

මේෂ ලග්නය
රවි මාරුවත් සමඟ අලුත් වැඩ පටන් ගත හැකි උත්සාහයෙන් වැඩ කරන්න පුළුවන් කාලයක්. ගෙදර තත්ත්වය තරමක් යහපත් අතට පැවතුණත් නිතර විටින් විට මත ගැටුම් මතුවෙන්න පුළුවන්. විදෙස්ගත වීම බලාපොරොත්තු වන අයට සුබ කාලයක්. දරුවෝ වෙනුවෙන් වැඩිපුර කැප කිරීමක් කරන්න වෙන කාලයකි. රැකියා අංශයේ උසස් තත්ත්වයක් අධ්‍යාපන කටයුතු උදරය ආශ්‍රිත රෝගී තත්ත්ව මෙන්ම අස්ථි සම්බන්ධ රෝගවලින් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම නීති ප්‍රශ්නවලට පැටලෙන්න යෝග ඇති බැවින් බොහොම පරිස්සමින් රැකියා සහ තම කටයුතු කරගෙන යන්න.

වෘෂභ ලග්නය
නොසිතූ ලෙස ඉක්මන්කාර ගති, කේන්තිකාර ගති වැඩිපුර යෙදේ. ගෙදර දොර තත්ත්වය තරමක් කලකිරීම් ලෙස ඇතිවන අතර ආදායම් තත්ත්වය තරමක ප්‍රශ්න ඇති කරයි. කාන්තා පාර්ශ්වයෙන් උදවු උපකාර හිමිවන මාසයකි. අනුකම්පාව නිසා කරදර මතු කරයි. රැකියා ස්ථානයේ කරදර මතුවෙයි. දුරදිග බලා තීන්දු තීරණ ගන්නා කාලයකි. විවාහ මංගල යෝග ස්ථිර වේ. සෙම් රෝග පිත් ආශ්‍රිත රෝග නහර ගත ආබාධ මතුවිය හැකියි.

මිථුන ලග්නය
ස්ථිර තීන්දු තීරණ ගන්නා මාසයකි. කේන්තිකාර ගති නිසා පවුලේ අාරවුල් මතුකරයි. විවාහක අන් පාර්ශ්වය හා නිතර ගැටේ. තම තත්ත්වය ප්‍රබලත්වය ඉස්මතු කර පෙන්වීමට නිතර උත්සාහ ගනී. රැකියා අංශයේද ලැබීම් මතුවේ. මංගල යෝග උදාවේ. යහපත් දරුඵල උදාකරයි. අධ්‍යාපනයට සුබ වන අතර අලුත් අධ්‍යාපන කටයුතුවලට මඟ සෑදේ. නීති අංශය, ඉංජිනේරු අංශයේ සාර්ථක ප්‍රතිඵල උදාවේ. විවාහ ජීවිතය බොහෝම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුවේ. සෙම් රෝග හා වයිරස් රෝග මතුවේ.

කටක ලග්නය
බලවත් සිතුවිලි ඇති කරන කාලයකි. අනුකම්පාසහගත ගති සහ තමන්ගේ පවතින දුර්වලතාවයන් නිසා අන් අය තමන්ගේ ප්‍රයෝජන ගන්නා කාලයකි. රැවටීමට මුළාවට ලක්වීමට ඉඩ ඇත. අලුතින් විවාහ වූ අයට පිනට දහමට බර වෙයි. රැකියාවේ නිරත අයට තරමක් සුබදායකයි. වියදම තරමක් ප්‍රවේශමෙන් කර ගත යුතුයි. අධ්‍යාපනයට යහපත් වන අතර සතුරු කරදර ඇති විය හැකියි. අලුත් දේවල් ඉගෙනීමට සුබ කාලයකි. සෙම් අධික වීම නිසා ඔළුවේ අමාරු සහ ලේ ආශ්‍රිත රෝගවලින් ප්‍රවේසම් වන්න.

සිංහ ලග්නය
අෂ්ටම ඒරාෂ්ටක කාලයක් ගෙවන බැවින් මේ කාලයේදී විවාහය පිළිබඳව බොහෝ ප්‍රවේශමෙන් යා යුතුයි. ගෘහයේ තමා අතින් විය යුතු යුතුකම් බැහැර හැරීම නිසා ගෙදර ප්‍රශ්න වැඩි වෙයි. යටත් නොවනා ගති නිසා විවාහ වෙන්වීම්වලට පවා යෝග ඇත. වාහන පදවන්නේ නම් ප්‍රවේශම් වන්න. ආදායමෙන් දියුණුවක් ලද හැකියි. ඉදිකිරීම් කටයුතුවලට සුබ කාලයකි. විදෙස්ගත වීමටද යෝග ඇත. අලුත් දේවල් ඉගෙනීමට මඟ සෑදේ. අධ්‍යාපනයට සුබයි. ලෙඩ රෝග වශයෙන් ශාරීරික අප්‍රාණිකතා, අස්ථි සම්බන්ධ රෝග මස්පිඬු වේදනා නිතර වෙයි.

කන්‍යා ලග්නය
ගෙදර දොර තත්ත්වය යහපත් වේ. විවාහයේ ප්‍රශ්න ඇතිවෙයි. දූ දරුවන්ගෙන් යහපත්ය. රැකියා අපේක්ෂිත අයට මෙම මස අවසානයට පෙර රැකියා ලැබෙයි. වියදම් පාර්ශ්වය තරමක් සකසුරුවම් වෙයි. විවාහ මංගල කටයුතු යහපත් වේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු අයට හවුල් ව්‍යාපාරවලට ආරාධනා ලැබෙන අතර ඉතා ප්‍රවේසමෙන් එම තීරණ ගත යුතුයි. කාලයක සිට ඉතිරි කරන ලද ධනයක් නිෂ්ඵල ලෙස නැතිවීමට යෝග ඇති බැවින් ප්‍රවේසම් වන්න. අධ්‍යාපනයට ශුභ කාලයකි. ලේ ආශ්‍රිත රෝග, සෙම් කෝපවීම් හා ශාරීරික උෂ්ණාධිකතා උදරය, යටි බඩ, මූත්‍රා ආශ්‍රිත රෝග මතුවේ.

