අධික ලෙස ලුණු භාවිතය නිසා අධික රුධිර පීඩනය ඇති විය හැකි අතර, එය ශරීරයේ බිඳවැටෙන්නේ නැතිව පවත්වා ගත යුතු ප්‍රධාන පද්ධතියක් වන හෘද වාහිනී පද්ධතියට සෘජුවම බලපායි.
දිනකට අවශ්‍ය ප්‍රමාණය
සාමාන්‍ය නීරෝගි අයකු දිනකට ලබාගත යුතු උපරිම ලුණු ප්‍රමාණය තේ හැඳි එකකට (ග්‍රෑම් 5 කට) වඩා අඩු විය යුතුය.
සකස් කළ ආහාර (Processed Foods):
සොසේජස්, මීට් බෝල්ස්, ටින් කළ ආහාර සහ ක්ෂණික නූඩ්ල්ස් වර්ගවල අධික ලෙස ලුණු අඩංගු වේ. මෙවැනි ආහාර ලබාගැනීම අඩාළ කිරීම හෝ සීමා කිරීම ඉතා වැදගත් වේ.
රසකාරක වෙනුවට විකල්ප
ආහාර පිසීමේදී ලුණු වෙනුවට ගම්මිරිස්, දෙහි, ඉඟුරු, සුදු ලූනු හෝ වෙනත් ස්වාභාවික කුළුබඩු භාවිතා කිරීමට පෙලඹෙන්නේ නම් එය වඩාත් ගුණදායකයි.
අමතර ලුණු එකතු නොකරන්න
බත් පිසීමේදී හෝ ආහාර මේසයේදී අමතරව ලුණු (Table salt) එකතු කිරීමේ පුරුද්ද අත්හරින්න.
පැකට් කළ ආහාරවල ලේබලය කියවන්න
වෙළඳපොළෙන් ආහාර මිලදී ගැනීමේදී එහි අඩංගු සෝඩියම් ප්‍රමාණය පරීක්ෂා කිරීම නිවැරැදි ක්‍රමයයි.
