Monday, February 23, 2026
Epaper
Home Recipeහැමදාම හදන විදිහට නැතුව මාළු මිරිස් මෙහෙම හදලා බලන්න

හැමදාම හදන විදිහට නැතුව මාළු මිරිස් මෙහෙම හදලා බලන්න

by Shanaka Lakehouse


මාළු මිරිස් කට්ලට්

සන්ධ්‍යා කාලයේ තේ පැන් සංග්‍රහයකට කදිම කෑමක්

අවශ්‍ය ද්‍රව්‍ය:

තරමක ලොකු මාළු මිරිස් කරල් 5

තම්බා පොඩි කරගත් ලොකු අල ගෙඩි 1

තම්බා පොඩි කරගත් මාළු හෝ සැමන් කෑලි 2

කුඩා කොටුවලට කපාගත් ලොකු ලූනු ගෙඩි 1

චොප් කරගත් අමුමිරිස්

කරල් 2

ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2,

මිරිස් කුඩු තේ හැඳි 1,

අමු තුනපහ තේ හැඳි 1,

කෑලි මිරිස් තේ හැඳි 1

දෙහි ඇඹුල් සහ රස අනුව ලුණු

බිස්කට් කුඩු සහ බැදීමට පොල්තෙල්

තැවරුම සඳහා (Batter):

පාන් පිටි 150g

බිත්තර 1

රස අනුව ලුණු

සාදන ක්‍රමය:

මාළු මිරිස් හොඳින් සෝදා තෙතමාත්තු කරගන්න. මැදින් කුඩා කැපුමක් යොදා සෙමින් එහි ඇට ඉවත් කරගන්න.

පෑන් එකක් ළිප තබා තෙල් රත්වන විට එයට ඉඟුරු සුදු ලූනු පේස්ට් එකතු කර බැදගන්න. එය බැදීගෙන එන විට සිහින්ව කපාගත් ලූනු, අමුමිරිස්, මාළු සහ අල එකතු කර කලවම් කරන්න. එයට කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු රස අනුව එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න. ළිපෙන් ඉවත් කර දෙහි බෑයක ඇඹුල් එකතු කර කලවම් කරන්න.

බැටර් එක සාදන ක්‍රමය:

පාන් පිටිවලට බිත්තරය සහ ලුණු එකතු කර, වතුර ටික ටික එක් කරමින් හොඳින් විස්ක් (Whisk) කර උකු බැටර් එකක් සාදාගන්න.

දැන් සාදාගත් අල-මාළු මිශ්‍රණය මාළු මිරිස් කරල් ඇතුළට සෙමින් පුරවාගන්න. ඉන්පසු කරල් බැටර් එකේ දවටා බිස්කට් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.​සෝස් වර්ගයක් සමඟ උණුවෙන්ම පිළිගැන්විය හැකියි.

මාළු මිරිස් මිශ්‍ර බිත්තර බැදුම

බත් පතට වගේම රොටි, පාන් සමඟ කන්න කදිම ව්‍යංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය:

මාළු මිරිස් 250g

බී ලූනු ගෙඩි 2

හොඳින් ඉදුණු ලොකු තක්කාලි ගෙඩි 1

තම්බාගත් බිත්තර 4

කෑලි මිරිස් මේස හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/4

අබ තේ හැඳි 1/4

රස අනුව ලුණු

පොල්තෙල් මේස හැඳි 2

සාදන ක්‍රමය:

මාළු මිරිස් කරල් වෙන් නොවන ලෙස දිග අතට කපාගන්න. ලූනු සිහින්ව කපාගන්න, තක්කාලි ලොකු කෑලි කපාගන්න. තම්බාගත් බිත්තර දෙකට කපා වෙන්කරගන්න.

ඇතිලියක් ළිප තබා රත්වන විට එයට පොල්තෙල් එකතු කරන්න. තෙල් රත්වන විට අබ එකතු කර පුපුරන විට එයට මාළු මිරිස් කරල් එක් කර හොඳින් තෙලෙන් බැදගන්න. (මෙහිදී ලිපේ ගින්දර අඩු කරගන්න). මාළු මිරිස් තෙලෙන් බැදීගෙන එනවිට එයට කපාගත් ලූනු, තක්කාලි, රම්පෙ සහ කරපිංචා එකතු කර හොඳින් කලවම් කරගන්න. දැන් රස අනුව ලුණු එකතු කරන්න.

ඊළඟට එයට කහ කුඩු, කෑලි මිරිස් එකතු කර හොඳින් කලවම් කරන්න. ලූනු සහ තක්කාලි හොඳින් මැලවීගෙන එද්දී එයට තම්බා කපාගත් බිත්තර එකතු කරගන්න. බිත්තර එක් කළ පසු ඒවා නොකැඩෙන සේ ඉතා සෙමින් කලවම් කරන්න. තවත් විනාඩි පහක් පමණ තබා ළිපෙන් ඉවත් කර දීසියකට දමා උණුවෙන්ම පිළිගන්වන්න.

 


මාළු මිරිස් සලාදය

නැවුම් ගතියට කෑම මේසයට ගුණදායී සලාදයක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

මාළු මිරිස් කරල් 2

රතු ලූනු ගෙඩි 12-15

හොඳින් ඉදුණු රතු තක්කාලි ගෙඩි 1

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

දෙහි ඇඹුල් සහ රස අනුව ලුණු

ඔලිව් ඔයිල් තේ හැඳි 1

සාදන ක්‍රමය:

මාළු මිරිස් සිහින් රවුම් පෙති කපාගන්න. රතු ලූනු සිහින්ව කපාගන්න, තක්කාලි කොටු හැඩයට කපාගන්න. දීසියක් ගෙන එයට කපාගත් මාළු මිරිස්, රතු ලූනු සහ තක්කාලි එකතු කරන්න. එයට ගම්මිරිස් කුඩු, දෙහි ඇඹුල් සහ ඔලිව් ඔයිල් එක් කර හොඳින් අනාගන්න. මෙය ඉතා රසවත් වගේම ගුණදායී සලාදයකි.

කුකුළු මස් මිශ්‍ර මාළු මිරිස් කරිය

සාම්ප්‍රදායික චිකන් කරියට වඩා වෙනස්ම රසයක්!

අවශ්‍ය ද්‍රව්‍ය:

මාළු මිරිස් 250g

කුකුළු මස් 200g

ලොකු ලූනු ගෙඩි 1, තක්කාලි ගෙඩි 2, අමුමිරිස් කරල් 2

රම්පෙ, කරපිංචා, ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 2

කුරුඳු අඟලක කෑල්ලක්, එනසාල් 3, කරාබුනැටි 3

සුදුදුරු තේ හැඳි 1, මිරිස් කුඩු මේස හැඳි 1, ගම්මිරිස් මේස හැඳි 1

බැදපු මිරිස් කුඩු තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4

මිටිකිරි අඬු කෝප්ප 1

රස අනුව ලුණු සහ තෙල්

සාදන ක්‍රමය:

මාළු මිරිස් සහ කුකුළු මස් ලොකු කෑලි කපාගන්න. ලූනු සහ තක්කාලි සිහින්ව කපාගන්න. එනසාල්, කුරුඳු සහ කරාබුනැටි සැහැල්ලුවෙන් තළාගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?