‘Minimalist’ පෙනුමක් එක් කරයි. විශේෂයෙන්ම ඔබ රැකියාවට යන යුවතියක් නම්, ඕනෑම ඇඳුමකට ගැළපෙන අයුරින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
මෙම විලාසිතාවේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඕනෑම වර්ණයකින් සහ අමුද්‍රව්‍යයකින් මෙය නිමවා තිබීමයි. කළු පැහැති (Onyx) ක්ලෝවර් පෙන්ඩන්ට් රාත්‍රී සාදයන් සඳහා රාජකීය පෙනුමක් ලබා දෙන අතර, මුතු පැහැති (Mother of Pearl) පෙන්ඩන්ට් දිවා කාලයේ විලාසිතා සඳහා මෘදු බවක් සහ කාන්තිමත් බවක් එක් කරයි. ඔබ රන්වන්, රෝස් ගෝල්ඩ් හෝ රිදී පැහැති මාලයක් සමඟ මෙය පැලඳුවද, එයින් ඔබේ පෙනුමට නවීන සහ ප්‍රභූ පෙනුමක් නිතැතින්ම හිමිවේ.
ඔබේ පෙනුම ඔපවත් කරගන්නා ආකාරය
Clover පෙන්ඩන්ට් එකක් නිවැදිව පැලඳීම මඟින් ඔබ බලාපොරොත්තු වන පෙනුම තවත් තීව්‍ර කරගත හැකිය. ඒ සඳහා මෙන්න උපදෙස් කිහිපයක්:
Layering ක්‍රමය:
ඔබ වඩාත් නවීන පෙනුමක් බලාපොරොත්තු වන්නේ නම්, තනි මාලයක් වෙනුවට දිගින් වෙනස් වන Clover මාල දෙකක් පැලඳිය හැකිය. මෙය වර්තමානයේ ඉතා ජනප්‍රිය ක්‍රමයකි.
වර්ණ ගැළපීම:
තද වර්ණ සහිත ඇඳුම්, එනම් කළු, රතු හෝ තද නිල් පැහැති ඇඳුම් සඳහා රන්වන් පැහැති Clover පෙන්ඩන්ට් එකක් භාවිත කිරීමෙන් වඩාත් කැපී පෙනෙන සුන්දරත්වයක් එක් කළ හැකිය.
සම්පූර්ණ කට්ටලය (The Set):
මාලයට අමතරව එම හැඩයේම කුඩා කරාබු යුගලක් සහ අත් පලඳනාවක් භාවිත කිරීමෙන් ඔබේ පෙනුම වඩාත් පිළිවෙළට සහ ගාම්භීරව දිස්වනු ඇත. මෙය විශේෂයෙන්ම මංගල උත්සව වැනි අවස්ථාවලට ඉතා යෝග්‍ය වේ.
ඇඳුමේ ගෙල හැඩය:
ක්ලෝවර් පෙන්ඩන්ට් එකක හැඩය වඩාත් හොඳින් ඉස්මතු වන්නේ V- හැඩයේ කර සහිත ඇඳුම් සමඟ පැලඳීමේදී ය.
ගුණාත්මක බව පවත්වා ගැනීම
ඔබේ ආභරණ කට්ටලය සැමවිටම පිරිසුදු ලෙස තබා ගැනීම එහි දීප්තිය රැක ගැනීමට අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ විවිධ වයිරස සහ විෂබීජ පැතිරෙන වපසරියක වුවද, ආභරණ නිතර මෘදු රෙදි කඩකින් පිසදැමීමෙන් ඒවායේ ඔපය රැකගත හැකිය. මෙය ඔබේ නිවෙස තුළදීම ඉතා පහසුවෙන් කළ හැකි සරල සත්කාරයකි.
විශේෂයෙන්ම මවුපියන් සිය දියණියන්ගේ විශේෂ ජයග්‍රහණ සැමරීමේදී හෝ උපන් දින තෑග්ගක් ලෙස Clover පෙන්ඩන්ට් එකක් ලබා දීමට උනන්දු වන්නේ එය වාසනාවේ සංකේතයක් බැවිනි. එමඟින් දියණියකගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට ලැබෙන පිටිවහල බරපතළ ලෙස සුබවාදීව ඇයට බලපානු ඇත.
සෑම කාන්තාවක්ම තම පෞරුෂය ඉස්මතු කිරීමට කැමැතිය. ඔබේ ආත්ම විශීවාසය ඉහළ නංවන, වාසනාව සහ ආශිර්වාදය සංකේතවත් කරන Clover ආභරණයක් අදම ඔබේ එකතුවට එක්කර ගන්න. එය ඔබේ සුන්දරත්වයට වටිනාකමක් මෙන්ම ඔබේ ජීවිතයට නව ආලෝකයක් ද වනු නිසැකය.
TEXT – ඉඳුෂා ආශිංසනී තෙන්නකෝන්
