ඩඩ්ලිලාට, රත්නලාට කෝටි ගණන් සල්ලි හොයන්න පුළුවන් වෙන්නයි ඔයාට එහෙම බැරිවෙන්නයි හේතුව මොකක්ද?
එයාලත් දවසට පැය විසි හතරක් තියෙන සාමාන්‍ය මනුස්සයෙක්.. ඔයත් එහෙමයි.
හැබැයි ඔයා අහලා තියෙනවාද සල්ලි තියෙන මිනිස්සු තව තවත් ධනවත් වෙනවා.. සල්ලි නැති මිනිස්සු තව තවත් දුප්පත් වෙනවා කියලා..
ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ඔයාට ඒ ගැන. මේක ඇතුළේ ඔය සල්ලි තියෙන මිනිස්සු නොදැනුවත්ව හෝ දැනුවත්ව එයාලගේ හිතත් එක්ක කරන සෙල්ලම් දෙකක් තියෙනවා..
එකකට අපි කියනවා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා.. අනික තමයි ලෝ ඔෆ් අසම්ප්ෂන්.
ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් නම් ඔයාලා අහලා ඇති.. ඔය විශ්ව මාතාවට ස්තුතියි කියලා පෝස්ට්ස් එහෙම ගොඩක් සෝෂල් මීඩියාස් වල යන්නේ දැකලා තියෙනවා නේද..
ඒ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්. ඒ කියන්නේ ඔයා මොනවාට හරි වැඩියෙන් ෆෝකස් කරගෙන ඉන්නවා නම්, ඔයා මොනවා හරි දෙයක් ගැන හැමවෙලේම හිත හිත ඉන්නවා නම් ඒ දේ වෙනවා කියන එක.. (ඔව් මේක පොසිටිව් වෙන්නත් පුළුවන්, නෙගටිව් දෙයක් වෙන්නත් පුළුවන්) ඒ දේ ලැබුණට පස්සේ ඒකට ග්‍රේට්ෆුල් වෙන එක.
අන්න ඒ නිසා ඔයාගේ හිතත් එක්ක විහිළුවටවත් නෙගටිව් දේවල් කියන්න යන්න එපා.. මොකද එයාට ඒවා නෙගටිව්ද පොසිටිව්ද කියලා වැඩක් නෑ.. එයා ඔයා කියන එක කරලා දෙනවා.
ඊට පස්සේ ලෝ ඔෆ් අසම්ප්ෂන්ස් කියන්නේ මෙහෙම දෙයක්.. හිතන්නකෝ ඔයාට කාර් එකක් ගන්න ඕනෙ කියලා.. ඔයා ඒක ලැබෙන්න කියලා හිත හිතා ඉන්නවා වෙනුවට ඔයා ඒක ලැබිලා වගේ රඟපානවා.. විශුවලයිස් කරනවා.. මේක මරු.. මොකද ඔයාගේ හිත දන්නේ නෑනේ ඔයා මේ කරන්නේ රඟපෑමක් කියලා.. ඒකෙන් ඔයාගේ ඩෝපමීන්, සෙරටොනීන් වගේ හෝමෝන ස්‍රාවය වෙන එක වැඩි වෙනවා.. (ඔව් ඔව් ඔයා සතුටු හිතෙන පොසිටිව් දෙයක් ගැන එහෙම හිතුවොත් විතරයි එහෙම වෙන්නේ)
ඒ වගේම ඔයා නෙගටිව් දෙයක් ගැන එහෙම හිතුවොත් ඔයාගේ කෝටිසෝල් හෝමෝන ස්‍රාවය වෙන එක වැඩි වෙලා ඔයා ස්ට්‍රෙස් වෙන්න ගන්නවා.
හරි දැන් අපි අර මුලින් කීව කතාවට එමු.. හිතන්නකෝ සල්ලි තියෙන ධනවත් කෙනෙක් නිතර නිතර හිතන්නේ එයාගේ ඉන්කම් එක වැඩි කරගන්නේ කොහොමද කියලා, එයාගේ බිස්නස් එක්ස්පෑන්ඩ් කරගන්නේ කොහොමද කියලා.. එයාගේ ඔළුවේ නෙගටිව් දේවල් රන් වුණත් එයා ඉක්මනට ඒවට සොලියුෂන්ස් අරන් එනවා.. ඒවා ගැන හිත හිත ස්ට්‍රෙස් වෙවී එක්ස්කියුසස් දිදී ඉන්නේ නෑ..
එතකොට හරිහමන් මුදලක් අතේ නැති අපි අපේ කට වචනෙට කියන දුප්පත් අය මොකද කරන්නේ.. එයාලා හැමවෙලේම ඉන්නේ නෑ බෑ කියාගෙන… එහෙම නැත්තන් කාටහරි බැණ බැණ. මොනවා කරන්න ගියත් මගින් නවත්වනවා.. එක දිගට අල්ලගෙන අරගෙන යන්න බෑ.. හැමවෙලේම ප්‍රශ්න ගැන හිත හිත ඉන්නවා..
ඉතින් ඒකයි අර මං කලින් කියපු කන්සෙප්ට්ස් එක්ක බැලුවම මේ අය එන්න එන්න දුප්පත් වෙන්නේ.
ඉතින් එක දවසින් රජ වෙන්න බෑනේ. කට්ටක් කන්න ඕනේ. කාලයක් යන්න ඕනේ.. එක්ස්පීරියන්ස් ලැබෙන්න ඕනේ. ඒ දේවල් එක්ක ඔයා ස්ටෙප් බයි ස්ටෙප් ධනවත් වෙනකොට ඔයාට ජීවිතය ගැන එන අවබෝධය මෙහෙමයි කියලා කියන්න බැරි තරම්.
ඉතින් ඔයාගේ හිතට ඔයාව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. ඔයා එයාව කන්ට්‍රෝල් කරලා ඔයාට ඕනේ දේ කරගන්න.
TEXT – මැන්ඩි සිල්වා