තුලා ලග්නය
ලැබීම් ඇති කරන යහපත් මාසයකි. අතමිට මුදල් ගලා එන මාසයකි. ඉදිරිය බලා වැඩ කටයුතු අරඹයි. මංගල කටයුතු උදාවේ. තාක්ෂණයේ ඉංජිනේරු කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට ඉතා සුබයි. විවාහයේ පෙර පැවැති සුළු සුළු මත ගැටලු කෙමෙන් මැකී යයි. දරුවන්ට ශුභය. යහපත් දරුඵල උදා කරයි. රැකියා අංශෙය වෙනස්කම් මතුවේ. තමාට සුදුසු තැන හිමිවන කාලයකි. කාන්තා පාර්ශ්වයෙන් තරමක් ප්‍රවේසම් වන්න. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව මුහුණුවරක් ඇතිවේ. විදෙස් ගමන් බිමන්ද ඇතිවේ.

වෘශ්චික ලග්නය
තනි අදහස් දරන කාලයකි. එය පවුල් ජීවිතයේ බොහෝ ප්‍රශ්න ගැටලු මතුකරයි. මංගල යෝග උදාවේ. පිටස්තර අයගේ මැදිහත්වීම විවාහයට තදින් බලපාන මාසයකි. දරුවන්ගෙන් සුඛයි. රැකියා අංශයේ අලුත් තත්ත්ව මතුවේ. දියර ආශ්‍රිත ව්‍යාපාරයේ නියුතු අයට ව්‍යාපාර දියුණුව මතු කරයි.
අලුත් අධ්‍යාපනයට මඟ සෑදේ.

ධනු ලග්නය
තම බලය වැඩිවන කාලයකි. රැකියාවේ ව්‍යාපාරයේ සහ තම පවුලේ මූලිකත්වය තම අත මතට පැන නැගේ. අධි නීතිකාරී සිතුවිලි මතු කරයි. මංගල යෝග මතු කරයි. විවාහය ස්ථීර වේ. අධ්‍යාපනයට සුබ කාලයකි. යහපත් දේ කළද ඉන් යහපත් ප්‍රතිඵලය තමාට නොලැබේ. සිත් රිදවා ගන්නා කාලයකි. මෙතෙක් ප්‍රමාද වෙමින් තිබූ තමන්ගේ තත්ත්වය උසස් වන යෝග ඇත. විදෙස් ගමන් සාර්ථක වේ.

මකර ලග්නය
කඩිසර ලෙස එදිනෙදා කටයුතු කර ගනී. අන් අය අතර කැපී පෙනෙන ගති ලක්ෂණ මතුවේ. ගෙදරදොර තරමක් ගැටෙන ස්වභාවය වැඩිවේ. විනෝදකාමී නිදහස් සිතිවිලි ඇති කරයි. පිනට දහමටද යොමු වන කාලයකි. විද්‍යා ක්ෂේත්‍රය තාක්ෂණය, කලා අංශවලින් රැකියා කරන අයට සුඛයි. උසස් ඉගෙනීම් කරන අයට සුබ කාලයකි. ස්ත්‍රී පාර්ශ්වයෙන් සතුරු කරදර වැඩිපුර යෙදෙන බැවින් ප්‍රවේසම් වන්න. උෂ්ණ රෝග නහරගත ආබාධ ඉස්මතු කර ඇතිවිය හැකිය.

කුම්භ ලග්නය
තම බලය පතුරවන කාලයකි. ස්ථිර ගති පැවැතුම් ඇති කරයි. නීතියට අකුරට සියල්ල කරයි. දුරදිග බලා තීන්දු තීරණ ගන්නව සිදුවේ. දුරබැහැර ගමන් බිමන් යෙදේ. විවාහ මංගල යෝග ද යහපත් වන කාලයකි. රැකී රක්ෂා කටයුතුවලට යහපත්ය. අලුත් දේවල් පටන් ගන්නා සුබ කාලයකි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ද ඉහළ යාමක් පවතී. රැකියාවේ උසස් වීම් ඇති කරයි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. විදෙස්ගත බලාපොරොත්තු ද සාර්ථක වේ. අලුත් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. ස්නායු සම්බන්ධ රෝග නහර ගත ආබාධ අස්ථි සම්බන්ධව ප්‍රවේසම් වන්න.

මීන ලග්නය
වියදම තරමක් අධික ලෙස වැඩි වෙන කාලයකි. පිනට දහමට සිත යොමුවේ. විටෙක තමා පිළිබඳව අනුකම්පාසහගත ගති ද ඇති කරයි. අන් අයට උදවු උපකාර කිරීමට පෙලඹෙන කාලයකි. රැකී රක්ෂාවල තරමක් ප්‍රශ්න කරදර ඇති කරයි කරයි. නමුත් බුද්ධිමත්ව සිතා තීරණය කරයි නම් සියල්ල යහපත් කරගත හැකියි. විදෙස්ගත රැකියා යෝග ද උදාවේ. ව්‍යාපාර කරන අයට ඉතා සුබයි. නිතර නිතර සෙම් රෝග ඔළුවට පපුවට බලපෑම් ඇති කරයි. ගමන් බිමන්වලදී පරිස්සම් වන්න.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
